රහසින් වත් පව් නොකරන්නවුන් ලෙස පෙනී සිටියද දේශපාලන බලය හමුවේ
ඕනෑම දේශපාලන කැත වැඩක් යුක්ති සහගත කරගැනීමේ තර්ක එකී සාදාචාරවාදීන්ද අවස්ථාව පැමිණි විට පාවිච්චි කරනු ඇත.
එය මැකියාවෙලියානු යථාර්ථයකි. රහස් චන්දයටද එය අදාලය. මේ ලියන්නේ ඒ ගැන නොවේ. රහස් චන්දය හා මේ යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය අතර පරස්පරයක් ඇති බව පැවසීමටය.
මේ යුගයේ ප්‍රජාන්ත්‍රවාදී ආණ්ඩුකරණයට අදාළ වන්නේ විවෘත ආණ්ඩු ප්‍රවර්ධනයයි. විවෘත ආණ්ඩු යුගයේ දේශපාලන එකඟතාද විවෘත විය යුතුය. එසේම සමානුපාතික මැතිවරණ ක්‍රමයකට බර තබා සකස් කර තිබෙන ක්‍රමයක් ඇතුළත පක්ෂයේ/කණ්ඩායමේ පොදු මතය ඉක්මවා මන්ත්‍රී වරුන්ගේ පුද්ගලික කැමැත්තට අනුව කටයුතු කිරීමට ඉඩ දීම යනු තවත් පරස්පරයකට ඉඩදීමක් හා අරාජිකත්වයකට පාර කපා ගැනීමකි. මේවා කිරීමෙන් අද විඳින ජොලිය හෙට නැතිවන බව අමතක කළ යුතු නැත.
රහස් චන්දය තව දුරටත් භාවිත කිරීමේ අයිතිය දිය යුත්තේ ජනතා නියෝජිතයන් මැතිවරණවලදී තෝරා පත්කරගන්නා චන්දදායකයාට පමණි. එසේ පත්වන ජනතා නියෝජිතයන්ටද රහස් චන්ද වරප්‍රසාදය හිමි වන විට වැලි වදින්නේ චන්දදායකයාගේම ඇසටය.
මේ චන්ද දායකයා තමන්ගේම ඇස්වලට කැමැත්තෙන් වැලිගස්සවා ගන්නා නාටක අප ඉදිරියේ රඟ දැක්වෙන මොහොතකි..
@කරු පරණවිතාන