හාමුදුරුවෝ 'අවුලක් නෑ' කිවුවා කියලා නටාගෙන යන්න එපා මිනිස්සු!
මේ තියෙන්නෙ ශ්‍රී පාදස්ථානනේ හැටන් මාර්ගයේ සිදුවෙච්ච නාය යෑමෙයි , ශ්‍රී පාදස්ථානයේ දෙහෙනකන්ද මාර්ගය සයිඩ් එකෙන් වෙච්ච නායයෑමකයි ෆොටෝස් ටිකක්.



ඉතින් ආයෙත් මතක් කරනවා ඔයාලා මේ වාරේ ශ්‍රී පාදස්ථානය කරුණා කරන්න හිතාගෙන ඉන්නවනම්, අඩුම මාස එක හමාරක්වත් යනකම් ඉන්න. මොකද තාමත් මේ පස් වලට උරාගත්ත වතුර මේ පස් වලට දරාගන්න බෑ. ඕනම මොහොතක මේ විදිහෙ නාය යෑමක් වෙන්න පුලුවන්.
ඒ වගේම කට්ටිය කියනව මේක නාය යෑමක් නෙමෙයි ගල උඩ තිබ්බ පස් සෝදාගෙන යාමක් කියල. ඉතින් ඒ සංසිද්දිය පැහැදිලි කරන්න තමයි සිංහල භාශාවෙ සරල වචනයක් දීලා තියෙන්නෙ " නාය යෑම් " කියල.
ඔයාල කියයි ජීවිත අවදානම් වෙන්නෙ නෑ, ඔතන හාස්කම් තියෙන තැනක්, දෙවියො බලන් ඉන්නෙ, කට වරද්දගන්න එපා කියල. මට අහන්න තියෙන්නෙ තමන්ගෙ ජීවිතේ දෙවියන්ට, හාස්කම් වලට බාර දීලා අවදානමක් ගන්න පුලුවන් තත්වෙක ඔයා ඉන්නවද කියල ඔයාගෙ හිතෙන්ම ඔයා අහල බලන්න.
අනිත් එක මේ නාය යෑම, මේ වාරේ මිනිස්සු එන එක සීමා කරන්න කියල දෙවියොම දීපු ඉඟියක්ද කියල ඔයාවත් මමවත් දන්නවද?
මෙච්චර මේ ගැන කියන්නෙ අනිත් වාර වල වගේ පඩිපෙල් පිරිල පැය ගනන් හෙල්ලෙන්නවත් බැරුව මිනිස්සු ඉද්දි මේ වගේ විපතක් උනානම්, දුවාගන්නවත් පුලුවන් වෙයිද? ඔයාල වාරෙ පලවෙනි මාසෙම ශ්‍රී පාදය කරුණා කරේ නෑ කියල ලැබෙන පින් අඩු වෙන්නෙ නෑ. ඒ නිසා ඉවසන්න පොඩ්ඩක් හැමදේම යථා තත්ත්වයට පත් වෙනකම්.
@ Vihanga De Walker
උපුටාගැනීමකි.

