SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (14) එක්සත් ජනරජ පෙරමුණ විසින් “දේශය වෙනුවෙන් එක්වෙන පියවරක්” ලෙස ජනගත වුනු

ඉදිරියේ බිහිවන සන්දානයකට ඉදිරි වැඩපිළිවෙලක් පිළිබඳ ජන හමුවට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස මහාචාර්ය හිටපු එක්ස් සාමාජික නිර්මාල් දේවසිරි ද සහභාගී වී ඇත.

 

ඔහුගේ අදහස සැකෙවින් කිවහොත් මේ වනවිට අනුර කුමාර දිසානායකට හොඳ ප්‍රතිවාදියෙක් නොමැති බවත් චම්පික රණවක හොඳ ප්‍රතිවාදීත්වයක් දිය හැකි නායකයෙකු බවත් ය.

 

ස්පාර්ටකස් සාමූහිකයේ පළවූ ලිපි මගින් 2022 සිට මේ පිළිබඳව සඳහන් කර තිබූ අතර ඒ සඳහා නෑසූකන්වලා සිටි නිර්මාල් දේවසිරි හිටිහැටියේ නින්දෙන් ඇහැරුනා සේ මෙසේ පැවසීම හැඟවුම්කරණීය ය.

 

නිර්මාල්ගේ මෙම සහභාගීත්වය ගැන ඔහු විසින් මුහුණු පොතේ පළකර ඇති පෝස්ටුව පහන් සංවේගය පිණිස මෙසේ පළකරමි.

 

චම්පිකාභිෂේකය!!!(නිර්මාල් දේවසිරි)

 

rohan nirmal

(pic.Rohan Samarajeewa, Nirmal Dewsiri)

 

ඊයේ අපූරු දේශපාලන සංදර්ශනයකට සහභාගී වූයෙමි.

එය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගයේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස චම්පික රණවක සංකේතාත්මක ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය විය හැක.

එය ඉතා හොද තත්වයකි.

දේශපාලන ආරම්මණයකට හොඳ ප්‍රතිවාදීත්වයක් අවශ්‍ය වේ. දැනට ජාතික ජනබලවේගයට විරුද්ධව පෙනී සිටින ප්‍රධාන බලවේග (සජිත් රනිල් පොහොට්ටු යනාදී) මූලික වශයෙන් අතීතයේ අවතාර වෙති.

චම්පික අනාගතයේ පැමිණීමකි.

එය ජාතික ජන බලවේගය සමග වේළාසනින්ම අභිමුඛ වීම හොද තත්වයකි.

එය ජාතික ජන බලවේගයට විරුද්ධ අතීතයේ අවතාර පළවා හරින මන්ත්‍රය විය හැක.

 

@Nirmal Dewasiri

marrikkar

නවතම ලිපි