SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ රට වඩාත් බරපතළ ආර්ථික බිඳ වැටීමකට ඉඩ තිබූ අතර තම ක්‍රියාමාර්ග තුළින් දැනට පවතින තත්වයෙන් බේරා ගත හැකි වී තිබෙන බවත්

ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පට්ටම් තිබුණාට මේ ගැන දැනීමක් නැති අය විවිධ ප්‍රකාශ කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර තිබේ.

 

ඉරිදා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ මහබැංකු අධිපතිවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

එම මාධ්‍යවේදීයා නැඟූ ප්‍රශ්නය සහ එයට මහබැංකු අධිපතිවරයා ලබා දුන් සම්පූර්ණ පිළිතුර උපුටා ගෙන පහත දැක්වේ.

 

ප්‍රශ්නය – “මහබැංකුව රටේ ආර්ථිකය සංකෝචනය කරමින් ආර්ථික කටයුතු මෙහෙයවීමෙන් ආර්ථිකය තව දුරටත් පිරිහෙන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙනවා. ඔබට මේ ගැන කිව හැක්කේ කුමක්ද?“

 

පිළිතුර –

“අපි කරපු වැඩෙන් තමයි ආර්ථිකය කුඩුපට්ටම් වෙලා යන එක නතර වුණේ. 2022දී ආර්ථිකය සීයයට 8.7න් සංකෝචනය වෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කළා. ලෝක බැංකුව කිව්වේ සීයයට 9.2න් සංකෝචනය වෙයි කියලා. ඒත් අපේ ආර්ථිකය 2022දී සංකෝචනය වුණේ 7.2න්. අපි ගත්ත ක්‍රියාමාර්ග නිසා තමයි 8.7 නොයා 9.2ට නොයා 7.8න් ආර්ථිකය සංකෝචනය වුණේ. ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පට්ටම් තිබුණට මේ ගැන දැනීමක් නැති නිසා තමයි ඔය විදිහේ ප්‍රකාශ කරන්නේ.“

 

පසුගිය 2022 වර්ෂයේ මුල් කාර්තුවේ ආර්ථික සංකෝචනය 0.5%ක් වූ අතර මෙම වසරේ මුල් කාර්තුව තුළ එය 11.5%ක් දක්වා අති විශාල වශයෙන් වැඩිවී තිබීම ගැන කිසිවක් නොකියා සිටීමට මහබැංකු අධිපති පරිස්සම් වී තිබේ.

 

මේ සම්මානය පිළිබඳ අදහස් දක්වන ස්පාර්ටකස් සාමූහිකය පවසන්නේ මෙවන් අදහසකි.

 

download

ලෝකයේ හොඳම මුදල් ඇමති සහ ලෝකයේ හොඳම 21 වන මහබැංකු අධිපති තේරු හැටි සරලව

===============================================================

 

රනිල් බලයේ සිටින විට පැමිණෙන මුදල් ඇමතිවරුන් මහා බැංකු අධිපතිවරුන් ලොව හොඳම අය බවට ශ්‍රේණි ගතවීම දැකගත හැකිය.

වසර තුනක කාලය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 27ක ණය ප්‍රමාණයක් (මහින්දලාගේ සමස්ත පාලන සමයේ ගත් ණය මෙන් දෙගුණයක් ඊට වඩා ඉතා අධික පොලියට) ගත් රවී ලොව හොඳම මුදල් ඇමතිවරයා බවට පත්විය.

ඒ ඔහුගේ කාලයේ, එනම් 2018 වර්ෂයේ ලංකාව මධ්‍ය පරිමාන අදායම් ලබන රටක් බවට පත් වූ බැවිනි (සිතියම play කොට බලන්න:

https://datatopics.worldbank.org/world-development-indicators/the-world-by-income-and-region.html?fbclid=IwAR0Rhp_C1wE0vxHbYjaYVg04Fz9lsvLzH6PPPSPcT4ZSD6I8ctsxdt_VHqY).

 

ඒ තත්වයට 2018 වශයේ ලංකාව පත්වූයේ ලබා ගත් ණය හේතුවෙනි. වැගන් ආර් වසන්තය ඇතුළු ආතල් පැමිණ ජනතාව මුසපත් වූයේ 2017-2019 කාලයේය.

 

අද ලොව හොඳම මහා බැංකු අධිපති බවට නන්දලාල් පත්ව ඇත. ඔහු එසේ පත්ව ඇත්තේ ණය නොගෙවා, ආනයන සීමා කොට, EPF, ETF අරමුදල් ගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කොට ඇති බැවිනි. ණය අර්බුධය උග්‍ර වී ලංකාව තුල ධනවාදය කඩා වැටීම සිදුවන්නේ රවී ලබාගත් ණය හේතුවෙනි.

 

රවී ලොව හොඳම මුදල් ඇමති බවට පත්වන්නේ ණය ලබාගෙන ව්‍යාපාරික නිදහස වෙනුවෙන් කැප වූ බැවිනි. නන්දලාල් 21 වන ස්ථානයට පත්ව ඇත්තේ EPF, ETF අරමුදල් ගෙන ණය ප්‍රතිව්‍යුහගත කොට ව්‍යාපාරික ප්‍රජාව රැකගැනීම සහ ඉදිරියේදී ව්‍යාපාර සඳහා අවශ්‍ය පසුබිම වෙනුවෙන් බලාපොරොත්තු තැබිය හැකි තත්වයක් ඇති කරන බවට වන විශ්වාසය තුලය. හරිම සරලයි.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි