SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග 03කින් යුත් විස්සයි 20 තරගාවලියේ පළමු තරගය රාත්‍රී 7.00ට  දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (17 වැනිදා) ආරම්භ වේ.

එය  ප්‍රතිසංස්කරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු තරගය වේ.

 

ඇෆ්ගනිස්ථානය සහ ලංකාව අතර මේ දක්වා පවත්වා ඇති විස්සයි – 20 තරග 5දී ශ්‍රී ලංකාව තරග තුනකුත්  ඇෆ්ගනිස්තානය තරග දෙකකුත්  ජයග්‍රහණය කර ඇත.

 

දඹුල්ල පිටියේදී පිරිමි විස්සයි-20 ජාත්‍යන්තර තරගයක් පැවැත්තෙන පළමු අවස්ථාව ද වන අතර ශ්‍රී ලංකා කාන්තා පිල 2002 වසරේදී ඉන්දියානුවන් සමඟින් මෙම පිටියේදී විස්සයි -20 තරගයකට එක්ව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අවසන් වරට එක්දින තරගයකට මෙම පිටියේදී ක්‍රීඩා ඇත්තේ 2018 වසරේදී වේ.

 

ඇෆ්ගනිස්තානය සමඟ මෙවර පැවති තරග වාරයේ ටෙස්ට් තරගයෙන් හා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියෙන්ද තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය.

 

රෂීඩ් ඛාන් සහ මුජිබර් උර් රහමන් යන පන්දු වාර 20-20 තරග පිටියේ ඉහළින් සිටින ක්‍රීඩකයන් දෙදෙනාගේ ශක්තිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට මෙම තරගාවලියේ දීද අහිමි වීම ඔවුන්ට විශාල පාඩුවක්ව ඇත.

රෂීඩ් සහ මුජිබර් ඇෆ්ගනිස්තානයට අහිමි වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වන මහීෂ් තීක්ෂණ සහ නායක වනිදු හසරංග මේ වනවිට විස්සයි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් දෙවෙනි සහ තෙවන ස්ථාන හිමි කර ගෙන ඇත.

 

ඒ අනුව අදින් ආරම්භ වන තරගාවලිය තීක්ෂණට හා වනිදු ට එම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙහි පෙරළි කිරීමට හොඳ අවස්ථාවක් වන අතර එංගලන්තයේ අඩිල් රෂීඩ් මේ වනවිට ලොව අංක එකේ පන්දු වාර 20-20 පන්දු යවන්නා වේ.

ශ්‍රේණිගත ලකුණු 679ක් තීක්ෂණ සතු වන අතර ලකුණු 676ක් වනිදු හසරංගට හිමි ය.

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය – වනිදු හසරංග (නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කුසල් ජනිත්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස්, දසුන් ශානක, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ශාන් මධුසංඛ, නුවන් තුෂාර, මහීෂ් තීක්ෂණ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි