SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ICC කාන්තා T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේදී

ඊයේ ( මැයි 7 වැනිදා) අබුඩාබිහි ​​Zayed ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අතර ස්කොට්ලන්ත කාන්තා ක්‍රීඩිකාවන් අභිබවා යමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදී. 

 

සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත නායිකා සාරා බ්‍රයිස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළාය. 

 w win 7

 

පිට පිට සිවුවැනි වරටත්, මෙවර තරගාවලියේ පස්වැනි වරටත් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිලට හොඳම ආරම්භය නොලැබුණු අතර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ විශ්මි ගුණරත්න තරඟයේ තෙවැනි ඕවරයේදී දැවී ගියේය.  

 

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 60කදී තරගය ජයගැනීමට අවශ්‍ය විශිෂ්ට ශතකයක් වාර්තා කළාය. එම විශිෂ්ට ඉනිම හතරේ පහර දහතුනකින් සහ දැවැන්ත හයේ පහර 4කින් සමන්විත විය. ඒ හරහා ශ්‍රී ලංකාවට ලකුණු 169ක් රැස්කර ගැනීමට ඉවහල් විය. 

 

w win 3 

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් පවර් ප්ලේය තුළදී ලකුණු 23කට කඩුලු 4ක් දැවී දැඩි අසීරුතාවකට පත්වූහ. ස්කොට්ලන්ත ඉනිමට අවශ්‍ය වේගය කිසි මොහොතක නොලැබුණු අතර අවසානයේ ඔවුන් ඉලක්කයට ලකුණු 68ක් අඩුවෙන් දැවී ගියේය. 

 

මධ්‍යම වේග පන්දු යවන්නියක වන උදේශිකා ප්‍රබෝධිනී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යවන්නන් අතරින් තෝරා ගත් ක්‍රීඩිකාව වූ අතර ඇය සිය ඕවර 4 නිමා කළේ ලකුණු 13ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් තම නමට ලබා ගනිමිනි. එමෙන්ම ශ්‍රී ලංකා දඟ පන්දු ත්‍රිත්වයේ කවීෂා දිල්හාරි, සුගන්දිකා කුමාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශිනී එක් කඩුල්ල බැගින් දවා ගත්හ. 

 

w win 2w win 4w win 5

 

ලකුණු සටහන -

ශ්‍රී ලංකා කණ්ඩායම  – 165/5 (20) චමරි අතපත්තු 102, නිලක්ෂි සිල්වා 26*, රේචල් ස්ලේටර් 2/35

ස්කොට්ලන්ත කණ්ඩායම – 101/7 (20) ප්‍රියනාස් චැටර්ජි 30, රේචල් ස්ලේටර් 15*, උදේශිකා ප්‍රබෝධිනී 3/13 

 

නවතම ලිපි