ජනමාධ්‍යකාරයෝ කියන්නේ පොර කුකුළ්ලු ජාතියක්. උන් අතරේ ඇඟේ හයියට කොටා ගන්න එවුනුත් ඉන්නව.
අයිතිකාරයාගේ ඔට්ටුවලට කොටා ගන්න එවුනුත් ඉන්නව. හැබයි වැඩිපුරම ඉන්නේ දෙවෙනියට කියපු වර්ගයේ සත්තු. උන්ට කන්න බොන්න දුන්නම ඕන එකෙකුට අනිනව හාම්පුතා වෙනුවෙන්. ලිබරල්ලු කියන්නේම හිකනල්ලු ජාතියක්. උන් සද්දයක් ඇහෙනකොට හැන්ගෙනව. සද්ද නැතිවෙලාවට එහෙමෙහෙ උන්ගේ ලස්සන ශරීරය පෙන්නපෙන්න.
දැන් මේ ලියන මම ජනමාධ්‍යකාරයෙක් ද? මම රටේ කිසිම පත්තරයක මාස් පඩියට වැඩ කරල නෑ. ආන්ඩුවේ ජනමාධ්‍ය හැදිනුම්පත මම ලඟ තිබුනේ මගේ මීඩියා ජීවිතේ අවුරුදු 40න් පහක් විතරයි. මම අඩුම තරමේ කොටි පාලනය පවතින ප්‍රදේශවලට යන කාලේ මට කිසිම ජනමාධ්‍ය හැදිනුම් පතක් තිබුනේ නෑ.
මිඩියා හැදිනුම්පත් තියෙන එවුන් කන්තොරුවල පුටු රත් කරමින් ටෙලිෆෝන්වලින් ප්‍රවෘත්ති ගන්න කොට අපි කළේ ජීවිතය නොතකා කිලාලි කලපුව හරහා යාමට ගිහින් එහේ ඉන්න රටේ පුරවැසියන්ට මොනවද වෙන්නේ කියල හොයල වාර්තා කරීම. මාධ්‍යකාරයෙකුට යුධ භූමියක දි පවා තමා කවුද කියල කියන්න ක්‍රමයක් නෑ. අපි ‘රතු කුරුස’ කාරයො නෙවෙයි කොඩි ගහගෙන යන්න. මම එතනදී කරේ පිංතුර ගන්න නොදැන හිටියත් කැඹරාවක් බෙල්ලේ එල්ලාගෙන සිටීම. කැමරාවක් බෙල්ලේ එල්ලා ගෙන සිටීම ‘ වෙඩි නොවදින’ කබායක් නෙවෙයි. ඒත් වෙඩි තියන එකා දෙපාරක් හිතනව “මූ මොකාද” යන්න.
මෙහෙම රටේ සිදුවෙන දේ වාර්තා කරද්දී සෝමවංශ අමරසිංහගේ පටන් සියලුම සිංහල ජාතිකවාදින් “සිංහල කොටිය” කියල අපිට අවමන් කරා. එවකට මම ලියපු ‘රාවය’ පත්තරේ කතෘ මණ්ඩලයත් මට විරුද්ධව පරීක්ෂණ තිබ්බ මම යාපනයේදී කොටි ගුවන් විදුලියත් සමඟ කළ සාකච්ඡාවේදි පත්තරේ ප්‍රතිපත්ති විවේචනය කළා යන චෝදනාව යටතේ. මම බිබීසියෙන් එලිය දමද්දී, මට කීව පවුම් 30000 අරගෙන කට වහගෙන ගෙදර යන්න කියල. මම කීව පවුම් මිලියනයක් විතර දුන්නොත් කට වහන්න “හිතන්න’ පුළුවනි කියල. අදටත් මම මෙහෙම ලියන්නේ ඒ පවුම් 30000 අරගෙන බීබීසිය විවේචනය කිරීමේ අයිතිය විකුණපු නැති නිසා. මම පුරාජේරු ලියන්නේ අපි ලිබරල් හිකනල්ලු වගේ නොවෙන බව කියන්න.
මේ වෙලාවේ අනතුර අරගෙන ජනාන්දෝලනය වාර්තා කරන හැම පුරවැසි වාර්තාකරුවෙක්ම අපි ආරක්ෂා කළ යුතුයි. උන් කෑවේ මොනවද, ඇයි එහෙම කරන්නේ කියල ප්‍රශ්ණ කරන්න, සද්දයක් එද්දී හැන්ගෙන ලිබරල් හිකනලුන්ට කිසිම අයිතියක් නෑ. අනික වාර්තාකරුවෙක් කියන්නේ අපක්ෂපාති මිනිහෙක් නෙවෙයි. පක්ෂපාති කෙනෙක්. අන්බයස් වාර්තා කියල වර්ගයක් නෑ. හැම වාර්තාවක්ම බයස්. පක්ෂපාතයි මොකකට හරි. අපි බීබීසී කියන වචන තුන ලීවේ “ බිගර්, බෙටර්, කොලනීස්” හැටියට. එහි වුවමනාව හොදින් තේරුම් ගත්තට පස්සේ.
ප්‍රදීප් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග හා රිචඩ් සොයිස මරපු වෙලාවේ ලිබරල් හිකනල්ලු ප්‍රශ්ණ කරා මේ තිදෙනා ජනමාධ්‍යකරුවන්ද යන වග. විශේෂයෙන් මේ වෙලාවේ ජනාධිපති කාර්යාලයේ ලොකුම ලොකු ලොන්ඩරියක් දාගෙන රනිල් රාජපක්ෂගේ කිළුටු හෝදන වික්ටර් අයිවන් මේ වැඩේ ප්‍රදිප් හා ලසන්තට විරුද්ධව අපුරුවට කළා. මේ “ශ්‍රේෂ්ඨ” පත්තරකාරයා යුධ භූමියේ සිට වාර්තා දුන් මරා දැමුණු නිමලරාජන් මයිල්වාගනම් ට පත්තරෙන් දෙන හැඳුනුම්පත පවා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා. නිමල්ගේ වාර්තා ටික විතරක් පත්තරේ දාගත්ත. මැරුවට පස්සේ කිසිම විළිලැජ්ජාවක් නැතුව “යාපනයේ අපේ වාර්තාකරු” කියල අමුතු තනතුරක් දුන්න. ඒ මිඩියා ලිබරලුන්ගේ නායකයා.
මේ කාලේ ඊනියා වාමාංශිකයන් හා ලිබරල්ලු එක්කො යුද්ධයට පක්ෂව හිටිය නැතිනම් හැංගිල හිටිය හිකනල්ලු වගේ, යුද්දේ සද්දෙට. දැන ජනාන්දෝලන යුගය. මේ යුගයේ දී සියලුම දෙනා ගොඩවල් දෙකකට වැටෙනව. ජන අරගලයේ සතුරෝ හා මිතුරෝ හැටියට. ජනාන්දෝලනයට සහාය දෙන සහභාගිවෙන, සටන්කරුවන්ට අපහාස කරන, ඊනියා මනෝ විශ්ලේෂණ ලියන ලිබරල් හිකනල්ලු වැටෙන්නේ ‘ජන හතුරන්’ ගේ එකතුවට. මේ වෙලාවේ රටේ ඉරණම වෙනස් කරන්න ඉදිරිපත්වෙන හැම කෙනෙක්ම මට අනුව විරයෙක්. මීඩියා ලොන්ඩරිවලට ගිහින් රනිල් රාජපක්ෂ පාලනයේ කිළුටු රෙදි හෝදන හැම ලිබරලයෙක්ම ‘දේශපාලන පාදඩයෙක්’.
30/07/2023