SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මගින් අනිවාර්යයෙන් කර්මාන්ත, හෝටල් සහ විශේෂයෙන් ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා 20% කවත් විදුලි ගාස්තු අඩු කිරීමක් ලබා දිය යුතු බව

ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු සභාපතිවරයෙකු වන, එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ විදුලිය ගාස්තු අඩු කිරීම ද, යෝජිත මට්ටමට වඩා අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (9) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් සංවිධානය කරන ලද යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ අදහස් විමසීමේ වැඩසටහනකට එක්වෙමිනි.

 

“මේ අපි 2024 විදුලි බිල සංශෝධනය කිරීමට පැමිණිලා තියෙන දෙවනි අවස්ථාව. පළමු අවස්ථාවේ යම් විදුලි බිලට යම් සහනයක් ලැබුණා. ගාස්තු අඩු කිරීමක් සිද්ධ වුණා. හැබැයි ඒ ගාස්තු අඩු කිරීම අප බලාපොරොත්තු වුණාට වඩා බොහොම අඩුවෙන් සිද්ධ වුණේ. අපි බලාපොරොත්තු වුණා 30% විතරවත් අඩුවීමක් සිද්ධ වෙන්න. එවකට තිබූ යථාර්ථවාදී දත්ත අනුව. නමුත් ඊට වඩා අඩු ප්‍රමාණයකින්. දැන් මේ අවස්ථාවේ යෝජනාවෙත් විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ගෘහස්ථ පරිභෝජකයින්ගේ විදුලි ගාස්තු අඩු කිරීමක් සැලකිය යුතු මට්ටමෙන් යෝජනා වෙලා තියෙනවා. ඒක බොහොම බොහොම හොඳයි. හැබැයි ඒකත් ඊට වඩා අඩු කරන්න පුළුවන්. අඩු කරන්න පුළුවන් හේතු කිහිපයක් හැටියට ගත්තොත් ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කරලා තියෙන ජල ධාරිතාවට වඩා 120 ක විතර වැඩිවීමක් දැනට තියෙනවා. ඒ දත්ත. වැරදියි ඇත්තටම. විදුලිබල මණ්ඩලය. ඒ වගේම දැනට තියෙන කාලගුණ තත්වය මත හා කාලගුණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, ඒ ධාරිතාව, යම් කාලෙකට වැඩිවීමකුත් දකින්න තියෙනවා. ඒ නිසා මේ යථාර්තවාදී දත්ත සැලකිල්ලට ගන්නා ලෙස මම කියන්න කැමතියි.

 

මේ වර්ෂයේ විදුලි ඉල්ලුම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය හා ආයතනය අතර තියෙන්නේ පරස්පර අදහස්. රටේ දත්ත අනුව, රටේ ආර්ථිකයේ සංකෝචනය වීමේ දත්ත අනුව, තවදුරටත් විදුලි ඉල්ලීමේ වැඩිවීමක් නම් සිද්ධ වෙන්න බැහැ. දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලක්ෂ ගාණක් වැහිලා තියෙනවා. රටේ දුප්පත්කම 12% ඉඳන් 29% දක්වා වැඩි වෙලා තියෙනවා. පාසල් යන ළමයින් නොඑන ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ හයක් දක්වා වැඩි වෙලා තියෙනවා.

 

ඒ නිසා මේ රටේ සැබෑ ආර්ථික දත්තයන් විදුලිබල ඉංජිනේරුවන් නොදැකීම මහත් ඛේදවාචකයක්. ආයතනයේ ලාභයම නෙමෙයි ලංකා විදුලිබල මණ්ඩලයේ තියෙන අරමුණ විය යුත්තේ. රටේ ආර්ථිකයට කොහොමද දායක වෙන්නේ කියලා. මොකද රටේ විදුලි සැපයුමත් රටේ ආර්ථිකයත් අතර අපේ රටේ නෙමෙයි. ඒක ගෝලීය තත්වයක් යටතේ පිළිගන්න දෙයක් තමයි. ඒ දෙක අතර සමානුපාතික සම්බන්ධයක් තියෙනවා. රටේ ආර්ථික වර්ධනය වෙනකොට, විදුලි ඉල්ලුම වැඩි වෙනවා. විදුලි ඉල්ලුම වැඩි කළා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න සපයන්න රටේ ආර්ථිකයේත් වර්ධනයක් ඇතිවෙනවා. මේ විශේෂයෙන් බංකොලොත් වෙලා තියෙන රටක ඒකෙන් ගැලවෙන්න උත්සාහ දරන අවස්ථාවක මේ වැදගත් කරුණ විදුලිබල මණ්ඩලය අමතක කිරීම මං හිතන්නේ අපේ රටේ ජනතාවගෙත් කර්මාන්තකරුවන්ගෙත් හෝටල් හිමියන්ගෙත් බලවත් ඛේදවාචකයකට හේතු වෙනවා.

 

විශේෂයෙන් මේ විදුලි යෝජනා සංශෝධන යෝජනාවේ අනිවාර්යෙන්ම කර්මාන්ත හෝටල් හා අයි වන් අයිටූ විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා 20% ක වත් විදුලි ගාස්තු අඩු කිරීමක් ලබා දිය යුතුමයි. මොකද, ඒ කුඩා කර්මාන්ත වැටිලා හින්දා තමයි අද ලක්ෂ හයක් ජනතාවට රැකියාවල් නැතිවෙලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට තමන්ගේ පවුල් නඩත්තු කරගන්න බැරි හින්දා තමයි ලක්ෂ පහකට වැඩිය හයකට වැඩිය ළමයි ප්‍රමාණයක් අද ඉස්කෝලේ යන්නේ නැත්තේ. ඒක හින්දා තමයි අද රටේ ආර්ථිකය තව සංකෝචනය වෙන්නේ. මොකද අපේ රටේ ආර්ථිකයෙන් සීයට පනස් තුනකට වැඩි ප්‍රමාණයක් දරන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. එතකොට මේ යථාර්ථයට හරි විදිහට ඒ දත්ත පරිශීලනය නොකර විදුලිබල මණ්ඩලය මේ ගාස්තු නියම කරනවා නම් එතන තියෙන්නේ ඉතාම අවිද්‍යාත්මක ප්‍රවේශයක්, එළඹුමක්. මම ඒකයි කිව්වේ, දුප්පත්කම, විරැකියාව, අනිත් එක විදුලි විසන්ධි කිරීම. මොකද්ද විදුලිබල මණ්ඩලයේ අරමුණ විය යුත්තේ? විදුලි විසන්ධි කිරීමද? විදුලිය සැපයීම, සම්පූර්ණ තමන්ගේ මැන්ඩේට් එකට විරුද්ධව විදුලිබල මණ්ඩලය වැඩ කරන්නේ මේ ගාස්තු ක්‍රමයෙන්. අද ලක්ෂ නවයකට ආසන්න ප්‍රමාණයක් විදුලිය විසන්ධි කරලා තියෙන්නේ තියෙන එක මම හිතන්නේ තමන්ගේ කස්ටමර් බේස් එකෙන් සීයට දහයක් විතර. විසන්ධි කරලා දාන එකද විදුලිබල මණ්ඩලයේ කාර් යභාරය? ඒක හින්දා කරුණාකරලා විදුලිබල මණ්ඩලයේ මේ ගාස්තු කරනකොට ආර්ථික විශේෂඥයන්ගේ ඒ දැනුම ඇති විශේෂඥයන් වන ඉංජිනේරුවන්ට ඒ ඔක්කොම කරන්න බැහැ.

 

ඊළඟට මේ ජූනි මාසේ අවසාන වෙනකොට විදුලිබල මණ්ඩලය රු. බි. 100 කට ආසන්න ප්‍රමාණයක ලාභයක් ලබලා තියෙනවා. ඒක ඒ දත්ත අවශ්‍ය නම් හෙළිදරව් කරන්න පුළුවන්. ඒ බිලියන 100 ක ප්‍රතිලාභය මේ විදුලි ගාස්තු යෝජනාවේ ලබාදීලා නැහැ. යම් ප්‍රමාණයකට ගෘහස්ථ අංශයට ලබා දුන්නත් හැබැයි ලබා දිය යුතුම කොටසක් තමයි කර්මාන්ත හෝටල් කුඩා කර්මාන්ත ඒ අංශයට. ඊළඟ එක ඒක තමයි ඉමජන්සි පවර්, හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා යම් වියදමක් ඇස්තමේන්තු කරලා තියෙනවා නම්, වහාම කපා දාන්න. දැන් බලාගාර දෙකක්, අලුත් බලාගාර දෙකක් පද්ධතියට එකතු වෙලා තියෙනවා. උමා ඔය, ඒ වගේම ගෑස් බලාගාරයක් ළඟදීම සම්බන්ධ වෙන්න නියමිතයි. ඒ ගැන, සැලකිල්ල යොමු කරන්න. ඒක වෙන්න ඕනේ. අනිත් එක තමයි ඒක හින්දා අපිට පෞද්ගලික තාප බලාගාර ගැන, විදුලිබල මණ්ඩලය, රජය ඒ වගේම කොමිෂන් සභාව ස්ථිරසාර තීරණයක් ගන්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා. තර්කානුකූලව. කරුණාකරලා ඒ ඒ තීරණය ගන්න. ඒකට අවශ්‍ය පසුබිම් මේ රටේ විගණකාධිපතිතුමා, මේ රටේ ඕන තරම් මේ පිළිබඳ විද්‍යාඥයො කරුණු දක්වලා තියෙනවා. ඊළඟට තියෙන්නේ අපි දන්නවා තව පෞද්ගලික අංශයේ, සූර්ය බල ව්‍යාපෘතිය එන්න නියමිතයි. සුළං බලාගාරය එන්න නියමිතයි. මං හිතන්නේ කොමිෂන් සභාව එක විදුලි බලාගාරයක් සංවර්ධනය කිරීම දැනට අත්හිටුවලා තියෙනවා. දත්ත වල තියෙන අඩුපාඩුවක් නිසා. කවුරු ගෙනාවත් වෙන්න ඕනේ ප්‍රතිපත්තිය නම්, තරඟකාරී මිල ගණන් වලට ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ අවස්ථාව සැලසීම තමයි කොමිෂන් සභාවේ අරමුණ විය යුත්තේ.

 

විදුලිබල මණ්ඩලයට ඒ තීරණය ගන්න රජයට ඒ තීරණය ගන්න කොන්දක් නැත්නම් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ වගකීම තියෙන කොමිෂන් සභාව ඒ තීරණය ගත යුතුයි.

 

විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කරලා තියෙනවා. ඒක තාම ක්‍රියාත්මක වෙන්නෑ. ඒ ව්‍යුහය තාම හදලා නෑ. හැබැයි කොමිෂන් සභාව ඉදිරියේදී කල යුතුම දේ, තමයි අද විදුලිබල මණ්ඩලය කළමනාකරණය කරන්න යන වියදමත් ඒ සංශෝධනය ආවට පස්සේ කරන්න යන වියදමත් අතර මොනවගේ ලාභයක්ද, පාඩුවක්ද තියෙන්නේ කියන එක බලන එක. සංශෝධනය කරලා පරිපාලනය සඳහා වැඩි මුදලක් දරන්න යනවා නම් ඔය සංශෝධනයේ ඇති වැඩක් නෑ. කාර්යක්ෂම වෙන්නෙත් නෑ.”

 

@මාධ්‍ය ඒකකය

nalan mendis

නවතම ලිපි