SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංස්කෘතිය යන නම ඇසෙන විටම අපට අතීතය ගැන සිහිවීම නිතැතින්ම සිදුවන්නකි.

ඵහෙත් සංස්කෘතිය යනු අපි කන බොන, අදින පලදින, ජීවත්වන, සිතන පතන, ඵකිනෙකා අතර පවත්වන සබදතා දක්වන විදිය යැයි කීවොත් ඔබ ඵය ට ඵකග වනු ඇත.මිනිසා ඇතුලු සියලුම සතුන් සොබා දහමට අනුව ඉපදුනත් මිනිස් සත්වයා ඵයට ඇතුලත්ව  ගෙවන සංස්කෘතික ජීවිතයක් ද ඔහුට ඇත. සොබාදහමින් තමාට ලැබෙන සියලු දෑ තමාට අනුව සකස්  කරගනිමින් මිනිසා තම අවශ්‍යතා සපුරා ගනියි.මතකය ගබඩා කර තැබිම හා නිර්මාණාත්මක සිතීම යන ප්‍රධාන කාරනා දෙක නිසා මිනිසා සුවිශේෂී ගමනක් නුතනත්වය දක්වා පැමිණ ඇත.ඔහු පසු කරමින් සිටි හැම යුගයකම ඔහු ජීවත් ව සිටි විවිධ ජිවන හැඩතලයන් වල ආකෘතිය සංස්කෘතිය ලෙස හදුනා ගැනේ.

ගින්දර සොයා ගැනීමට පෙර සිටි මිනිසාගේ සංස්කෘතිය, ඉන් පසුව සිටි මිනිසාගෙන් වෙනස් විය.දඩයම් යුගයේ සිටි මිනිසාගේ සංස්කෘතිය,කෘෂි යුගයට පැමිණි විට වෙනස් විය. කාර්මික යුගයේ දී ඵය වෙනස්ම ඵකක් විය. අද ඵය ඩිජිටල් යුගයක් කරා විත් තිබේ.මේ සියලු තැන්හි ඔහුගේ ජිවන ක්‍රමයේ ඇති වු වෙනස්කම් සංස්කෘතික වෙනස්කම් ලෙස දැක ගත හැකිවිය.

කල්යා 4

තවද මිනිසුන් විසින් සංවිධානය වී විවිධ පාලන ක්‍රම තුල සාදාගත්, වහල්, වැඩවසම්,ධනවාදී සමාජ ක්‍රම තුලද සංස්කෘතික වෙනස්කම් වීය.ඵක් ඵක් සමාජ ක්‍රම තම නිෂ්පාදනය සංවිධානය කරගන්නා ආකාරය අනුව ඵහි යටිතලයේ සැකසුම මෙම සංස්කෘතිය ගැන  කියා පෑ සාධකයයි.වැඩවසම් ලක්ෂණ සහිත රාජාණ්ඩු වල ජීවත් වු  ලාංකික මිනිසා ගේ සිතීම් ලෝකය.පසුව පැමිණි ආක්‍රමණික වෙළද  ජාතීන්ගේ යටත් කිරීම් නිසා උරුම වු සංස්කෘතිය තුල වෙනස්ම හැඩයන් වලට ලක් විය.දුපතක්ව පිහිටීමෙි භූ ලක්ෂණ නිසා ලොකයේ හතර දෙසින් පැමිණි වෙළදාම සොයා ගිය වෙළදුන්ගේ මධ්‍යස්ථානයක් වීමේ ග්‍රහනය නිසා ලංකාව විවිධ ජාතීන්ගෙන් මිශ්‍රිත වු පෙරදිග සංස්කෘතික මධ්‍යස්ථානයක් ද වීය.ආක්‍රමණ නිසා ඵම බලපෑම් හරහා අපේ සංස්කෘතිය තව තවත් පෝෂණය වී වැඩුනු තැන්වල ශේෂයන් අදටත් ඉතිරිව ඇත..    

නුතනයේ සියලු රටවල ආර්ථිකයන් ඵකම ගෝලීය ආර්ථික මොඩලයකට ගැට ගසමින් ඇත. ඒ මත හැඩ ගැසි ඇති සමාජ.සංස්කෘතිය අද වන විට ලෝකයේ සියලු ජාතීන් සමජාතීයක් බවට පත් කරවන ගමනක් අරබා ඇත. තොරතුරු තාක්ෂනයේ පිමි වර්ධනයත් සමග ඵය වඩා වෙිගවත් කරවා ඇත. පෙර අප පරිහරනය කල භෞතික සම්පත් මත අපගේ සිතුම් පැතුම් ලෝකය,සංස්කෘතිය සකස් විය.ඵහෙත්  අද ඵය කාලානුරූපව වෙනස් වෙමින් යයි. සංස්කෘතිය ඵක තැන තිබෙන දෙයක් නොවන්නේත් ඵය වෙනස්වන දෙයක් වන්නේත් අප‌ගේ ජීවන අර්ථ ක්‍රම මත  අපගේ ජීවන විලාසිතා වෙනස්වීම නිසාය.

ඵහෙත් නවින වර්ථමානයේ ජීවත්වන බොහෝ දෙනා තම මනස තමාට සුපුරුදු ජීවන අතීතය හා ඵහි සංස්කෘතිය වෙත රැගෙන යයි. ඵනයින් වෙනස් විමේ වෙිදනාවන් දරා ගෙන වර්තමානයේ කල්ගෙවයි.මනසින් අතීතය ෆැන්ටසිකරණය කරයි.සමහර විටෙක අනාගත වෙනස් විමේ  අවිනිෂ්චිත ආගන්තුක බියක් නිසා මෙය සිදුවේ. වෙනස්වීම නිසා දරන්නට වු ආතතින් නිසා.ඵම ආතතින් සමහර විටෙක සංස්කෘතික අන්තවාදයන් ද බිහිකරයි. අප බාර ගත යුතුව ඇත්තේ වෙනස්වන සංස්කාතිය මිස සංස්කාතික අන්තවාදයන් නොවේ.

@ sathiya.lk

නවතම ලිපි