SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"Antique කඩයක මරණයක්" වේදිකාවේ රඟ දැක්වූයේ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේය.

එම නාට්‍යය රංග ශාලාවේදී ප්‍රේක්ෂකයින් නරඹන කෝණයෙන්ම රූගත කොට ITN රූපවාහිනියේ පෙන්වන බව ප්‍රචාරය කරද්දී මට සිතට නැගුණු ප්‍රශ්නය ෆේස්බුක් පෝස්ටුවක කමෙන්ටුවක් ලෙස විමසීමි.

 

henri lipiya 

 

හඳයා මට පිළිතුරු දුන්නේ අවංකවම බව මගේ විශ්වාසයයි. ඒ අනුව සංස්කරණය, කොටු දැමීම් සිදු නොවන බව ඔහු ප්‍රසිද්ධියේ ලියන්නට ඇත්තේ (කෙලින්ම නොලිව්වත් ආධ්‍යාරයෙන් තේරුම් යන්නේ එයයි.) ITN බලධාරීන් ඒ පොරොන්දුව දුන් නිසා විය හැකිය.

 

මා මගේ ෆේස්බුක් එකේ නාට්‍යය විකාශය වීම ගැන පෝස්ට් දෙකක් දැමුවේද ඒ විශ්වාසය මතය.

 

henri 1

 

අඳෝමැයි..!

ITN සුපුරුදු බලු වැඩේ කළේය. පොරොන්දුව කඩ කළේය. හඳගමව මෙන්ම ප්‍රේක්ෂකයාවද ඉතා තුප්පහි ආකාරයෙන් රැවැට්ටුවේය. නාට්‍යය ඒ ආකාරයෙන්ම පෙන්නන්න බැරි නම් මහා සද්දයක් දමා ප්‍රේක්ෂකයින් කැඳවා මෙලෙස විකෘති කිරීම අපරාධයකි.

 

1.රූප සංස්කරණය කොට ප්‍රේක්ෂකාගාරයේ සිටින ප්‍රේක්ෂකයාට පේන නාට්‍යය නොව කැමරා කිහිපයකට හසු කරගෙන "Antique කඩේ මරණයක්" නමින් ටෙලිනාට්‍යයක් නිපදවා විකාශය කළේය. සමහර Close up අවස්ථාවට උචිත වූයේ නැත. වේදිකා නාට්‍යයක් රූගත කළ යුත්තේ ඒ සඳහා වෙනම පිටපතක් ලියා වෙනම අවස්ථාවකය. ලබ්බෙ ප්‍රේක්ෂක කෝණය නොව සංස්කාරකට හා පටිගත කිරීම කළ අධ්‍යක්ෂට අවශ්‍ය කෝණ යොදා අමට්ටා තිබිණ.

 

2. තරුණයා නිරුවතින් රඟන අවස්ථාව කොටු වලින් වැසුවේය. නාට්‍යය විනාශ කොට දැම්මේය. හඳගම සෑම නාට්‍ය දර්ශනයකදීම තරුණයාගේ රෙදි ගලවා නිරුවත් කළේ ඒ චරිත ස්වභාවය උලුප්පා දැමීමටය. පසන් රෙදි ගලවා කැපකිරීමක් කළේ කහනවාට නොව චරිතය ඉල්ලා සිටි නිසාය.

ITN අපට කොටු පෙන්නා තරුණයාගේ පුක වසා දැම්මේය.

 

3. එසේම හඬ පටිගත කොට තිබුණේ දුර්වල ආකාරයටය. බොහෝ දෙබස් පැහැදිලි වූයේ නැත.

 

ඊළඟට කළ අශික්ෂිතම වැඩේ සමහර දෙබස් කපා දමා නාට්‍යය අංග විකල කිරීමය.

 

ITN එකාලාට ශිෂ්ණය ඇහෙද්දී චූ යනවා විය යුතුය. මුං ඉස්කෝලෙ ගියා නං ශිෂ්ණය හා යෝනිය වැනි වචන ඉගෙනගෙන තිබිය යුතුය.

 

පුරුෂ ලිංගය කිව්ව ගමන් නෂ්ඨකාමය හැදෙනවා විය යුතුය. සාමාන්‍ය ව්‍යවහාරයේ Paයිය (මෙසේ ලිව්වේ සකර්බර්ග්ට බයේය.) කිව්වත් හඳගම යොදා ගත්තේ ශිෂ්ණය, පුරුෂ ලිංගය වැනි වදන්ය. ITN සුචරිතවාදීන් ඒවා කපා දැම්මේය.

 

අන්තිමේට බෙරේ පළුව ගැලවී ගියේය.

නටපු නාඩගම කුජීතය.

කොරන්න බැරි මඟුල් නොකර ඉන්නෝනෑය.

වඩාත්ම නිහීනකම වන්නේ හඳගමව රැවැට්ටීමය.

මීට අමුණා ඇත්තේ ඒ ගැන කල්තබා මා ප්‍රශ්න කළ ආකාරයයි.

 

@හෙන්රි වර්ණකුලසූරිය fb පිටුවෙන් උපුටාගැනුනි.

marrikkar

නවතම ලිපි