පමා රාජපක්ෂ මහ රජා බැරිම තැන මලය දැම්ම. පෝරිසාද රාජපක්ෂ රජා රට දාල දිව්ව. ඊට පස්සේ මඟුල් ඇතා රට පුරාමයැව්ව රජෙක් හොයන්න.
ඌ රටපුරාම කරක්ගහල කරගහල අන්තිමට කොළඹ 07 කුරුදුවත්තේ, කෙරෙන්බ්‍රිජ පෙදෙසේ පුච්චපු ගෙයක් ගාව නතර වුණා.
ගේ ඇතුලේ තෙමිච්ච හිවලෙක් වගේ හිටපු විජේවර්ධන - වික්‍කම සිංහ කුමාරය “මමයි රජා” කියල ඇතා පිටට නැග්ග. මේ ‘හිවල් රජා’ ඇතා පිට ගියේ කොළඹ කොටුවට විතරයි. එතැන් පටන් හෙලිටොප්පරේ යන්නේ.
පරණ රජ්ජු වගේම ‘හිවල් රජාත්’ විදේශිය තානාපතියෝ බාරගන්න මහනුවරට ‘කොප්ටරෙන්’ ගියේ. වියදම ලක්ෂ 87 කියල වාර්තා වෙනව. මේ ‘හිවල් රජා’ පැටි කාලෙත් බිමෙන් ගියේ නෑ. උඩින් ගියේ. මොකද උන්ගේ පරපුරවල්වල එකෙක් වත් පොලොවේ පය ගහල හිටියේ නෑ. උන් උඩ හිටියේ. වවුල්ලු වගේ එල්ලිල. ඒ ගැත්තන්ට පෙන්වන්න ‘රජ්ජුරුවෝ උඩයි, උඩයි. ගැති බල්ලෝ බිමයි, බිමයි’ කියන්න.
දැන් අර “මට දැන් කරන්න බැරි ගැහණියෙක් මිනිහෙක් කීරීම පමණයි” කියල කයිවාරු ගහල සිවිල් යුද්ධයකට රට යවපු ජයවඩ්ඩන මාමා හිවල වගේම ‘ හිවල් බෑණටත්’ හෙට අනිද්ද බත් බැලයෝ “උතුමානෙනි” කියන්න ගනී. ලියන්න ගනී. ඊට පිටිපස්සෙන් “ආර්යාවත්” ඒවී. ඔටුන්න හිමි ‘රුවන්’ කුමාරයත් ඒවි. මේව රටක “කේන්දරේ” හැටියට වෙන්න තියෙන දේවල්. ඒකයි පැරැන්නෝ කීවේ, ‘බලියේ හැටියටයි කට තියෙන්නේ’ ‘තැනේ හැටියටයි ඇණේ වදින්නේ’. එහෙම කීවේ රටේ මිනිස්සුන්ට ගැලපෙන්නයි රජා ඉන්නේ බව දැනගෙන.
මේව දැක්ක්ම අර කවුද ලියල තිබුණ වගේ ලෝක සිතියමේ ලංකාව පෙන්නේ ඉංදියාව තටමල තටමල දාපු ‘බෙට්ටක්’ වගේ. ඒකේ විශාල ඇත්තක් තියෙනව. ආගම් පිස්සුවයි දේශය - පාලනයයි දෙපැත්තෙන්ම ගත්තම.
‘බලියට හොඳනම් කට’ අපි මක්කැයි කොරන්නේ...?
නිකමට මේ 1981 'ඇත්ත' පත්තර සිරස්තල බලන්න...!
නන්දන වීරරත්න