SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් තුළ  මහත් ජනප්‍රියත්වයකට පත් ගීත කිහිපයකම නිර්මාණකරු වූ  දෘෂ්ටිවාදයක් තුළ පිහිටා

දෘෂ්ටිවාදයෙන් නිදහස් වන්නට නිර්මාණකරණයේ යෙදුනු සේනක බටගොඩ කලාකරුවා තම දිවිසැරිය නිමවා ඇත.

 

“සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
 
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
ඕඕඕ ඕඕඕ ඕඕඕ ඕඕඕ
 
සෑම දෙයම නිම විය හැක නිමේෂයක
එහෙම උනොතින් මොනවා හිතන්නද
සිහින විමන්වල කවුළු පියන් හැරුණම
අනන්තයට යනවාමයි ඒ මොහොතේම
 
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක..
ඕඕඕ ඕඕඕ ඕඕඕ ඕඕඕ"
 

 

මේ ඔහු වෙනුවෙන් පළ වූ අදහස් කිහිපයක්..

 

 

සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක්- (අශෝක හඳගම)

 

 

මං සේනක බටගොඩ ගායකයෙක් විතරක් කියලා කියන්නේ නැහැ. ඔහු, ගීත වලට තනු නිර්මාණය කරන්නෙක් විතරයි කියලා කියන්නෙත් නැහැ. වෙන කවුරුවත් ලියල දෙන පද පේළියකට තනුවක් දාලා කියන එක විතරක් නෙවෙයි ඔහු කලේ.

 

සේනක බටගොඩ ජීවිතේ ගැන සංදෘෂ්ටිකවාදී දෘෂ්ටියක් තිබ්බ කලාකරුවෙක් කියලයි මට හිතෙන්නේ.

 

අපි කවුරුද ගීතය අලුතෙන් තරුණ තරුණියන් අතර ජනප්‍රිය වුණේ සංගීත් විජේසූරියගේ WAYO සංගීත කණ්ඩායමේ ගීතයක් විදිහට. පස්සේ තමයි එහි ඇත්ත නිර්මාණකරුවා හඳුනා ගත්තේ. විජේරත්න වරකාගොඩ ගේ රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීතයත් ඒ වගේ. මේ ගීත එතරම් ජන ආකර්ෂණයක් නැතුව වැලලිලා තියෙද්දි ඒකට අලුතෙන් සංගීත සංයෝජනයන් යොදලා, කොල්ලෝ කෙල්ලෝ නැටවෙන විදිහට පණ ගහලා ගත්තේ සංගීත්ලා, B&S ( සිරි සඟ බෝධි මාලිගාවේදී ) වගේ අලුත් ගායකයෝ. මේ ප්‍රයත්නයන් අගය කරනවා වෙනුවට ඒවායේ මුල් අයිතිය වෙනුවෙන් රණ්ඩු කරගන්න ගිහින් අපිට හොඳ ගීත එකතුවක් update වෙන්නේ නැතුව අහිමි වෙනවා කියලයි මට හිතෙන්නේ. ඒවා සාමකාමීව කිනෙකාට ප්‍රයෝජනවත් වෙන විදිහට විසඳගන්නවනම් හොඳයි. (ජිප්සීස් ගායක සුනිල් අයියා ඒවගේ කෙනෙක්)

 

සේනක බටගොඩ ආයෙත් මිනිස්සු හඳුනා ගන්නකොට ඔහු වයසට ගිහින්. යළිත් මිනිස්සු අතරට එනකොට එයා යන්නම ගිහින්.

සුබ ගමන් මිත්‍රයා ..

(අශෝක හඳගම)

 

සේනක බටගොඩ කියන්නෙ ලංකාවෙ Folk Rock Artist කෙනෙක්- (චිනත්න ධර්මදාස)

 

 

සේනක බටගොඩ ලියන වචන වෙනස්. ඒ වචන පිටිපස්සෙ සාංදෘෂ්ටික බලාපොරොත්තුවක් තියෙනවා. සියල්ල මරණයෙන් අවසන් වන ශුන්‍යතාවයකුත් තියෙනවා. මට හිතෙන්නෙ සේනක බටගොඩ කියන්නෙ ලංකාවෙ Folk Rock Artist කෙනෙක්.

 

ඒ වචන, ඒ මෙලඩි තිබුනෙ සේනක ළග විතරයි. ඊට කලින් හෝ පස්සෙ නැවත ඒ වගේ වැඩ කරන්න පුළුවන්කමක් නෑ. ඒක සේනකගේ ආර්ට් එක. අපිට පුළුවන් එයාගෙ සිංදු අරගෙන කුලියට කියන්න විතරයි. හැබැයි ඒ ස්පිරිට් එක එයාගෙ.

 

සේනක බටගොඩ විශාල ප්‍රේක්ෂාගාරයක් විසින් වැළඳගන්නා හැටිත්, එයාගෙ 'කල්ට්' ගතිය මහා ධාරවට මුහුවෙන හැටිත් මං ආසාවෙන් බලන් හිටියා. සේනක බට‍ගොඩ කියන්නෙ මට අනුව සංතෘප්ත වුනු පුරාවෘත්තයක්. ඒ සුන්දර අසිරිමත් සංගීතවේදියා විඳින්නට, වැළඳගන්නට ලැබීම ගැන ම‍ට තියෙන්නෙ නොමියෙන ආදරනීය හැගීමක්.

 

සුබ ගමන් සේනක.

අපි කවුරුද කියලා ‍හොයාගෙන යන සංසාර චාරිකාවෙ ආයිමත් වචන ගැටගැහුනොත් සිංදුවක් කියන්න.

(චින්තන ධර්මදාස)

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි