SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ට නීතිය හමුවේ ලබාදිය හැකි උපරිම දඬුවම ලබාදෙන බව

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියයි.

 

 

මාවතගම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු ඒ බව පවසා ඇත.

 

 

"අනුර කුමාර දිසානායක ලැජ්ජයි, මහ ලොකුවට සමාජ වාදය ගැන කතාකරකර රනිල් වික්‍රමසිංහත් එක්ක මේ දේශපාලන ඩීල් එක ගහන්නේ. රට ගොඩගන්න නොවෙයි. ඒගොල්ලන්ට ගොඩ එන්න.

 

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ත්‍රස්තවාදීන්, ම්ලේච්ඡයන්, මහමොළකරුවන් අපි අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙන එනවා පමණක් නොවෙයි ඒ මහමොළකරුවන්ට නීතිය යටතේ ලබාදිය යුතු ලොකුම දඬුවම ලබාදෙන්න අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා.

 

දැන් ඉන්න අනුප්‍රාප්තික ජනපතිවරයාත් කිව්වා පාස්කු ප්‍රහාරයට ඒ සුලමුල සොයන්නට සාධාරණත්වයක් ඉෂ්ඨ කරනවයි කියලා. දැන් ඉන්න අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කලෙත් නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කලෙත් නැහැ. ඇයි සත්‍ය වසන් කළේ?

 

අපේ රටේ ලක්ෂ 220ක් ජනතාව මගේම පවුලේ සාමාජිකයින් හැටියට සලකලා ඔබේ ප්‍රශ්නය මගේ ප්‍රශ්නය බවට පත්කරලා අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලට උත්තර සපයනවා."

 

 

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්ක කර ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වූ අතර මේ වනවිට එය සිදුව වසර පහක් ගෙවී ගොස් අවසන්ය.

 

එම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 277 දෙනෙක් මරණයට පත් වූ අතර ඉන් අනතුරුව ජනාධිපතිවරුන් දෙදෙනෙක් මෙරට රාජ්‍ය නායකයින් ලෙස පත්විය.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි