SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(විශ්ලේෂණාත්මක අධිකරණ වාර්තාව)

යුක්තිය පසිඳලීමේ පදනම සහ නඩුවෙහි සැබෑ මායිම -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තිය මගින් තහවුරු කර ඇති සාධාරණ නඩු විභාගයක් සඳහා වන අයිතිය (Right to a Fair Trial), අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක කේන්ද්‍රීය පදනමයි. යම් අපරාධ නඩුවකදී අධිකරණය හමුවේ ඇති පරම කාර්යභාරය වන්නේ, විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති 'අධිචෝදනා පත්‍රයට' (Indictment) අදාළ කරුණු සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වන්නේද යන්න විමසා බැලීම පමණි.

 

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුවේ අධිචෝදනා පදනම් වී ඇත්තේ මූලික වශයෙන් ඉමියුනෝග්ලොබියුලින් (Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab) යන ඖෂධ දෙක සම්බන්ධයෙනි. එහෙත්, පසුගිය නඩුවාර කිහිපය පුරාවටම පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වයම නඩු නිමිත්තෙන් තරමක් බැහැරව, වෙනත් සාමාන්‍ය ඖෂධ, මෙරට පැවති ආර්ථික අර්බුදය සහ සමස්ත ඖෂධ හිඟය වැනි බාහිර කරුණු වෙත වැඩි අවධානයක් යොමු කරන ආකාරයක් නිරීක්ෂණය විය.

 

2026 මාර්තු 03 වන දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් ලබා දුන් දැඩි අවවාදය හරහා නඩුව නැවතත් එහි නිවැරදි සහ නීත්‍යානුකූල මාවතට අවතීර්ණ කර ඇත.

image 01b0e13721

 

2026 මාර්තු 03 - අධිකරණය උණුසුම් කළ නීතිඥ තර්ක විතර්ක

 

නඩුවේ 37 වන පැමිණිල්ලේ සාක්ෂිකාරිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති ගෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම නැවත ප්‍රශ්න ඇසීමේදී (Re-examination) ඇතිවූ තත්ත්වයක් මත අධිකරණය තුළ උණුසුම් සංවාදයක් නිර්මාණය විය. දෙවන විත්තිකරුගේ නීතීඥ අසේල සේරසිංහ ඊට විරුද්ධත්වය දැක්වීමත් සමඟ එම තර්ක විතර්ක දිගහැරුණේ මෙලෙසිනි:

නීතිඥ අසේල සේරසිංහ (විත්තිය):

"නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මම මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න නඟනවා. මම මෙහෙම ඇසුවා ඒකට ඇය උත්තර දුන්නේ කියලා මම අහපු නැති හරස් ප්‍රශ්නත් මම ඇසුවා කියලා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සාක්ෂිකාරියගෙන් ඇසුවා. පැමිණිල්ල කියන ආකාරයේ ප්‍රශ්න මම සාක්ෂිකාරියගෙන් ඇසුවේ නෑ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දිගින් දිගටම නැවත ප්‍රශ්නවලදී ප්‍රශ්න විමසන ආකාරය ගැන විරුද්ධයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ එලෙස ප්‍රශ්න ඇසීම විත්තියට කරන දැඩි අසාධාරණයක්."

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය (පැමිණිල්ල):

"විත්තියේ නීතිඥ මහත්තයා එහෙම සාක්ෂියක් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් ඇසුවත් මෙතන මාධ්‍ය ඉන්න නිසා ඒවා මාධ්‍යයේ පළ කරන්නයි මෙහෙම මගේ නැවත ප්‍රශ්න වලට විරුද්ධත්වය දක්වන්නේ."

නීතිඥ නයන්ත විජේසුන්දර (අටවන විත්තිකරු වෙනුවෙන්):

"ජනමාධ්‍යවේදීන් කරන්නේ ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් වාර්තා කරන්නේ අධිකරණය තුළ සිදුවන දේවල්. පැමිණිල්ලේ නීතිඥවරිය ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ කරලා කරුණු දැක්වීම සුදුසු නෑ."

නීතිඥ අසේල සේරසිංහ:

"හරි මීට පස්සේ කිසිම කරුණක් ගැන විරෝධතා නගන්නේ නෑ. පැමිණිල්ලේ නීතිඥවරියට ඕන විදිහටම කරුණු දක්වන්න ඉඩ දෙන්න."

 

මෙම අවස්ථාවේදී මැදිහත් වූ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, බාහිර කරුණු සහ මාධ්‍ය අවධානය පසෙකලා නඩු නිමිත්තට පමණක් අදාළව කටයුතු කරන ලෙස දෙපාර්ශ්වයටම දැඩිව අවවාද කළේය.

 

“අධිකරණය සලකා බලන්නේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සාක්ෂි මිස ජනමාධ්‍ය හෝ වෙනත් පාර්ශ්ව නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන කරුණු නොවන” බව විනිසුරුවරයා අවධාරණය කළේය. තවද, සාක්ෂිකාරියටද දිවා විවේකය තුළ පැමිණිල්ලේ නීතිඥවරුන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින ලෙස නියෝග කළේය.

 

විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ මතුවූ තවත් තීරණාත්මක සංවාද

image 07b40f04ca

 

හරස් ප්‍රශ්න විමසීමේදී මෙරට පැවති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද විත්තිය සහ පැමිණිල්ල අතර තවත් සංවාදයක් ඇති විය:

නීතිඥ නුවන් ජයවර්ධන (හයවන විත්තිකරු වෙනුවෙන්):

"...ඔබ සාක්ෂි දෙමින් කීවා 2023 වසරේ ජනවාරි මාසය තුළ දෙවරක් ඖෂධ නියාමන අධිකාරියේ ඔබ නියෝජනය කළ මෙක් කමිටුව (MEC) රැස්වුනා කියලා. ඒ කාලේ රට තුළ ලොකු ඖෂධ හිඟයක් තිබුණා. ඒ වගේම එය අප රට ආර්ථික අර්බුදයකට ලක්වී තිබූ කාලයක්."

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය:

"ආර්ථික අර්බුදයක් පැවතුණා කියලා හරස් ප්‍රශ්න අහන්න බෑ."

සභාපති විනිසුරුවරයා:

"ඒක සරල විදිහට අහන්න."

මීට අමතරව විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ විශේෂඥ වෛද්‍ය චාන්දනී ගලප්පත්ති නඩුවට අදාළ තවත් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළාය:

 

  • ඖෂධ ගබඩා කිරීම සහ සංකූලතා:

නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ වුවද නිසි උෂ්ණත්වය යටතේ ආරක්ෂිතව ගබඩා නොකළහොත් රෝගීන්ට අසාත්මිකතා ඇතිවිය හැකි බවත්, අත කැසීම්, දහදිය දැමීම් වැනි තත්ත්වයන් අවම සංකූලතා ලෙස සැලකිය හැකි බවත් ඇය පිළිගත්තාය.

  • ජීව විද්‍යාත්මක ඖෂධ (Immunoglobulin) නීති:

මානව සංඝටක උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ජෛව විද්‍යාත්මක ඖෂධ සම්බන්ධයෙන් යුරෝපය තුළ පවතින නීතිමය තත්ත්වය වෙනස් වී ඇති බවත්, එවැනි නිෂ්පාදන යුරෝපයේ තහනම් කර ඇති බවට විත්තිය කළ යෝජනාව ඇය එකඟත්වය පළ කළාය.

  • දත්ත පද්ධතිය විනාශ වීම:

2023 වසරේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සැපයුම්කරුවන්ගේ දත්ත පද්ධතිය විනාශ වී ඇති බව තමා මාධ්‍ය හරහා දැනගත් බවද ඇය පැවසුවාය.

පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැවත ප්‍රශ්න ඇසීමේදී (Re-examination) සාක්ෂිකාරිය සඳහන් කර සිටියේ, හරස් ප්‍රශ්නවලදී තමා ලබා දුන් සමහර පිළිතුරු සිය පෞද්ගලික මතකය මත පදනම් වූ ඒවා බවත්, සමහර ප්‍රශ්න නිසි ලෙස අවබෝධ කර නොගෙන පිළිතුරු දුන් බවත්ය.

ඉන් අනතුරුව පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු ලෙස නම් කර ඇති ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම සිය සාක්ෂි ලබා දීම පස්වරුවේ ආරම්භ කළ අතර වැඩිදුර සාක්ෂි විභාගය අද (04) දක්වා කල් තැබිණි.

 

 LEGAL gavel scale book 10 5 2018

 

නඩු වාර්තාව

03/03/2026

 

තම අධිකරණය විසින් සලකා බලනුයේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සාක්ෂි, ලේඛන හා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කරනු ලබන කරුණු මිස ජනමාධ්‍ය හෝ වෙනත් පාර්ශ්ව නඩුව සම්බන්ධයෙන්  ඉදිරිපත් කරනු ලබන වෙනත් කරුණු නොවන්නේ යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12  දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නඩුවේදී කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (30) පැවසීය.

එබැවින් නඩුකරයට පාදක වූ කරුණු මිස වෙනත් අනවශ්‍ය කරුණු ගැන අධිකරණය හමුවේදී කරුණු දැක්වීමට  පැමිණිල්ල මෙන්ම විත්ති පාර්ශ්වයද වග බලා ගතයුතු බවටද සභාපති විනිසුරුවරයා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට අවවාද කළේය.

එම නඩුවේ 37 වන පැමිණිල්ලේ සාක්ෂිකාරිය ලෙස කැඳවා තිබූ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මියගෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය නැවත ප්‍රශ්න අසමින් ඉදිරිපත් කළ ප්‍රශ්නයක් පිළිබඳව දෙවන විත්තිකරු වෙනුවෙන්  පෙනී සිටි නීතීඥ අසේල සේරසිංහ මහතා විරුද්ධත්වය දැක්වීය.

නීතිඥ අසේල සේරසිංහ මහතා  ; නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මම මෙම සාක්ෂිකාරියගෙන් ප්‍රශ්න  නඟනවා. මම මෙහෙම  ඇසුවා ඒකට ඇය උත්තර දුන්නේ කියලා මම අහපු  නැති හරස් ප්‍රශ්නත් මම ඇසුවා කියලා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සාක්ෂිකාරියගෙන් ඇසුවා.  පැමිණිල්ල කියන ආකාරයේ ප්‍රශ්න මම සාක්ෂිකාරියගෙන් ඇසුවේ නෑ. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දිගින් දිගටම නැවත ප්‍රශ්නවලදී ප්‍රශ්න විමසන ආකාරය ගැන විරුද්ධයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ එලෙස ප්‍රශ්න ඇසීම විත්තියට කරන දැඩි අසාධාරණයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; විත්තියේ නීතිඥ මහත්තයා එහෙම සාක්ෂියක් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න අසමින් ඇසුවත් මෙතන මාධ්‍ය ඉන්න නිසා ඒවා මාධ්‍යයේ පළ කරන්නයි මෙහෙම මගේ නැවත ප්‍රශ්න වලට විරුද්ධත්වය දක්වන්නේ.

අටවන විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි, නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ; ජනමාධ්‍යවේදීන් කරන්නේ ඔවුන්ගේ කාර්යභාරය ඔවුන් වාර්තා කරන්නේ අධිකරණය තුළ සිදුවන දේවල් පැමිණිල්ලේ නීතිඥවරිය ජනමාධ්‍යවේදීන්ට සම්බන්ධ කරලා කරුණු දැක්වීම සුදුසු නෑ.

නීතිඥ අසේල සේරසිංහ මහතා ;  හරි මීට පස්සේ කිසිම කරුණක් ගැන විරෝධතා නගන්නේ නෑ. පැමිණිල්ලේ නීතිඥවරියට ඕන විදිහටම කරුණු දක්වන්න ඉඩ දෙන්න.

එම අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය හා විත්තියේ නීතිඥවරුන් ඇමතු සභාපති විනිසුරුවරයා පෙර කී කරුණු දැක්වීම සිදුකර එම අවවාදය කළේය.

දිවා විවේකය සඳහා අධිකරණ කටයුතු තාවකාලිකව නැවැත් වූ අවස්ථාවේ දී එම සාක්ෂිකාරියට පැමිණිල්ල සමග එනම් නීතිපති දෙපාර්තමේන්තුව සමග යළි අධිකරණ කටයුතු නැවත ආරම්භ කරනතුරු සම්බන්ධතාවයක් නොපවත්වන ලෙසටත් දිවා ආහාරය ගැනීම සඳහා පිටත්ව යන්නේ නම් අධිකරණ පොලිස් නිලධාරියා සමඟ පිටත් විය හැකි බවද විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා වැඩිදුරටත් සාක්ෂිකාරියට අවවාද කළේය.

දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම අවවාදය කළේය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ ප්‍රසම්පාදනය කිරීම සඳහා ගතවිය හැකි කාලය මාස කීපයක් හෝ සමහර විට වසර ගණනාවක් ගතවිය හැකි බව තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා නැගූ හරස් ප්‍රශ්න  වලට පිළිතුරු දෙමින් පැවසූ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  චාන්දනී ගලප්පත්ති මහත්මිය කෙසේ නමුත් ඒ සඳහා ගතවිය හැකි කාලය සම්බන්ධයෙන් තමාට නිශ්චිතවම කිව නොහැකි බවද පැවසුවාය. 2022 ජූලි මස කැබිනට් මණ්ඩලය විසින් ගෙන තිබූ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ආනයනය කිරීමට අදාළව තමාට දැනුවත්භාවයක් නැතැයි ද පැවසූ මහාචාර්යවරිය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් ඖෂධ ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ නොවන බවද පැවසුවාය.

නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ පවා ආනයනය කිරීමෙන් පසුව ඒවා නිසි උෂ්ණත්වය හා අනෙකුත් ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකර ගබඩාකොට තැබීමෙන් ද ඒවා භාවිත කරන රෝගීන්ට යම් යම් සංකූලතා ඇතිවිය හැකි බවද එහිදී පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසූ, එම සාක්ෂිකාරිය ඖෂධ භාවිතා කරන රෝගියාගේ පවතින අනෙකුත් කරුණුද එවැනි අසාත්මිකතාවලට හේතුවක් විය හැකි බවද පැවසුවාය.

විත්තියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; මහාචාර්යතුමිය මා ඔබට යෝජනා කළොත් අත කැසීම්, දහදිය දැමීම් වැනි සංකූලතා යම් ඖෂධයක් භාවිතා කරන රෝගියෙකුට ඇති වුනොත් එය සලකන්නේ අවම සංකූලතා ලෙසට යැයි කියලා.

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.

විත්තියේ නීතිඥ හරේන්ද්‍ර භාණගල මහතා ; හියුමන් හිමියුනෝග්ලොභියුලීම්   වැනි මානව සංඝටක උපයෝගී කරගෙන නිෂ්පාදනය කරන ජීව විද්‍යාත්මක ඖෂධ නිෂ්පාදනය කිරීම ගැන ලෝකයේ නීතිමය තත්ත්වය වෙනස් වී ඇති බව ඔබ දන්නවාද? යුරෝපය තුළ එවැනි නිෂ්පාදන තහනම් කර ඇති බව ඔබ දන්නවා යැයි මා යෝජනාා කළොත්?

සාක්ෂිකාරිය ; ඒක හරි

හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; 2023 නම වන මස සිට ඔබතුමිය ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකාවක ලෙස කටයුතු කරනවා කීවා. ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ නිෂ්පාදනය කළොත් ඒවාට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව දන්නවාද?

සාක්ෂිකාරිය ; ඔව්

විත්තියේ නීතිඥවරයා ; ඔබ සාක්ෂි දෙමින් කීවා 2023 වසරේ ජනවාරි මාසය තුළ දෙවරක් ඖෂධ නියාමන අධිකාරියේ ඔබ නියෝජනය කළ මෙක් කමිටුව (MEC) රැස්වුනා කියලා. ඒ කාලේ රට තුළ ලොකු ඖෂධ හිඟයක් තිබුණා. ඒ වගේම එය අප රට ආර්ථික අර්බුදයකට ලක්වී තිබූ කාලයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ආර්ථික අර්බුදයක් පැවතුණා කියලා හරස් ප්‍රශ්න අහන්න බෑ.

සභාපති විනිසුරුවරයා ; ඒක සරල විදිහට අහන්න.

විත්තියේ නීතිඥවරයා ; හරි මම මෙහෙම අහන්නම්. මම සදහන් කළ කාලේ ලංකාවේ දැඩි ඖෂධ හිඟයක් තිබූ බව මා යෝජනා කළොත් ඒ ගැන ඔබතුමිය දන්නවද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.

විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට යම්කිසි ඖෂධයක් නිෂ්පාදනය කරන ඖෂධ නිෂ්පාදනාගාරයකට ගොස් පරීක්ෂා කිරීමේ අවසරය තිබෙනවා කියලා ඔබතුමිය කීවනේ. 2017 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළදී ලංකාවේ තිබෙන ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කරන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙක් නැත්නම් ජනාධිපති ලේකම්වරයෙක් සහභාගි වූ බව ඔබ දන්නවාද? එහෙම අත්දැකීමක් ඔබට තිබෙනවාද?

(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියාය එම හරස් ප්‍රශ්නය නැගීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වයි)

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; නිසි කාලය ගැන සඳහන් කරලා ඒ ප්‍රශ්නය සරලව අහන්න.

විත්තියේ නීතිඥවරයා ; එහෙම ජනාධිපති ලේකම්වරයෙක් ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග එවැනි ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කරන්න ගිය බවට ඔබට අත්දැකීමක් හෝ දැනීමක් තිබෙනවාද?

සාක්ෂිකාරිය ; මම දන්නේ නැහැ.

විත්තියේ නීතිඥවරයා ; ඖෂධ සැපයුම් කරුවන් හා නිෂ්පාදනාගාර පිළිබඳව දත්ත ඖෂධ නියාමන අධිකාරිය සතුව තිබිය යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ සඳහන්නේ?

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥවරයා ; 2023 වසරේදී එම දත්ත පද්ධතිය විනාශ වූ බව ඔබ දැනුවත්ද?

සාක්ෂිකාරිය ; මීඩියා වල එහෙම තොරතුරක් පළ වුණා. 2023 සැප්තැම්බර් මාසයට පෙර එහෙම සිදුවීමක් සිදුවූ බව දැනගත්තා.

විත්තියේ නීතිඥ ; එම දත්ත පද්ධතිය විනාශවීම ගැන ඖෂධ නියාමන අධිකාරිය ගත්ත පියවර මොකක්ද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම ඒ ප්‍රශ්නය ගැන විරුද්ධයි.

විත්තියේ නීතිඥවරයා ; එහෙම කියන්නේ ඔබ තුමියනේ ඒක වැරදියි කියලා කියන්නේ ඔබ තුමියගේ එම දත්ත පද්ධතිය විනාශවීම ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කරුණු පැහැදිලි කිරීමක් කළා කියලා මහාචාර්ය තුමිය දන්නවාද ?

සාක්ෂිකාරිය ; මම ඒ ගැන දන්නේ නෑ.

විත්තියේ නීතිඥවරයා ; 2022.05.24 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඔබතුමිය සහභාගි වුණාද?

සාක්ෂිකාරිය ; ලේඛන දැක්කොත් කියන්න පුළුවන්.

(මෙම අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාළ ලේඛන පෙන්වයි. එම සටහනේ 5 වන පිටුව එම නීතිඥවරයා විසින් 6වි 21 ලෙස ලකුණු කරයි )

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ඒක පැමිණිල්ලේ සාක්ෂියක්  නෙවෙයි. විත්තියේ සාක්ෂියක් ලෙස එය ලකුණු කිරීම වැරදියි.

විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; එහෙම නම් විත්තියට එම ලේඛන පැමිණිල්ල විසින් දුන්නේ ඇයි? මේක හරිම අසාධාරණ කතාවක්.

සභාපති විනිසුරුවරයා ; 2022.05.27 සටහන් තිබෙනවාද?

විත්තියේ නීතිඥවරයා ; එහෙමයි ස්වාමීනී. මුල් ලේඛන ඔප්පු කිරීමේ භාරයට යටත්ව ලකුණු කිරීමට අවසර දෙන්න ( අධිකරණ පැමිණිල්ලේ විරුද්ධත්වය ප්‍රතික්ෂේප කොට විත්තියට එම අවසරය දෙයි.)

විත්තියේ නීතිඥවරයා ; ඔබ තුමියට මතකද කල් ඉකුත් වූ ජල භීතිකා රෝගයට භාවිතා කරන ඖෂධයක් භාවිතා කිරීමට ඔබගේ කමිටුව අවසර ලබා දී තිබූ බව?

සාක්ෂිකාරිය ; එකී රෝගය සඳහා භාවිතා කරන ඖෂධ තොග අවසන් වී තිබීම නිසාත් කුමක් හෝ එන්නතක් භාවිතා නොකලොත් රෝගියාගේ ජීවිතයට සිදුවිය හැකි හානිය සලකා රෝගියාගේ කැමැත්ත මත එම ඖෂධ භාවිතා කිරීමට අවසර ලබා දී තිබුණා. පනතේ කුමක් සඳහන් වුවත් රෝගියාගේ හිතසුව පිණිස කටයුතු කරන්න වෛද්‍යවරුන්ට සිදුවෙනවා. ජල භීතිකා රෝගය කියන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත් මරණයට පත්වන රෝගයක්නේ. නමුත් පසුව අපි එම අනුමැතිය ඉවත් කළා.

එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න මහතා ; යම් ඖෂධයක් ලංකාවට ගෙන්වීම සඳහා ලබා දී ඇති ලියාපදිංචිය අහෝසි වීමට මාස හයකට පෙර එය අලුත් කිරීම සඳහා අයදුම් කළ යුතුයි. එහෙම නොවුනොත් ඒ කියන්නේ නිසි කාලයට අලුත් කිරීමක් නොකළොත් ලියාපදිංචිය අවලංගු ලෙසනේ සලකන්නේ?

සාක්ෂිකාරිය ; එහෙම තමයි සලකන්නේ.

විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා ; ඖෂධ සැපයුම් කරුවන් හා ඊට අදාළ දත්ත ඖෂධ නියාමන අධිකාරියෙත් තිබිය යුතුයි කියලා. මා යෝජනා කරනවා. 

සාක්ෂිකාරිය ; එහෙම වෙන්න පුළුවන්.

 

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ  නීතිඥ චමින්ද අතුකෝරල මහතා  හා රහුල් ජයතිලක යන මහත්වරුන්ද එහිදී එම සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කළ අතර පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විත්තියේ නීතිඥවරුන් නැගූ හරස් ප්‍රශ්න පිළිබඳ සාක්ෂිකාරියගෙන් නැවත ප්‍රශ්න ඇසීමේදී ඒවා සිය මතකය අනුව ලබා දුන් පුද්ගලික පිළිතුරු බවත් සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙනු ලැබුවේ ඒවා නිසි ලෙස තේරුම් නොගෙන බවත් විටෙන් විට පැවසූ එම සාක්ෂිකාරිය සමහර හරස් ප්‍රශ්නය පිළිබඳව තමන්ට නිසි අවබෝධයක් නොතිබූ බවද පැවසුවාය.

 

පැමිණිල්ලේ පළමු වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ විශේෂඥ  වෛද්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජයවික්‍රම මහතාද සිය සාක්ෂිය ලබා දීම ඊයේ (03) පස්වරුවේ ආරම්භ කළේය.

 

වැඩිදුර සාක්ෂි විභාගය හෙට (04) දක්වා කල් තැබිණි.

 

 

නවතම ලිපි