SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ගේ ගෙවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

ඒ අනුව ටෙස්ට් තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100%කින් වැඩි කළ අතර, ඔවුන්ගේ ගෙවීම් දක්ෂතා අනුව තීරණය කෙරේ.

 

එසේම ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීම, ජය පරාජයෙන් තොරව අවසන්වීම හෝ පරාජය වීම මත ද ගෙවීම් ක්‍රමවේද වෙනස් වේ.

එසේම එක්දින ජාත්‍යන්තර තරග සහ 20යි 20 ජාත්‍යන්තර තරග සඳහා 25%කින් ගෙවීම් ඉහළ දමා ඇත.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් ශ්‍රේණිගත කර ඇති ක්‍රීඩකයින් සඳහා ද පිළිගැනීමේ ක්‍රමවේදයක් සකසන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

 

එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ, නව කොන්ත්‍රාත්තු සඳහා ක්‍රීඩකයින් 41 දෙනෙකු තෝරාගෙන ඇති බවය.

 

එම ක්‍රීඩකයින්ගෙන් ලැයිස්තුව පහතින්...

ක්රි 1ක්රි 2

nalan mendis

නවතම ලිපි