චාරයක් නැති මුව සිරිය විදහන්නට ගිය දයා සිරි ගේ හක්ක පැන ඇත්තේ
බලා ඉන්නා අයට ඩිස්කේ අම්මට ඩිස්කාඩේ කියවමිනි. දැන් තම වරදෙහි බරපතළකම හමුවේ තැතිගෙන සිටින හේ නිවැරදිකිරීම් හී පිහිට පතයි. එහෙත් ඔහු මේ මොහොතේ ඔහුගේ විරුද්ධවාදීන්ගේ පාපන්දුවයි.
ඊළඟ දේශපාලකයා කට වරද්දාගන්නා තුරු දයා සිරි සිරිවෙන්න කනු ඇත්තේය.
එහෙත් මෙසේ කට වරද්දාගෙන ඇත්තේ ඔහු පමණක් නොවේ. පසුගිය කාලය පුරාම අපි මෙවන් කට කඩාගෙන මිරිස් ගලේ අතුල්ලන බොහෝ අය දුටිමු.
අවශ්‍ය නම් ඒ සඳහා නිලන්තියානු උදාහරණය දැක්විය හැකිය. ඇය කරුණු නොසොයා කල ප්‍රකාශයකින් කරගත් හානිය කොට්ට කච්චියක් අඩයට තබාවත් බේරා ගත නොහැකිය.
මෙලෙස කට වරද්දා ගැනීම අතින් විපක්ෂයට නොදෙවෙනි ලකුණු සංඛ්‍යාවක් උපයා ගන්නට මාලිමාණ්ඩුවද සමත්ව සිටී.
මේ දෙපිරිසම වරින්වර අපට පෙන්වා දෙන්නේ දේශපාලනයේ තම අපරිණතභාවයයි.
කතිර යුද්ධයේදී ඕනෑ බිකක් ප්‍රීති වෙසක් සේ ගෙන අතහැරීමේ ප්‍රතිඵල දැන් දෙපිරිසම විඳිති. එහිලා වෙසෙසින්ම ඉලක්ක වනුයේ මාලිමාවය. ඒ ඔවුන් මැතිවරණය අබියස දුන් ප්‍රතිඥා ඉටුකිරීමේ අභියෝගයට මුහුණ දී ඉන්නා බැවිනි.
අපට අවශ්‍යව ඇත්තේ එකිනෙකා පරයා නාගන්නා දේශපාලකයන් නොව පරිණත මහජන නියෝජිත පිරිසකි. එසේ නොව තරගයට නාගන්නා දේශපාලු අහිනක් අපට දිනපතා දකින්නට ලැබේ නම් ජනයා දිනෙක ඔවුන්ගේ හක්ක පන්නවනු ඇත.
මහත්වරුනි, නෝනාවරුනි, කරුණාකර දේශපාලනය කරන්න. මයික් එක යනු වස්තිකරන්නට ගන්නා උපකරණයක් නොවේ. මහජනතාව යනු නුඹලාට රිසි සේ පහරන්නට ඇති වැසිකිලියක්ද නොවේ.