SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් මේ මොහොතේ රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව, අවශ්‍යම ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) පස්වරුවේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රායෝගික වැඩපිළිවෙළේ සාරාංශය රැගත් පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකට ගම්පහ නගරයේ දී එක්වෙමිනි.

 

“රටේ ආර්ථික ප්‍රශ්නය 2028 ට කල් දාලා. 2028න් පස්සේ ආණ්ඩුවට ඕනෙ ණය ගෙවන්න වැඩපිළිවෙළක්. ඒ දක්වා රටේ ආර්ථිකය වර්ධනය කරන වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කරලා තියෙනවා”.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනරජ පක්ෂයේ නායක  පාඨලී චම්පික රණවක;

 

WhatsApp Image 2024 07 18 at 10.53.46

 

“අපි පෙබරවාරි මාසෙ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ කියලා රට ගොඩගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල අපි මහජනයාට, ඒ වගේම පාක්ෂිකයන්ට, පක්ෂ වලට ඉදිරිපත් කරලා අපි කෙලින්ම මහජනයාට ඒක ලබාදෙන වැඩපිළිවෙලක් ඇතිකර ගත්තා. ඒක තමයි මේ වැඩපිළිවෙල. පවුලේ ආදායම වැඩි කරගන්න, පවුලේ වියදම අඩු කරගන්න, රටේ ආදායම වැඩි කරගන්න, බදු ගහන්නේ නැතුව කොහොමද කියන එක, රටේ වියදම අඩු කරගන්න තෙල් මිල, විදුලි බිල, වතුර බිල, ආහාර මිල අපි වැඩපිළිවෙල ඉදිරිපත් ඒක මහජනයාට බෙදා දීම තමයි කෙරෙන්නේ.

 

දැන් මැතිවරණ කොමිසම අතට රටේ ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය ගිහින් තියෙනවා. නමුත් ඇතැම් අය උත්සාහ කරනවා තවදුරටත් මේ තත්ත්වය ව්‍යාකූල කරන්න, අවුල් කරන්න. මැතිවරණයක් නෑ කියලා පෙන්වන විදිහේ වැඩ කටයුත්තකට යන්න. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවේ යම් විසංවාද වගන්ති ගෙනල්ලා. මතක තියාගන්න ඕන ව්‍යවස්ථාවේ වගන්තියක් වෙනස් කරන්න තුනෙන් දෙකේ බලය අවශ්‍යයි. ඒ 2/3 ට අමතරව 83 වෙනි වගන්තිය වැනි වගන්ති වෙනස් කරනවා නම් මේ අවුරුදු 10 ක් විතර පරණ මේ ව්‍යවස්ථා සංශෝධනයේ දහනමවෙනි සංශෝධනයේ තියෙන මේ කුඩා අඩුපාඩු හදන්න නෙවෙයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලිභාවය කීප අවස්ථාවකම ලබාදීලා තියෙනවා. මේ මෑතත් අවස්ථා දෙකකදී ලබාදීලා තියෙනවා.

 

මේක කාලයයි, ධනයයි නිකන් නාස්ති කිරීමක්. ඒ නිසා සැප්තැම්බර් 17 - ඔක්තෝම්බර් 17 ඇතුලේ. රටේ ජනතාවට, රටේ රාජ්‍ය නායකයා තෝරා ගැනීමේ අවස්ථාව ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එය පැවැත්වීම් නැත්නම්, මේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග අතර ගමන් කිරීම වළක්වන්න බෑ. විශේෂයෙන්ම මේ රටේ පාලකයන්, ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු සියලු දෙනාම දැනගත යුතුයි. මේ රටේ මිනිස්සු, සෘජු ක්‍රියාමාර්ගයක් මගින් හිටපු ජනාධිපතිවරයා, හැටනම ලක්ෂයක ජනවරමක්, 52% ක ජනවරමක් ලබාගත් ජනාධිපති පලවා හැරපු විත්තිය.

 

ඒ වගේම මේ රටේ ඒ ආර්ථික ප්‍රශ්නය ණය බර පිළිබඳ කාරණය 2028 ට කල් දැමීමක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් 2028න් පස්සේ ඕන ආණ්ඩුවකට රුපියල් ණය ගෙවන්න ඩොලර් ණය කරන්න වැඩපිළිවෙළක් නොතිබ්බොත් නැවත රට බංකොලොත් වීමේ අනතුර තියෙනවා. ඒ දක්වා කාලය කොහොමද රටේ ආර්ථිකය වර්ධනය කරන්නේ කියන එක තමයි අපි මේ වැඩපිළිවෙලෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල වටා ජනතාව දේශපාලන පක්ෂ, සංවිධාන, පුද්ගලයින් ඒකරාශී කරගෙන ඊළඟ ජනාධිපතිවරණයට නිසි අපේ ඉදිරිපත් කරලා ඒ ජනාධිපතිවරණය හරහා මේ රටේ ආර්ථික වර්ධනයක්, ආර්ථික ස්ථාවරත්වයක් තරුණ පරම්පරාවට අලුත් බලාපොරොත්තුවක් ලබාදෙන්න”.

 

WhatsApp Image 2024 07 18 at 10.53.48

 

ප්‍රශ්නය:

නව පනත හරහා මේ මැතිවරණය නැවත කල් දැමීමේ හෝ අවුරුද්දකට කල් දැමීමේ අවස්ථාවක් තියෙනවද?

 

පිළිතුර:

නෑ එහෙම කිසිම අවස්ථාවක් නෑ ඒක පාර්ලිමේන්තුවේ අනුමත වීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම ඒකට කල් යනවා. ඒ වගේම අවශ්‍ය නම් ඒක පාර්ලිමේන්තුවේ අනුමත වුණාට පස්සේ ජනාධිපතිවරයාට ජනමත විචාරණයක් කැඳවන්න පුළුවන්. නමුත් මං හිතන්නේ මේ රටට දැන් මේ මොහොතේ අවශ්‍ය අවුරුදු දහයක් තිස්සේ අධිකරණයෙන් විවිධ විවරණ අවස්ථා ගණනාවකදී ලබා දීපු මේ ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි දැන් මේ වෙලාවේ අවශ්‍යම රටේ ජනාධිපතිවරණය පැවැත්වීම. ඒ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඒ සඳහා රට සූදානම් විය යුතුයි.

 

ප්‍රශ්නය:

මේ ජනාධිපතිවරයා වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ හිටිය පුද්ගලයෙක් සහ බුද්ධිමතෙක් කියලා කියන්නේ. මේ කරන වැඩත් අනුව ඉදිරියේදී පොදු අපේක්ෂකයා විදිහට ආවොත් ඔබතුමාලට පුලුවන්ද සහයෝගය දෙන්න..?

 

පිළිතුර:

නෑ කිසිසේත්ම රාජපක්ෂවරුන්ගේ සහයෝගය ලැබෙන කිසිම අපේක්ෂකයෙකුට අපේ සහයෝගය ලැබෙන්නේ නෑ. රාජපක්ෂවරු තමයි මේ රට බංකොලොත් වීමට මේ රටේ ජනතාවගේ මේ ව්‍යයසනටට වග කියන්න ඕනෙ. අවුරුදු 18 ක්,  2042 වෙනකන් අපට තියෙනවා ණය ගෙවන්න. ඒ තත්ත්වය රටට උදා කළේ ඒගොල්ලෝ. ඒ වගේම ආර්ථික අපරාධ කරපු තෙල් සංස්ථාව බංකොලොත් කරපු, විදුලිබල මණ්ඩලය අහේනියට යවපු, රටේ ආහාර පද්ධතිය විනාශ කරපු පොහොර තහනම් කරලා, ඖෂධ පද්ධතිය විනාශ කරලා, රටේ බෙහෙත් හේත් නැති කරලා, මිනිස්සු, කොවිඩ් කාලේ මියගියේ, මේ සියලු දෙනා වෙනුවෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වලා, රටට යුක්තිය ඉටු කරන්න අපි වැඩපිළිවෙල යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මේ අවම වැඩපිළිවෙලට එකඟතාවය පළ කරන අයත් එක්ක විතරයි අපි දේශපාලනය කරන්නේ.

 

ප්‍රශ්නය:

ඉදිරියේ කා එක්කද ඔබතුමාලා දැනට තීරණය කරලා තියෙන්නේ?

 

පිළිතුර:

දින ගණනාවක් තියෙනවා ඒ ගැන තීරණය කරන්න. ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සේ අපි අපේ සහය දෙනවාද එහෙම නැත්නම් අපි ඉදිරිපත් වෙනවද? කවර අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද කියන කාරණය රටට හෙළි කරනවා.

 

ප්‍රශ්නය:

රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා තියෙනවා අධිකරණ බලයට වඩා පාර්ලිමේන්තු බලය වැඩියි කියලා..?

 

පිළිතුර:

රටේ අධිකරණ බලය ව්‍යවස්ථාවෙන් ලබාදීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව තමයි නීති හදන තැන. ඒ නීති හදන තැන ඒ බලය අධිකරණයට පවරලා තියෙනවා. එහෙමයි කියලා අපි අධිකරණයට ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා සියලුම ව්‍යවස්ථා සංශෝධනවලින් පසුගිය කාලේ. ඒ නිසා අධිකරණයේ ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා අධිකරණ විනිසුරුවන්ට පහරදීම හෝ අධිකරණ ක්‍රියාමාර්ග විවේචනය කරන්න එහෙම බෑ. නමුත් අධිකරණයට ඒ බලය ලැබිලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් තමයි. ඒක ව්‍යවස්ථාවෙන් තියෙන දෙයක්. හැබැයි අධිකරණයේ ස්වාධීනත්වය, මේ රටේ සමස්ත මහජනයාම බලාපොරොත්තු වෙන දෙයක්. විනිසුරන්ට පහර දෙන එක, විනිසුරන් විවේචනය තමන්ට තීන්දු නොලැබුණාම අධිකරණයට අවමාන කරන එක පිළිබඳ ඉතිහාසයක් අපට තියෙනවා. අපි දන්නවා මේ ගම්පහ සාම විහාරයේ නායක හාමුදුරුවන්ගේ නඩුව. ඒ නඩුව එක්කම අපි දැක්කා විනිසුරන්ගේ ගෙවල් වලට ගල් ගැහුවා ගිහිල්ලා. ඉතින් එවැනි තත්ත්වයන් එක්ක ශිරාණි බණ්ඩාරනායක සිද්ධිය දක්වා හරිම අවාසනාවන්ත සිදුවීම් වුණා. ඒ වගේ තත්ත්වයක් යළි ඇතිවෙන එක වැළැක්වීමට අපි කටයුතු කරන්න ඕන. ඒකට අපි ඉඩ දෙන්නෑ. පාර්ලිමේන්තුවේ අනුමත කරලා, අධිකරණයේ දේවල් වෙනස් කරන්න බෑ. අධිකරණයේ නිශ්චිත බලතල ප්‍රමාණයක් ව්‍යවස්ථාවෙන් ලබාදීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ඒක අනුමත කරලා තියෙනවා. කිසිම කෙනෙක් අධිකරණයේ ස්වාධීනත්වය කැළැල් වෙන, ස්වාධීනත්වයට බලපෑම් කරන දේවල් වලට එකඟ වෙයි කියලා හිතන්න බෑ.

 

මෙම අවස්ථාව සඳහා පක්ෂ ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, උප සභාපතිවරුන් වන තීක්ෂණ ගම්මන්පිල, ප්‍රියදර්ශනී ආරියරත්න, නියෝජ්‍ය ලේකම් (අරමුදල්), ගම්පහ ආසන සංවිධායක, මධ්‍යම කාරක සභික ඉංජිනේරු අමිල් ප්‍රියන්ත, කාන්තා අංශ සභාපති ධාන්‍යා සමරසිංහ, තරුණ අංශයේ සභාපති ඉසුරු උද්දීප  ඇතුළු පිරිසක් සහභාගී විය. මෙම අවස්ථාව සංවිධානය කළේ ගම්පහ දිස්ත්‍රික් කළමනාකාර නලින්ද ජයවර්ධන, ගම්පහ කාන්තා කටයුතු සම්බන්ධීකාරක වොරාජි සමරසිංහ, ගම්පහ තරුණ කටයුතු සම්බන්ධීකාරක දේවින්ද වික්‍රමාරච්චි, ජගත් ගුණරත්න යන අය විසිනි.

 

WhatsApp Image 2024 07 18 at 10.53.44WhatsApp Image 2024 07 18 at 10.53.45WhatsApp Image 2024 07 18 at 10.53.49WhatsApp Image 2024 07 18 at 10.53.451WhatsApp Image 2024 07 18 at 10.53.461

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි