SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද

අදවනවිට එම කටයුතු අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

 

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (07) දින එක්සත් ජනරජ පෙරමුණ විසින් කොළඹ ආශ්‍රිතව සංවිධානය කර තිබූ ජනහමු මාලාවකට සම්බන්ධ වෙමිනි.

 

WhatsApp Image 2024 07 08 at 14.42.26

එහිදී එම ජනහමු ඇමතූ පාඨලී චම්පික රණවක..

 

"කොළඹ අදටත් ජීවත්වෙන ජනගහනයෙන් 70% ක් විතර ජීවත් වෙන්නේ ජීවත්වීමට සුදුසු පරිසරයක නෙවෙයි. අපි 2012 දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කොළඹ නගරයේ ප්‍රශ්න උඩින් යටින් දෙකෙන්ම විසඳන්න හරියට මහන්සි වුණා. මේ නිවාස සංකීර්ණ වැඩපිළිවෙල, කොළඹ පාරවල් හදන්න, මල් ගස් හිටවන්න සියල්ලටම කෝටි 3,500 ක් ණය වෙලා තිබුණා නාගරික සංවර්ධන අධිකාරිය.

 

අපේ ආණ්ඩුවෙන් ඒ අවස්ථාවේ අපිට සල්ලි  ලබා දුන්නේ නෑ. ඉතින් අපිට සිද්ධ වුණා විවිධ ක්‍රමවේද ඔස්සේ ඒ ණය ගෙවලා ආයතනය බේරගන්න. මොකද ඒ ආයතනය 1978 ඉඳන් විශාල සේවයක් කොළඹ විතරක් නෙමෙයි රටටම කරපු ආයතනයක්. අපි ඇපල් වත්තේ, මැල්වත්තේ, ග්‍රෑන්ඩ්පාස් වල කිරුලපනේ, කොලොන්නාවේ මේ හැම තැනකම අපි මෙවැනි නිවාස සංකීර්ණ ඉදිකරා. අපිට සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම අනුව 2025 වෙද්දී කොළඹ එකම පැල්පතක්වත් නැති නගරයක් කිරීම තමයි අපේ අරමුණ තිබුණේ. අපේ සැලැස්ම දැකලා නොමිලේ ගෙවල් 2000 ක් චීන ආධාරයක් හැටියට ලැබුණා. ඒ එක ගෙයක්වත් අද ඉඳි කරලා නෑ මේ පහුගිය අවුරුදු හතරට.

 

පහුගිය අවුරුදු හතරේ කොළඹ නගරයයි, මේ රටයි එකතැන නතර වෙලා තියෙන්නේ. අද වෙනකොට මේ නිවාස සංකීර්ණ ඒ අමාත්‍යංශයට, නාගරික සංවර්ධන අධිකාරියට නඩත්තු කරගන්න බෑ. මේවයේ මුල් අයිතිකරුවෝ සැලකිය යුතු පිරිසක් මේවා කුලියට දීලා හරි ආපහු ගිහින් තියෙනවා. ඒගොල්ලෝ අද කොහේ ජීවත් වෙනවද? ඒගොල්ලන්ට නිවාස තියෙනවද? කියන ප්‍රශ්නේ තියෙනවා. අපි ඒ වගේම පටන් ගත්තා නිවසක් සමඟ ජීවිතයක් තියන්න. ඔබේ දරුවන්ව පාසල් යවන්න. මත්ද්‍රව්‍ය උවදුරු වලින් දරුවෝ බේරගන්න. කොළඹ නගරයේ තමයි ලංකාවේ හොඳම පාසල් තියෙන්නේ. හැබැයි අපේ දරුවන්ට ඒ පාසල් වැහිලා තිබුණා. ඒ නිසා අපි ඒ උත්සාහයන් කළා. නමුත් කොළඹ නගරයේ අවුරුදු හැත්තෑවක් පමණ තියෙන ප්‍රශ්නය අවුරුදු තුන හතරකින් විසඳන්න බෑ. ඇත්තටම අපිට අවස්ථාව තිබුණා නම් අපිට ඒක විසඳගන්න තිබුණා. නමුත් මේ රටේ ජනතාව වෙනත් දේශපාලන නායකයෙක්, වෙනත් දේශපාලන පක්ෂයක් බලයට ගෙන ඒම නිසා ඒ සියල්ලම අවුල් ජාලයක් බවට පත්වුණා.

 

අද කොළඹ කුණු ප්‍රශ්න නෑ. ඉස්සර අවුරුද්දට දෙකට කුණු ගොඩ ගැහිලා මහා විශාල වේදනාවක් විඳින්න වෙලා තියෙනවා. මතක ඇති 2017 සිංහල අවුරුද්ද දවසේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතාකරලා කිව්වා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා තියෙනවා ඇමතිතුමා කවුරුවත් නෑ බලන්න, එන්න කියලා. මං එතකොට ගමේ ගිහින් හිටියේ. ඉතින් එවෙලෙම අපි කොළඹ ආවා.

 

මීතොටමුල්ල කුණු කන්දට කලින් බ්ලුමැන්ඩල් කුණු කන්ද . ඊටත් කලින් මට්ටක්කුලියේ කුණු කඳු ගොඩ ගැහුණා. හැමදාම මේ කොළඹ කුණු ටික කොහේ හරි දුප්පත් මිනිස්සු ඉන්න පැත්තකට ගිහිල්ලා අත ඇරලා කන්දක් හදපු එක කරනවා. කොළඹ ලස්සන පාරවල් හදලා, කුණු අතුගාන්නෙත් මැෂින් එකෙන්. ගස් හිටවලා, ලයිට් පත්තු කරලා ලස්සනට තියෙනවා. හැබැයි කුණු කඳු ගොඩ ගැහුනා. මේ කුණු කන්දට යටවෙලා තිස්තුන් දෙනෙක් මියගියා. අනූ අට දෙනෙක්ට නිවාස නැති වුණා.

 

අපි සති දෙකක් ඇතුළත කොලොන්නාවෙන් නිවාස ඒ අයට ලබා දුන්නා. ඒ කන්ද නාය යන එක නවත්තන්න ජපානෙත් ගේන්න හැදුවා. නමුත් අපි ඒ කුණු කන්ද පාලනය කළා. පාලනය කරලා උද්‍යානයක් හදන්න අපි කටයුතු යෙදුවා. අවාසනාවකට අද ඒක කවුරුවත් බලන්නේ නැති තැනක් බවට පත්වෙලා තියෙනවා. කොහොම වුණත් අද කොළඹ කුණු වලින් විදුලිය නිපදවෙනවා. මේ කොළඹ කුණු ප්‍රශ්නයට දවස් දාහතරක් ඇතුළත අපි පාලනය අරගෙන විසඳලා දුන්නා.


කොළඹ තොටළඟ ආදී ප්‍රදේශ වල තිබිච්ච ලොකු ප්‍රශ්නයක් කැළණි ගඟේ වතුර. නාගාලන්දේ අද ගිහින් බලන්න ඇළ මාර්ගය හැදුවා, පොම්පාගාරයක් හැදුවා. ඒ වගේම මැද කොළඹ උසාවිය ළඟ පොම්පාගාරයක් හැදුවා. අපි කොළඹ නගරයට ඒ කැලණි ගඟේ ඇතිවෙච්ච ප්‍රශ්නය විසඳන්න කටයුතු කළා. හැබැයි කණගාටුයි කියන්න අපි පොම්පාගාර තුනක් හැදුවා. ඒවායේ අද පොම්ප වැඩ කරන්නේ නෑ. ඉතින් වතුර ආවහම පොම්ප වැඩ කරන්නැති උනාම වතුර උතුරා යනවා. අඩුගානේ අපි හදපු ටිකවත් නඩත්තු කරගන්න අද හැකියාවක් ඇතිවෙලා නෑ. ඊළඟට කොළඹ ඇතිවෙන වතුර ටික මුහුදට ගෙනියන්න පද්ධතියක් හැදුවා. ඒවා හදද්දි ගොඩක් දෙනෙක් බය වුණා. උතුරු කොළඹ, මෝදර ගොඩාක් බය වුණා මේ ගෙවල් යටින් උමං හදනවා කියලා. මොකද අර උමා ඔයේ උමං හදලා විශාල විනාශයක් වෙච්ච නිසා. අද ගිහින් බලන්න අපි කොළඹ මහ ඉස්පිරිතාලෙ ගාව ඉඳන් උමගක් ඇති කරා. බොරැල්ලේ එකක් ගියා. ඩී එස් සේනානායක විද්‍යාලය හරහා ඒ කිංස්ලි පාරේ උතුරු කොළඹ එකක් කරා. කිසි ගෙදරකට කිසිම දෙයක් වෙලා නෑ. අපි ඒවා නිසි විදියට කරපු නිසා. හැබැයි මම කියන්නෑ සීයට සීයක් සාර්ථකයි කියලා. ඇයි? ව්‍යාපෘති 17 ක් තිබුණා. ඒ ව්‍යාපෘති 17 න් අපි 6 යි කළේ. ඉතුරු ටික කරන්න බැරි වුණා. අද කාණුවක් සුද්ද කරගන්න බැරි තත්ත්වයට මේ නගර සභාවල් මේ ආණ්ඩු, මේ නාගරික සංවර්ධන ක්ෂේත්‍රය පත්වෙලා තියෙනවා. හරි කණගාටුයි. මේක වෙනස් කරගත්තේ නැත්නම් මේ ඇතිවුණා වගේම නාගරික පැල්පත්වාසී ප්‍රශ්නයක් ආයි වතාවක් කොළඹ ඇතිවෙන්න පුළුවන්.

 

මේ නගරයේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. නගරයේ ප්‍රශ්න විසඳන්න නම්, මුලින්ම මේ නගරයේ මිනිස්සුන්ට ආදායමක් තියෙන්න ඕනේ. ත්‍රීවිල් වලින්, වරායෙන් මොනවහරි අරගෙන කරලා විතරක් කොළඹ නගරයේ ජීවත් වෙන්න බෑ. කොළඹ නගරයේ අපේ දරුවන්ට රස්සා ලැබෙන්න ඕනේ. ඒ රස්සා ලැබුණොත් තමයි මේ නිවාස හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මත්කුඩු ජාවාරමෙන්, පේමන්ට් බිස්නස් එකෙන්, කුලීකාරකමට තැන් තැන් වල ලොකු මිනිස්සුන්ගේ ගෙවල් වල වැඩට යාමෙන්, විදේශගතවීමෙන් නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මේ වරායෙන් ප්‍රමාණවත් රස්සා ඇතිවෙලා නෑ. වරාය වැඩකරන වැඩි හරියක් ඒ ඇමතිවරු තමන්ගේ දිස්ත්‍රික්කයෙන් ගෙනත් දාපු මිනිස්සු. තෙල් සංස්ථාවක් තියෙනවා. ඒ තෙල් සංස්ථාවේ වැඩ කරන්නෙත් වැඩිපුර පිට මිනිස්සු. හැබැයි මේ කොළඹ නගරයේ මිනිස්සුන්ට ඒවායින් රැකියා ලැබිලා නෑ. කොළඹට රස්සා ලැබෙන වැඩ පිළිවෙලක් නැතුව මේ වැඩේ කරන්න බෑ. ධනවත් පිරිස් වලට මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ කොළඹ තියෙන හෝටල් වල සාප්පු සංකීර්ණ වල නේද ඕන තරම් පිරිලා ඉන්නේ. අවුරුදු කාලෙ පිටරට යන්න නිවාඩු කාලෙට ගමන් බිමන් යන්න ඕන තරම් ඉන්නවා. අධිවේගී මාර්ගවල පිරිලා ඉන්නවා වාහන. හැබැයි මතක තියාගන්න, 90% ක් මිනිස්සුන්ට ඒක කරගන්න විදිහක් නෑ. 10% කට කිසිම ප්‍රශ්නයක් නෑ මේ අර්බුදයේ.

 

අපි පහුගිය පෙබරවාරි මාසේ 14 වෙනිදා අලුත් වැඩපිළිවලක් ඉදිරිපත් කළා මේ රටේ දේශපාලන නායකයින්ට. මේ රට හදන්න පුළුවන් මිනිස්සු කණ්ඩායමක් එක්ක අපි මේ සාකච්ඡාව ගෙනියනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ජනාධිපතිවරණයට, මහමැතිවරණයට මේ න්‍යාය පත්‍රය මත ගිහිල්ලා රට ගොඩ දාන පාරකට රට ගෙනියන්න. ඒ නිසා ඊළඟ මැතිවරණයේදී රටේ පොදු යහපත ඔබේ මේ නාගරික නිවාස සංකීර්ණවල පොදු යහපත කොළඹ නගරයේ යහපත වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න අධිෂ්ඨාන කරගන්න. නැත්නම් 2039 යේ නෙමෙයි 2049 වෙනකම්ම අපිට ජීවත් වෙන්න වෙන්නේ මේ අපායේ.

 

මේකෙන් ගැලවෙන්න නම් ඒකට මග තියෙන්නේ අපි සතුවමයි. ඔබ එදා පාරට ආවේ නැත්නම් අදටත් ගෝඨාභය උන්නැහේගේ ඔය කල්ලි, කණ්ඩායම් පවතිනවා. මහින්ද මහත්තයාගේ මැරවරයෝ ටික ගෙනල්ලා අරලියගහ මන්දිරයට ඒ පිට්ටනියට පහර දීලා හිතුවේ ආයේ ඉන්න. මේ කොළඹ නගරයේ මිනිස්සු තමයි යුක්තිය වෙනුවෙන් පාරට බැහැලා මහින්ද රාජපක්ෂට අවුරුදු හතළිහකට ආසන්න එතුමාගේ දේශපාලනය මැදමුලනෙන් වීරකැටියෙන් පටන් ගත්ත මිනිහට මර උන ගැනෙන්න මැයි 09 වෙනිදා ඒ පාඩම ඉගැන්නුවේ. ඒ වගේම ගෝඨාභයට සිංහනාද නගාගෙන ලක්ෂ තුනක් හමුදාව පිරිවරාගෙන හිටපු මිනිහා එළියට දැම්මේ කොළඹ නගරයේ මිනිස්සුන්ගේ අධිෂ්ඨානය. ඒ නිසා මේ රට වෙනස් කරන මගකට ඉදිරිපත් වෙන්න ඒ අධිෂ්ඨානයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම ඔබ හැමගෙන් කරනවා."

 

WhatsApp Image 2024 07 08 at 14.42.24WhatsApp Image 2024 07 08 at 14.42.25

 

@මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි