අදින් වසර හතලිහකට විතර කලින්, ඉරිදා පත්තරේ මහජන ලියුම් පිටුවෙ " නංගී මල්ලී කියමින් ,ලොතරැයි දිනුම් ඇදීමට එන වාචාල කතා කියනා කාලය කා දමනා නිවේදක ගිරවෙක් ගැන ලීපියක් පලවී තිබ්බා.
පස්සෙන් පහු කට පුංචෙකුගෙ ප්‍රහාරයෙන් සරීරයේ ප්‍රාණය පමණක් අතැර ගිය "ඒ මහා කුඩා මිනිසා හෙවත් සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස් නම් මාහැගි කෘතහස්ත ,භාවපූර්ණ සම්ප්‍රවේශකයාගේ අභාවය ගැන පලවුනා එක දිගටම.
ගල්සියඹලා කට් එක කපපු අප්‍රිකානු කොණ්ඩයක් එක්ක ජැක්සන් ඇන්තනි තරුණ නිවේදක මහත්තයා ඉරිදා උදේට සුභ උදෑසනක් (නම නම් ඒකමද මන්දා ) ටෙලිවිෂන් එකේ එනවා අපි දන්නෙ, අපි රංසාර" බලල හා හා හරි හාවා එහෙම බලලා දහම් පාසැල් යන්න ලෑස්ති වෙන කාලේ.
එහෙව් දවසක උන්නැහැ තමුන්නැහැට විරුද්ධව පත්තරේක පලවෙලා තිබ්බ ලියුමක් කියෝලා ඒක ලියපු එකාට අම්බානක බැනලා ආයි ඒක නවලා ෆයිල් එකක දාගත්තා මට හොදට මතකයි. ඊට පස්සෙ සුමානේ ඉරිදා පත්තරේ ඒකට ලොකු රිටර්න් එකක් දීලා තිබ්බා මම කියෙව්වා මට මතක උනාට, ජැක්සන් ඇන්තනි නිවේදක තුමා ඒකටත් ගැහුවද කියලා බලනවාට වඩා වැඩ අපිට ඒ කාලේ දහම් පාසැලේ තිබ්බා.
බෙර හඩ නාට්ටිය රෑපවාහිනී නාලිකාවෙන් බලපු හිච්චෙක් උනු මට ඒ සා උස මිනිහෙක්ට සිංදුවක් කිය කිය නිකටට උඩින් දණිහ උස්සලා අඩි නටන්න පුලුවන් වීම නම් මාරම අරුමයක් වුනා.
රෝස නෝනලා ගැන බම්බු සිංනො ලා ගැන දයානණ්ද ගුණවර්ධන මහත්තයා කරපු සොයායාම් මැද්දෙන් , ඔවුන්ගෙ ආශ්‍රය නිශ්‍රය ලැබූවන්ගැන කාලයත් එක්ක අපි පරක්කු වෙලා ඉපදුන ේක ගැන හිතේ තිබ්බ කම්පාව බෙදා ගන්න "මගේ රන්කිරි කටගාපු" ආනන්දයේ කුලරත්න ශාලාවේ ජැකා අයියයි මායි එකට මුණ ගැහුනෙ රේඩියෝ කාරයෝ විදිහට.
සවන (මට මතක විදිහට ) රේඩියෝ එකේ හෙඩ් විදිහට සම්ප්‍රදායික දේ පිලිබදව නව ජවයකින් කතා කරන අතරතුරේ, ස්පොන්සර් ශිප් අලකලංචිය ගැන ඔහු දොඩමලු වුනා. සිරි රණසිංහ , උපාලි තෙන්නකෝන්, සහ කසුරි කියන පත්තර කර්තෘලා එකටම උත්සව වලට යද්දි , එහෙම පොඩි සහයෝගී දැලක් බැදගන්න තරග වැදුනු නාලිකාවල මුල්පුටු වල හිටපු චන්දන තිලකරත්නට ,මට අපේ හිතවත් ජැකායිය කවදත් හිටියා. ඒ කාලේ දුකා ලා, චාරුකලා , සවුව්වාලා , එහෙමත් රේඩියෝ එක වටේට රොද බැදපු තරුණ බමරු.
"නිමල්ට මොකෝ බං උනේ" ඕං ඔය ප්‍රශ්නෙ ජැකා මගෙන් ඇහුවෙ , අපේ කාලේ ප්‍රිය සංස්කෘතියෙ මුදුන් පරාලෙ කඩා වැටුනු දවසෙ හෙවත් නිමල් ලක්ශපතිආරච්චි ලොක්කා මියගිය වෙලාවෙ. දැන් නම් එතන වෙනස් .දැන් ඔය ආසිරි පරණ ඉස්පිරිතාලෙ අයි. සී යූ එක ගාව කණුවකට වාත්තු වෙලා නිමල් ලොක්කගෙ මෘත සරීරෙ ඇතුලෙ තියෙද්දි ජැකා අර "භව දුක" එකේ කතා කරන ටෝන් එකෙන්ම මගෙන් ටෝං ගාලා අහනවා මට හොඳට මතකයි.
බව දුක බව කර්ම ෆිල්ම් දෙක ලංකාවෙ නොදිව්වෙ ඇයි කියලා මම දන්නෙ නෑ. ඒත් ඒකෙ වෙස් බැදි නැට්ටුවාගේ අඩව්ව වෙනුවෙන් සේදරමන් ගුරුන්නාන්සෙගෙන් උගත් පාඩම් රටාව ගැන ජැකා කියන විදිහ මරු පහයි.
පස්සෙන් පහු කාල වලදි අපි එක එක ශාලා වල ,පෝඩියම් පිටිපස්සෙ ඕසෙට මුණ ගැහුනා. ජැකාගෙ සලං හන්තෙ නිසා ඇරුණු අලුත් පාර , ලංකාවේ ටෙලිවිෂන් ට්‍රැවල් ශෝ වලට එළිය දුන්නා. "යකෝ ඒක මරු බං "මං බැලුවා . ඕං ඕක නිතර ටෙලිෆෝන් එකේ අනික් පැත්තෙන් ජැකාගෙන් එන්නෙ බොක්කෙන්මයි කියලා අපේ හිත් දන්නවා.
පවුල් පිටින් වෙලද ගග දිගේ ගහගෙන යනකොට, බුදුහාමුදුරුවන්ගේ නෑකම්වල නිරුක්තිය සොයා යනකොට නිලංකාර නොවුනානං තමා පුදුමෙ. ඒ අවුමස්සෙත් සෝශල්මීඩියා එක්ක ගේමක් ඇදගන්න ජැකා කැමැත්තෙන් හිටියෙ, යූටියුබ් එකේ අලුත් මානයක් ගැන , හරවත් අන්තර්ගතයකට තියෙන ඉඩ ගැන වරු ගනන් කියෝපුවා මට තාම මතකයි.
ජැකා ස්වර්ණ වාහිනීයෙ ළමා පරපුරක් හැදුවා. ඒ ගැන ඒ ළමයි කියන්න ඕනේ කියලයි මට හිතෙන්නෙ. පහුගිය මාර්තුවෙ ඉදලා
රටෙන් එලියෙ ඉන්න මට සමහර විස්තර එන්නෙ හුගක් පරක්කු වෙලා. "ජැකායියල ශූට් එකෙන් එද්දි වාහනේට අලියෙක් හැප්පිලා කට්ටියම හොස්පිටලයිස්ඩ් "
පහුවදා සෝශල් මීඩියා වලින් ජැකාගෙ අම්මා මෝ නැතුව හෑලි ලියවෙනවා මම උපේක්ෂාවෙන් බලා හිටියා.
ව්චාරය ,රසාස්වාදය, සාහිත්‍යය වගේ ලලිත කලා විශයයන් කොයිතරම් ආලෝලිතද කියලා අහන්න කාලෝ ෆොන්සේකා මහාචාර්ය තුමා වත් හිටියා නම් කියලා හිතුනා. ටයිප් කෙරෙන අකුරු පිට්පස්සෙන් කොයිතරම් ද්වේශයක් වාං දමනවාද කියලා සකල කලාවට අධිපතිනි සරස්වතිය දන්නවා නම්, එක අතක තියෙන අර පොඩි ෆෝන් එක වගේ පොත විසිකරාවි කියලා හිතුනා.
අන් මත නූහුලන දේශපාලන වයිර වයිරසයට විසදුමක් සොයාගෙන මිසක් ජැකා නැගිටින්නෙ නෑ කියලයි මගේ නම් හිත කියන්නෙ.
ධර්මපාලතුමාගෙ ලිපි සහ සුනිල් සාන්ත චරිතාපදානය කියවන්න කියලා ජැකා නැගිට්ටොත් කියන්න ඔඉනේ. මොකෝ නැත්තං ශුවර් එකට පහුගියකාලෙ තමුංට එරෙහිව ලියූ දේවල් වලට උත්තර කියන්න ගිහිං ආයිත් ඇක්සිඩන්ට් එකක් කර ගන්නවා.
සමාජෙ කියලා එකක් දැං නෑ ජැකායියෙ.. හේතු ඇහීමක් හේතු සෙවීමක් නෑ.. ඇහින් දැක්කා වගේ බැණගෙන, ගරහගෙන යනවා.. ඊට පස්සෙ මලහම , ගුනගැයුම් කවිසිලෝ ගායනා තරගෙ ඇරඹෙනවා..
මැශින් එකේ ඉන්න ගමන් කල්පනා කරනවා නම් පතනවා නම් අනේ අපිටත් .... පිටවීමක් මෙයින්.... මේක මහ භින්නරුචික සමාජයක්.......
මාතලන්ගේ වෝලයෙන් උපුටාගැනුනි.