SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉ‍ංජිනේරු සංගමය විසින් සිදුකල මාධ්‍ය සාකච්ඡාවක දී

මධ්‍යම අධිවේගයේ සිදුවෙමින් පවතින ව්‍යාජ බිල්පත් ගෙවීමේ වංචාවක් ගැන හෙලිදරව් කිරීමක් සිදුකරන ලදී.

 

මා.සං.අධිකාරියේ ඉංජිණේරු සංගමය ප්‍රකාශ කරන පරිදි , තරඟකාරී ලංසු ඉදිරිපත්  කරමින් සිදුකරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තෝරාගන්නා ලද කොන්ත්‍රාත්කරුවන් විසින් නිශ්චිත අයිතමයන් සඳහා නිශ්චිත මිලගණන් සඳහන් කර තිබී ඇත.

 

ඒ අනුව අදාල ඉදිකිරීම සිදුකරගෙන යන අතර එම අයිතමයන් හා ඊට අදාලව කරන ලද තත්ත්‍ය කාර්‍ය ප්‍රමාණය නේවාසික ඉංජිනේරු විසින් සහතික කර ඇති අතර එම සහතික ප්‍රමාණ සදහා, ඒ ඒ අයිතමයන්ට අදාල එකක මිල ගණන් අනුව ගෙවීම් සහතික කර ඇත.

 

එය දැනට පවතින පිළිගත් කොන්ත්රාත් නීතියන්ට ( contract law ) අනුව අදාල ගෙවීම් සඳහ බිල්පත් සහතික කිරීම සම්බන්දව අනුලංගනීය බලය හිමිවන්නේ එම ව්‍යාපෘතිය භාර නේවාසික ඉ‍ංජිණේරු හටය.

 

එලෙසම යම් හෙයකින් ඉංජිණේරුගේ අනුමත කිරීම් සම්බන්දව කොන්ත්‍රාත් සමාගමට එකඟතාවක් නොවන්නේ නම් එම කොන්ත්‍රාත්  දත්ත වල සදහන් බේරුම් කාරක හරහා බේරුම්කරණය කරගත යුතු අතර ඉන් පසුවද අදාල අයිතමයන්හි තත් කාර්‍ය ප්‍රමාණයන්  සහතික කිරීමේ බලය පවතින්නේද නේවාසික ඉංජිණේරු හටය.

 

එසේ වුවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර 2 ( CP 2 ) කොටසේ ඉදිකිරීම් සිදුකල එක් කොන්ත්‍රාත් සමාගමක් ( ඉදිකිරීම් වංචාවන් සඳහා ක්ෂෙත්‍රයේ කුප්‍රකට සමාගමක් )  සිදු කරන ලද සාමාන්‍ය පස් කැනීම් ( soil excavation ) කාර්‍යයන් සඳහා වූ ගෙවීම්, එම අයිතමය යටතේ බිල් ගත නොකර ඉතා ඉහල මිල ගණන් සදහන් කර ඇති පාෂාණ කැනීම් ( hard rock excavation ) අයිතමය යටතේ ව්‍යාජ ලෙස බිල්පත් සකස් කර තිබී ඇති අතර ඒම ගෙවීම් සහතික කිරීම  ඉංජිණේරුවන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

 

තවද එහිදී අනාවරණය වූ වැඩි දුර කරුණු අනුව  මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකල කොන්ත්‍රාත් වල සිදූවී තිබු විවිධ ගැටලු හේතුවෙන් අධිකරණ තීන්දුවලට අනුව අහවර කර ඊට අදාල ගිවිසුම් ප්‍රකාරව කොන්ත්‍රාත් කාල සීමවේ සිදුකල සියලු ඉදිකිරීම් ඇතුලත් අවසන් බිල්පත් සඳහා ගෙවීම් කර ඇත.

 

WhatsApp Image 2024 08 08 at 09.33.46

 

එසේ තිබියදී කිසිදු හිමිකමක් කියාපැමට නොහැකි තත්වයක් තිබියදීත් කොන්ත්‍රාත් සමාගමක් නැවත කිසියම් හිමිකම් ප්‍රමාණයක් තම කොන්ත්‍රාත් කාලසීමාවේ සිදුකල ලෙස හුවා දක්වමින් ව්‍යාජ හා වංචනික ලෙස බිල්පත් ඉදිරිපත් කොට ඇති අතර එම බිල්පත් සඳහා ගෙවීම් කිරීම ඉංජිනේරුවන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

 

ඒ අනුව ඉහත කාර්‍ය්‍යන් සඳහා කොන්ත්‍රාත් සමාගම විසින් රුපියල් මිලියන 600කට අධික මුදලක් බිල් ගත කොට ඇති බව සඳහන් වේ.

එලෙස ඉංජිනේරුවන් විසින් ගෙවීම් සහතික කිරීම ප්‍රතික්ෂේප කොට තිබියදී මහාමාර්ග අමාත්‍යාංශයේ  ලේකම්තුමාගේ සෘජු මැදිහත්වීමක් මගින් කොන්ත්‍රාත් නිතීන්ට පරිබාහිරව විවිධ කමිටු හරහා මෙම ගෙවීම් සිදුකිරීමේ උත්සහයක් පවතින බව එහිදී  ඉංජිනේරු සංගමය හෙලි කරන ලදී.

 

මෙලෙස ව්‍යාජ හා වංචනික ලෙස ඉදිරිපත් කරන බිල්පත් සඳහා ගෙවීම් කීරීම හේතුවෙන් පවතින කොන්ත්‍රාත් නිතී උල්ලංඝනය වන බවත් මා.සං.අධිකාරියේ ඉංජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තීය භාවය අවසන් කිරීමට උත්සහ දරණ බවත්, අධිකාරියේ සමස්ත ඉංජිණේරුවන් වංචනික ක්‍රියාවන්ට හවුල් වන බවට සමාජය තුල මතයක් ගොඩ නැගෙන බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශකර සිටියි.

 

මැතිවරණයක් ආසන්නයේ කඩිමුඩියේ සිදුකෙරෙන මෙවන් මහාපරිමාණ වංචනික ක්‍රියාවන් මැතිවරණය සඳහා කොන්ත්‍රාත් සමාගම්වලින් අනුග්‍රහය ලබාගැනීම හෝ අවසන් මොහොතේ තම මඩ් තදකර ගැනීම සඳහා කෙරෙන ක්‍රියාවලියක්ද යන්න බරපතල සැකයක් පවතී.

 

මෙලෙස මිලියන ගණනින් මහජන මුදල කොල්ලකන සමාගම් වලට එරෙහිව ක්‍රියාත්මක වනවා වෙනුවට, එම ගෙවීම් සාධාරණීකරනය කොට ගෙවා දැමීමට හදිස්සි වන්නේ කාගේ උවමනාවටද යන්නත් පසුගිය දිනවලදී කඩා වැටුණු පාලම් ඉදිකිරීමට මුදල් නැතැයි කියු එම අමාත්‍යාංශයේ  හා එම නිලධාරීන්ගේ මෙම ක්‍රියාවන් පිළිබඳව විමසිලිමත්ව බදු ගෙවන හා එයින් ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලබන ජනතාව වෙනුවෙන් සොයා බැලිය යුතුය.

 

 

 

නවතම ලිපි