SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර මැතිවරණය යනු මේ රට නැවත වතාවක් බංකොලොත්භාවයට පත්වෙනවාද නැද්ද? රටේ සෛවරීභාවය නැවත අත්පත් කරගන්නේ කොහොමද?

අපේ රටේ අනාගත දූදරුවන්ට නව අනාගතයක් බිහිකරන්නේ කොහොමද කියන බලගතු බුද්ධිමත් තීරණයක් ගන්න සිදුවන අවස්ථාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

 

 

එය අසීරු කරුණක් බවත්, එහෙත් එවන් අසීරු අභියෝග ජයගත් කණ්ඩායමක් සමගි ජන සන්දානය වටා සිටින බවත් ඔහු පවසයි.

 

පාඨලී මේ බව පැවසුවේ අද (11) නුගෝගොඩ ආනන්ද සමරකොන් එළිමහන් පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ විශේෂ සමුළුවේදී අදහස් දක්වමිනි.

 

ananda samarakoon

 

 

“ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි 2015 දීපු ජනවරමට පිටුපාල වැඩකළා. පටන් ගන්නකොටම මහබැංකු කොල්ලයක් කරල අපිට සම්පූර්ණයෙන් සමාජය ඉදිරියේ ලැජ්ජා කළා. මතක තියාගන්න 2016 දෙවැනි වතාවටත් මහ බැංකුව කොල්ලකෑවට පස්සෙ මේ මහබැංකු අධිපතිව අයින් කරන්න කියල රනිල් වික්‍රමසිංහට කිව්වම එයා කිව්ව මම අයින්වෙනව කියල. ඒ අවස්ථාවේ මම ඉදිරිපත් වෙලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කිව්වා, ‘ජනාධිපතිතුමා අර්ජුන් මහේන්ද්‍රන් මේ තනතුරින් අයින් කළේ නැත්නම් මම මේ ආණ්ඩුවෙන් යනව විතරක් නෙවෙයි ඔබට එරෙහිව ක්‍රියාකරන්න අපි යනව, රනිල්ට ඔින නම් යන්න කියන්න කියලා’. අන්න එහෙම තමයි අර ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියන වැදගත් මිනිහ මේ රටේ මහ බැංකු අධිපති උනේ.

 

 

 

දැන් හෙට තවත් නාඩගමක් නටන්න යනව කියල ආරංචියි. රුපියල් බිලියන 290ක් හෙට බැඳුම්කර නිකුත්වෙනවා. ආරංචියි අර පරණ, වනචර, තක්කඩි රැළ වටවෙලා වැඩි පොළියට මේක අරගන්න යනවයි කියල. ඒනිසා මම මුදල් ඇමති රනිල් වික්‍රමසිංහට කියනවා අපි හොඳට බලාගෙන ඉන්නෙ, තව වතාවක් මහ බැංකු බැඳුම්කරය වගේ කොල්ලයක් කරන්න මේ ඡන්දය කට උඩ තියාගෙන, මේ රටේ ජනයා තවත් ණය කාරයො කරන්න අපි ඉඩ තියන්නෑ ඔබට. ඒ අනතුරු ඇඟවීම ඔය බැඳුම්කර ගන්න සියලුම අයට අපි කියනවා. එවැනි වංචාවලට සජිත් ප්‍රේමදාස යටතේ ඉඩක් නෑ කියල අපි මතක් කරනවා ”.

 

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි