SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඒකමතිකව A/HRC/60/L.1/Rev.1 යෝජනාව සම්මත කර ගනිමින්,

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වරම තවත් වසර දෙකකට දීර්ඝ කර ඇත. සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සංයුක්ත පියවර ගන්නා ලෙස යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

 

 

මේ ඉල්ලා සිටින්නේ ජවිපය ප්‍රමුඛ රජයකිනි. එක්සත් ජාතින් මේ එක්වී සිටින්නේ එවැනි භාර ධුර කාර්යයක් කල හැකි හා කිරීමට අභිලාශය ඇති පක්ෂයකින්ද? ඔවුන්ගේ පත් කිරීම් හා කොමිසම් අක්‍රිය කිරීම් හා මාධ්‍ය මර්දනය තුල ඔවුන් මෙතෙක් දක්වා ඇති මානව විරෝධී භාවිතාව එක්සත් ජාතින් දැනගැනීම නිසා මෙවැනි යෝජනාවක් සම්මත වුවා විය හැකිය.

 

මෙම තීරණය එක්සත් ජාතීන්ගේ අරමුණු අනුව දේශපාලන ක්‍රියාවකට වඩා එහා ගිය එකක් බව අප තේරුම් ගත යුතුය. එය ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල ගැඹුරු සංකේතාත්මක බරක් දරන එක්සත් ජාතීන්ගේ unanimously හෙවත් දුර්ලභ ඒකමතික මූලධර්මය නියෝජනය කරයි.යුද්ධයක් නොපවතින, යුද්ධයක් අවසන් වී වසර 16 කට පසු එවැනි යෝජනාවක් සම්මත වීම ලංකාවට එරෙහිව කෙතරම් ජාත්‍යන්තර පීඩනයක් ගෙන එයිද?

 

 

ඒකමතිකත්වයේ මූලධර්මය - ( unanimously) බෙදාගත් ගෝලීය වගකීම

 

ඒකමතිකත්වයේ මූලධර්මය යන්නෙන් අදහස් කරන්නේ තීරණයක් ගැනීමට පෙර ආයතනයක සියලුම ඡන්දදායක සාමාජිකයින් එකඟ විය යුතු බවයි. කිසිදු සාමාජිකයෙකු යෝජනාවට විරුද්ධව ඡන්දනොදෙන අතර එම නිසා තීරණය සම්පූර්ණ එකඟතාවය පිළිබිඹු කරයි.එහි දැන් ලංකාව දෙසට ඇති ප්‍රථිපලය අපිට ඉන්දියාව ඉන්නවා, චීනය ඉන්නවා ඇමෙරිකාව ඉන්නවා යයි සිත හදාගැනීමට ඇති ඉඩ නැති වීමය. එනම් අපිට ඇත්තේ අපි පමණි.

 

ඒකමතිකත්වය සාකච්ඡා සහ සම්මුතියක් ඇති කරයි, බොහෝ විට "පහළම පොදු හරය" - සැමට පිළිගත හැකි තීරණයක් ඇති කරයි.මෙය ලංකාවට එරෙහිව එක්සත් ජාතින් ම බාවිතා කිරීම යනු අපේ ශ්‍රී ලාංකේය ජාතියේ සංස්කෘතික වීම, හා පැවති වාර්ගික ගැටුම් වල දී අපගේ රාජ්‍ය රක ගැනීම වෙනුවෙන් කල ක්‍රියා ප්‍රශ්න කිරීමකි. යුද්ධයෙන් පසු යුද්ධය බිහි වීමට පෙර ට වඩා උතුරේ දේශපාලනය ප්‍රජාතන්ත්‍ර ව තිබෙන අවධියක මේ සිදුවන බලපෑම ලංකාවට එරෙහි සුවිසල් ගෝලීය බලපෑමක් ප්‍රදර්ශනය කරයි.

 

ඒකමතිකත්වය සැමවිටම සාක්ෂාත් කර ගැනීම පහසු නොවුනත්, එයට සදාචාරාත්මක හා දේශපාලනික ශක්තියක් ඇත. යෝජනාව නීත්‍යානුකූලව බැඳී නොමැති විට පවා, එක්සත් ජාතීන්ගේ ඒකමතික ඡන්දයක් ගෝලීය සමගිය සහ බෙදාගත් කැපවීම පෙන්නුම් කරයි. එවැනි ඡන්ද සදාචාරාත්මක අධිකාරියක් සහ ජාත්‍යන්තර පීඩනයක් ජනනය කරයි. රහසින් ගිව්සුම් ගස ලංකාවේ ආර්ථිකය හා සමාජීය සංස්කෘතිය ගැන විශාල බලපෑමක් කරන ඉන්දියාව මේ මොහෙතේදී යුද්ධය අවසන් කරන කාලයේ සිටි ස්ථාවරත්වයෙන් බැහැරව සිටි. ලංකාවේ විදේශ කටයුතු ඇමති නිදිනම් ,ඇත්තටම අවශ්‍ය නම් මෝඩි ගේ විදේශ ඇමතිට මේ සම්බන්ධව මැදිහත් වීමක් කරන්න ට හැකිව තිබුණි. චීනය. රුසියාව වැනි රටවල් අතීතයේදී අපේ රට වෙනුවෙන් පෙනී සිටියද මේ වතාවේ මේ ගෝලීය පීඩනය කුමක් උදෙසාද? මෙය වටහා ගැනීමට මේ යෝජනාවට පෙර ඇමෙරිකාව විසින් ලංකාව හා ආයෝජන සම්බන්ධයෙන් කල ප්‍රකාශය බලන්න. මේවා එක්ව ගැට ගැසුණු සිද්ධිය.

 

 

ඒකමතික එක්සත් ජාතීන්ගේ තීරණවල ඓතිහාසික උදාහරණ

 

ඉතිහාසය පුරාම, ඒකමතික තීරණ සාමයේ සහ මානව හිමිකම්වල ආරක්ෂකයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ භූමිකාවේ ප්‍රධාන අවස්ථා සනිටුහන් කර ඇත:

 

242 යෝජනාව (1967) මගින් දින හයේ යුද්ධයෙන් පසු ඒකමතිකව සම්මත කරන ලද අතර, ඊශ්‍රායලය අල්ලා ගත් ප්‍රදේශවලින් ඉවත් කර ගැනීමට සහ මැද පෙරදිග සියලුම රාජ්‍යයන් පිළිගැනීමට ඉල්ලා සිටියේය. එය සිදුවිය.

 

338 යෝජනාව (1973)මගින් යොම් කිප්පූර් යුද්ධයෙන් පසු සටන් විරාමයක් ඒකමතිකව ඉල්ලා සිටියේය . මේ අවස්තාව මැද පෙරදිග ගැටුමේදී එක්සත් ජාතීන් එක හඬින් කතා කළ අවස්ථා කිහිපයෙන් එකකි එය.

 

1373 යෝජනාව (2001) මගින් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව, ආරක්ෂක මණ්ඩලය ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඒකමතිකව පියවර සම්මත කළේය.

 

425 යෝජනාව (1978) මගින් ඊශ්‍රායලය ලෙබනනයෙන් ඉවත් වන ලෙස ඒකමතිකව ඉල්ලා සිටි අතර UNIFIL සාම සාධක මෙහෙයුම ස්ථාපිත කළේය.

 

2005 ලෝක සමුළුව (A/60/L.1) මගින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය "ආරක්ෂා කිරීමේ වගකීම" මූලධර්මය ඒකමතිකව අනුමත කළ අතර, ජන සංහාරය සහ මානව හිමිකම් හිංසනයන් වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ යුතුකම තහවුරු කළේය.

 

 

මෙම උදාහරණවලින් පෙනී යන්නේ ඒකමතික තීරණ එක්සත් ජාතින් විසින් සම්මත කර ගෙන ඇත්තේ ලෝකයේ විශාල දේශපාලනික දේශ සිමා ප්‍රශ්න වෙනුවෙන් බවයි. එවන් ඒකමතික වීමක් ලංකාවට එරෙහිව සිදු වීම යනු ශ්‍රී ලංකාවේ දේශ සිමා ප්‍රශ්නයක් ළඟදීම උද්ගත කර දීමේ ආරම්භය මෙය විය හැකි බවයි. 2001 දී ත්‍රස්තවාදීන් සම්බන්ධ සම්මුතියද ලෝකයේ සෑම රටකම දේශ සිමා සම්බන්ධවය.

 

 

ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ තීරණයෙන් අදහස් කරන්නේ කුමක්ද?

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, A/HRC/60/L.1/Rev.1 යෝජනාව ඒකමතිකව සම්මත කිරීමෙන් අදහස් වන්නේ රටට ජාත්‍යන්තර අවධානය සහ අධීක්ෂණය අවශ්‍ය බව ට මානව හිමිකම් කවුන්සිලයේ සියලුම සාමාජික රටවල් එකඟ වන බවයි. මෙය මේ මොහොතේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ඒකමතික ඒකාධිපතිවාදී ගමනට හා ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදයට ලෝකයෙන්ම එල්ලවූ සුක්ෂම අවධානයක් ලෙස අපිට දැකිය හැකිය. අනෙක් අතින් ඉහත කි දේශ සීමා සම්බන්ධ වෙන් කිරීමේ පළමු අදියර ආණ්ඩුව විසින්ම ජාත්‍යන්තරය මත තබා ඉටු කිරීමේ සගයන්ගේ මැතිවරණ පොරොන්දුවේ උපක්‍රමය විය හැකිය. මෙහි පළමු එක අතුරු පලයක් වන අතර ආණ්ඩුවේ හැසිරීම කියන්නේ දෙවෙනි කරුණ ට ඔවුන් සමීපවම, චේතනාන්විත බවය.

 

සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශන වල අවසාන අදියර ලෙස මමත වූ ඒකමතික යෝජනාවෙන්

අතුරුදහන් වූ පුද්ගලයින් සහ සමූහ මිනීවළවල් ගැන පැහැදිලි කිරීම,

වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම,

ස්වාධීන ජාතික ආයතන ශක්තිමත් කිරීම,

ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම,

දේශපාලන බලය බෙදා හැරීම පිළිබඳ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම

යන යෝජනා එහි වේ.

 

ආණ්ඩුව මේ කිසිවක් කිරීමට ශක්තිමත් නොවන අතර අන්තවාදී සංකල්ප පෝෂණය කිරීම ආණ්ඩුවේ මෙතෙක් ක්‍රමවේදය වේ. එයින් ලංකාවේ ජාතික කඳවුර අවුස්සා ගැනීමක් මේ යෝජනා සම්මතයට පෙරම ආණ්ඩුව උපයාගෙන ඇත.

 

ඍජු ලෙස මේ යෝජනා වලට ශ්‍රී ලංකාව නීත්‍යානුකූලව බැඳී නොමැති වුවද, මෙම තීරණය දැඩි දේශපාලනික හා සදාචාරාත්මක පීඩනයක් ඇති කරයි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ට නිතිපතා වාර්තා කළ යුතු අතර සැබෑ ප්‍රගතියක් පෙන්නුම් කළ යුතුය. ආණ්ඩුව චෙම්මනි සොහොන හාරමින් මාතෘකාවක් කරමින් සිටි. එය සාමුහික සොහොනක් වන අතර එහි ප්‍රතිපලය යුක්ති සහගත ප්‍රතිපල ගෙන එන්නේ නැත.

 

 

මේ මොහොතෙන් පසු ලංකාවට

 

ජාත්‍යන්තර පීඩනය වැඩිවීමක් සිදුවේ. එහිදී ශ්‍රී ලංකාව සැබෑ ප්‍රතිසංස්කරණ උත්සාහයන් පෙන්වනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජාත්‍යන්තර ප්‍රජාව විසින් ප්‍රගතිය සමීපව නිරීක්ෂණය කරනු ලැබේ. වැඩි වගකීමක් සහ ප්‍රතිසංස්කරණ අවශ්‍යතා යුක්තිය සහ වගවීම සඳහා රට විශ්වාසදායක ජාතික යාන්ත්‍රණ ගොඩනගා ගත යුතු වීම වත්මන් ආණ්ඩුවට වඩා අභියෝගයකි. ඒ ඔවුන් සියළු සුළු ජනකොටස් හා මහා ජන කොටස් අතර ආතතීන් වලක්වා ගැනීමට හැකිවේද යන්න සැක සහිත බැවිනි.

 

 

දේශීය දේශපාලන තුල මානව හිමිකම් කණ්ඩායම් සහ වින්දිත ප්‍රජාවන් යෝජනාව සාදරයෙන් පිළිගන්නා අතර, බහුතර ජනකොටසක් එය ජාතික ස්වෛරීභාවයට ඇඟිලි ගැසීමක් ලෙස සලකීම සාධාරණ බවට පත්වන්නේ ලංකාව් මුහුණ දෙන භූ දේශපාලනික බලපෑම් හේතුවෙනි. එහෙත් මේ යෝජනා අවංකව ක්‍රියාත්මක කළහොත්, යෝජනාව නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට, විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් අතර සංහිඳියාව වර්ධනය කිරීමට උපකාරී වේ.නමුත් මෙහි වින්දිත යයි කියන සැබවින්ම චුදිත පාර්ශවයට අවශ්‍ය ඔය යෝජනා නිවැරදි ලෙස ක්‍රියාත්මක කරවා ගැනීම නොව, රටක් ලබා ගැනීමය. ඒ ඊශ්‍රායල පලස්තීන මොඩලයට යාමය. මේ ගැන ලෝකයේ වෙනත් උදාහරණ නැත.

 

 

ජාත්‍යන්තර සබඳතා හා භූ දේශපාලනික වශයෙන් ලෝකයෙන්ම ආයෝජන අවස්ථා හා වෙනත් ජාත්‍යනතර සම්බන්ධතා වෙනුවෙන් අසීරු අඩියකට දැන් මුහුණ දීමට සිදුවනු ඇත. බෙදී චන්දයක් දුන්නේ නම් සාමාජික රටවල් අතරින් තුනෙන් එකක් වත් දිනා ගැනීමේ හැකියාව පැවතීම වාසියක් කර ගැනීමට ඉඩ තිබුණි.

 

මේ යෝජනාවට ඉදිරි වසර දෙකේ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එහි රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරය, විදේශ ආධාර සහ ජාත්‍යන්තර ආයෝජන අවස්ථා කෙරෙහි බලපානු ඇත.

 

ඒ අනුව ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකමතික තීරණය ඡන්දයකට වඩා වැඩි යමක් නියෝජනය කරයි . ධනාත්මක ලෙස එක්සත් ජාතින් එය යුක්තිය සහ මානව ගරුත්වය සඳහා පොදු ගෝලීය සැලකිල්ල සහ කැපවීම පිළිබඳ ප්‍රකාශයකි.

 

ඊශ්‍රායලය සහ ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳ පසුගිය ඒකමතික යෝජනා වලදී මෙන්, මෙම මොහොත ජාත්‍යන්තර ප්‍රජාව තුළ එකමුතුකම සහ බෙදාගත් වගකීම සංකේතවත් කරයි.එය ලංකාව සම්බන්ධයෙන් දේශ සිමා බෙදී යාමේ අනතුරක් ඒ උදාහරණය මතම ඇති කරයි. කෙසේ වෙතත්, යෝජනාව නොසලකා හැරීම රාජ්‍ය තාන්ත්‍රික හුදකලා වීමට, ජාත්‍යන්තර සහයෝගය අඩු කිරීමට සහ දේශීය විශ්වසනීයත්වය නැතිවීමට හේතු වේ. එසේම එය ක්‍රියාත්මක කිරීමට යාමේදී ද දේශීය දේශපාලන ආතතීන් ඇති විය හැකිය.

 

දේශීය දේශපාලන තුලනය කිරීමේ ක්‍රියාවක් ලෙස ජාත්‍යන්තරය පීඩනය, දේශීය ප්‍රතිරෝධය සහ සැබෑ ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථාව අතර රජය ගමන් කළ යුතුය.මේවා ක්‍රියාත්මක කිරීම මහජන විශ්වාසය ගොඩනඟා ගැනීමට, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට සහ විදේශ ආයෝජන දිරිමත් කිරීමට හේතු විය හැක. එහෙත් ආණ්ඩුව එය කිරීමට සමත්ද? ආණ්ඩුව පෙරලාගෙන ගොස් ඊලඟ වතාවේ දේශ සිමා මායිම් වෙන් කිරීම ගැන යෝජනාවක් එක්සත් ජාතීන් ගේ න්‍යාය පත්‍රයට ඇතුළු වේද? මෙතෙක් මෙවැනි ඒකමිතික යෝජනා වලින් තුලනය වුයේ මහා කරුණු වන අතර ලංකාවේ යුද්ධයක් නැතිවත් නැවත එවැනි වාර්ගික ගැටුම් නැතිවත් එම කරුණු මහා අර්බුධයක් ලෙස ලෝකයට සැල වුයේ කෙසේද?

 

ඒ අනුව ඒකමතික එක්සත් ජාතීන්ගේ යෝජනාව ශ්‍රී ලංකාවේ දේශීය දේශපාලනය තුල ආණ්ඩුව, ජනාධිපති, විපක්ෂය, විපක්ෂනායක හා නැවත භූ දේශපාලනයට ඉතා ඉහල ඉඩක් දෙමින් නාමල් බලයට ගෙන ඒමේ කඳවුර සඳහා පැහැදිලි අවදි කිරීමේ ඇමතුමකි. එය වගවීම, විනිවිදභාවය සහ සංහිඳියාව ඉල්ලා සිටී. අනෙක් අතින් සහ ජනාධිපති දිසානායකට රට ස්ථාවරත්වය සහ යුක්තිය කරා මෙහෙයවීමට අවස්ථාවක් හා හැකියාවක් ඇතිදැයි පරික්ෂා කරයි. ඒ අවස්තාව හා හැකියාව හෙළි නොකළ ඉන්දීය ගිව්සුම් වැනි එකක් මගින් සම්පුර්න කරයි නම් ශ්‍රී ලංකාව දෙකඩ වීමේ අවධානම ශ්‍රී ලංකාවේ ජනතාව වෙත විතැන් වේ.

 

ලංකාව ගෝලීය එකමුතුව හමුවේ තනි වී ඇත.

 

මේ තීරණය අනුව අගමැති වරිය හෝ ජනාධිපති වරයා කෙතරම් විදේශ නියෝජිතයන් සමග කල කතා බස් දක්වමින් ෆේස්බුක් පිටු පුරා පින්තුර පල කලත් අපි ගෝලීයව දිනා ගත් දෙයක් නැත.

 

 

@Subhashini Wipfler

නවතම ලිපි