SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ විවිධාකාර නිර්මාණ ශිල්පීන් ඉන්නවා.

ජොයෙල් අල්වරාස් කියන්නේ මයාමිවලින් බිහිවුණු අලුත් තාලේ වැඩ්ඩෙක්.

 

ජොයෙල් ගේ නිර්මාණවල විශේෂත්වය තමයි එම විලාසිතාවල සම්ප්‍රදායික රෙදි පිළි ඇඳුම වෙනුවට සමට හානියක් නැතිව ඇඟට ඇලෙන කළු පටි පමණක් භාවිතා කිරීම. මේක බොඩි ටේප් විලාසිතාවක්. දැන් මේ වැඩේට කියන්නේ ‘බ්ලැක් ටේප් ප්‍රොජෙක්ට්‘ කියලා. ‘බ්ලැක් ටේප් ප්‍රොජෙක්ට්‘ එක ජොයෙල් පටන්ගන්නේ 2008 දී මයාමිවලින්.

 

තමන් ගේ කාරෙක ඇතුළේ ජීවත් වුණ අඟහිඟකම් ඇති ජොයෙල් දුෂ්කර ගමනකින් පස්සේ තමයි විලාසිතා කර්මාන්තයේ මේ ලෙවල් එකට එන්නේ. ඉතින් බොඩි ටේප් විලාසිතා සම්ප්‍රදායේ පුරෝගාමියා වෙන්නේ ජොයෙල්. මේ වැඩේට ලෝකය පුරාම අවධානය ලැබෙන විට ජොයෙල්ට ඇති ඉල්ලුම ලෝකය පුරාම වැඩි වුණා. ඒ නිසා ඔහු ඔහුගේ මුල් නමට සමු දුන්නා.

 

 

විලාසිතා ලෝකය දැන් ඔහුව හඳුනාගන්නේ ‘ඩ්‍රැකාන් බ්ලැක්හාර්ට්‘ කියලා සන්නාම බරකින් යුත් නමකින්. බ්ලැක්හාර්ට් නිරූපිකාවන් ගේ ශරීරයේ හැඩය සහ නිරුවත ගැන හොඳින් අධ්‍යයනය කරලා ශරීරයේ පිරුණු කවාකාර හැඩ සහ රේඛා කලාප පදනම් කරගෙන තමයි මෙම පටි විලාසයන් නිර්මාණය කරන්නේ.

 

‘‘මම කැමති ෆ්‍රීස්ටයිල් එකට. ශරීර හැඩය දකිනකොට මට හිතාගන්න පුළුවන් ඩිසයින් එක ගැන. මට හොඳට රවුම් හැඩය පේනවා ඒ වගේම මම ඒවාට රේඛා හැඩ රටා එකතු කරනවා”.

 

බ්ලැක්හාර්ට් කියන්නේ එහෙම යි. දැන් මේ ටේප් එක විවිධ වර්ණවලින් සහ ප්‍රමාණවලින් විලාසිතා වෙළෙඳපොළේ තියෙනවා. ඒ්වාට අඟල් 1 සහ 2 පළලින් යාර 10ක දිගක් තියෙනවා. කාට හරි හිතේ ඩිසයින් එකක් තියෙනවා නම් මේ ටේප් රෝල් දෙකක් හොඳටම ඇති ලස්සන පැළඳුමක් නිර්මාණය කරගන්න.

 

@ Shiranjith Nishantha Gammudhuwatta

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි