SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව සුබසාධන රාජ්‍යයක් කිරීමට තමන් අදහස් නොකරන බවත්

දුප්පතුන් ව්‍යවසායකයින් බවට පත් කරන බවත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

 

මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ දිළිඳුකම පිටුදැකීමේ තම නව වැඩසටහන දුප්පත් ජනතාව සාර්ථක ව්‍යවසායකයින් බවට පත්කිරීමේ අරමුණින් සකසා ඇති බවයි.

 

“අපගේ නව දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන පදනම් වන්නේ ආයෝජනය, අපනයනය සහ ඉතිරිකිරීමයි. අපි සෑම දුප්පත් පවුලකටම වසර දෙකක කාලයක් සඳහා මාසිකව රුපියල් 20,000 ක් ලබා දෙනා. ඔවුන්ට මෙම අරමුදල් භාවිතා කර ව්‍යාපාර ව්‍යාපෘතියක් ආරම්භ කරන්න පුළුවන්. දුප්පතුන් සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම අපි සිදුකරනවා ”

 

“ශ්‍රී ලංකාවට තවදුරටත් සුබසාධන රාජ්‍යයක් ලෙස පවතින්න අවශ්‍ය වෙන්නෙ නැහැ ” ඔහු වැඩිදුරටත් පැවසීය.

 

“ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාම රහසිගත ගිවිසුමකට එළැඹ තියෙනවා. ජනාධිපතිවරණයේදී මගේ ජයග්‍රහණය වළක්වන්නයි එහෙම කරලා තියෙන්නෙ. ඒ අය බයයි මම බලයට ආවොත් මම සාර්ථක නායකයෙක් වෙයි කියලා. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ අපේ වැඩපිළිවෙළ සාර්ථක වේ යැයි ඔවුන් බියෙන් පසුවෙනවා.” .

 

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියා සිටියේ ගොවීන්ට ලබාදී ඇති ණය කපා හරින බවත්, ඇප රහිතව මිලියන ගණන් ණය ලබාගෙන ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කපා හරින ලද ණය අනුමැතිය ඉවත් කරන බවත් ඔහු කියා සිටියේය.

 

“ගොවීන්ට ලබාදී ඇති ණය කපා දමන්නේ කෙසේද කියා සමහරු මගෙන් ප්‍රශ්න කරනවා. මම ඒක කරන්නේ කොහොමද කියලා මම එයාලට පෙන්වන්නම්,”

 

එමෙන්ම තමන් බලයට පත් වූ විට  දිවංගත සිය පියා වන ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති යළි හඳුන්වා දෙන බවත්  ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි