SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තලතා අතුකෝරල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට පත්වූ කරුණාරත්න පරණවිතාන

2022 මැයි මස එකොළොස් වැනිදා හෝ 12 වෙනිදා හරි අපූරු ප්‍රකාශයක් මාධ්‍ය ඉදිරියට පැමිණ සිදු කරනවා.

 

 

ඒ තමයි සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක හැකි ඉක්මනින් ආණ්ඩුව බාරගෙන කටයුතු කළ යුතු බවයි.

 

 

එසේ නොකළොත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනි වන අතර නැවත කිසිම දිනක ලංකාවේ ආණ්ඩු බලය ඉල්ලා සිටීමේ අයිතිය සජිත් ප්‍රේමදාසටත් අනුර කුමාර දිසානායකටත් අහිමි වන බව ඔහු ප්‍රකාශ කරනවා.

 

එම මොහොතේ රටේ පැවැති ව්‍යාකූල තත්ත්වය මත රාජ්‍යයේ වගකීම බාර ගැනීමට අනුර සජිත් හෝ ඔවුන් නියෝජනය කළ දේශපාලන පක්ෂ අදිමදි කළ අතර ඔවුන්ගේ පූර්ණ අවධානය යොමු වී තිබුණේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය දෙසයි.

 

 

විශේෂයෙන් මේ මොහොතේ සමගි ජන බලවේගය නියෝජනය කරන බොහෝ දෙනා එම වගකීම අතහැර පලා ගිය අයයි. විශේෂයෙන් පොහොට්ටුව අත ඇර පලා ගිය සියලු දෙනාද එවැනිම දේශපාලනය කිරීම සඳහා ඇති අයිතිය අහිමි කර ගත් අයයි. ඔවුන් එම අවස්ථාවේ පලා යන්නේත් නැවත රට සාමකාමී වී සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු බලය ඉල්ලන්නේත් ඔවුන්ගේ අසීලාචාර බව නිසා මිස වෙන කුමක් නිසාද?

 

 

රාජ්‍යය දිවි හිමියෙන් රැකීමට දිවුරා පොරොන්දු වී පාර්ලිමේන්තුවට පැමිණි මෙම දේශපාලඥයින් එම වගකීමෙන් පලා ගොස් රට අරාජිකව විනාශ වීමට වැඩ සලස්වා, නැවත රාජ්‍ය බලය ලබාගැනීමට කටයුතු කරන්නේ පලායාම මෙන්ම නැවත ඉල්ලීමේත් දීත් ඔවුන්ට වරදකාරී හැඟීමක් ඇති නොවන අශීලාචාර ගති ලක්ෂණ නිසාය.

 

 

නමුත් එක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පමණක් තිබූ රනිල් වික්‍රමසිංහ එම නිශ්චිත මොහොතේදී මග නොහැර රට භාරගෙන නැවත ජනයාගේ ජීවිතය යථා තත්ත්වයට පත්කර රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් සමාජ ස්ථාවර භාවයත්, දේශපාලන ක්‍රමයත් නැවත ස්ථාපිත කොට රටේ ආර්ථිකය දෙපයින් නගා සිටවා ඔලුව කෙලින් තියාගෙන අභිමානවත් නායකයෙකු ලෙස රාජ්‍ය බලය නැවත ඉල්ලීමට හැකියාව ලැබී තිබෙන්නේත්  රනිල් වික්‍රමසිංහගේ ශීලාචාර බව නිසාය.

 

 

තමාගේ දිවුරුමට නොහොත් ජනරජය සමග ඇති එකඟතාවයට ගිවිසුමට අනුව රනිල් වික්‍රමසිංහ අමාරු අවස්ථාවේදී මේ රට බාර ගැනීමට තරම් ශීලාචාර විය. ඔවුන් නැවතත් ජනතාවගෙන් ශීලාචාර ජනවරමක් ඉල්ලා සිටියි. ඒ ඔහූ මෙතෙක් කරගෙන පැමිණි වැඩ කොටස සම්පූර්ණ කිරීමටයි. ඔහුට එම ජනවරම ලබාදීමට තරම් අප සීලාචාර ද නැද්ද යන්න මෙම මැතිවරණයෙන් ඔප්පු වනු ඇත.

 

ස්තුතියි.

 

@ තුෂාර දේශප්‍රිය වන්නිආරච්චි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි