SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති සමාව ලැබී හිරෙන් නිදහස් වුව ද රන්ජන්ට දේශපාලනය කල නොහැකිය.

ඒ ඔහුට ප්‍රජා අයිතිය නොමැති බැවිනි.

 

රනිල් විසින් එම තීරණය ගෙන ඇත්තේ රන්ජන්ගේ හැසිරීම තුලින් ප්‍රභූ දේශපාලනයට අවැඩක් සිදු වන බැවිනි. මේ වන විට රන්ජන් විසින් ගීතයක් නිර්මාණය කර ඇත.

 

 

එහි අන්තර්ගතය හොඳින්ම ගැලපෙනුයේ ජවිපෙ විසින් ඉතා දීර්ගකාලයක්, දිගින් දිගටම උච්චාරණය කොට සංස්ථාපනය කර ඇති හොරකම්, දූෂණ, වංචා, කතිකාවටය. එසේම බොහෝ කාලයක් ජවිපෙ සටන් පාඨය වූ "උනුත් එකයි මුනුත් එකයි මෙදා පර අපි ජවිපෙට" යන සටන් පාඨය ගීතයේ ප්‍රධාන තේමාව වී ඇත. රන්ජන් හැඳගෙන සිටිනුයේ රතු ෂර්ටයකි. එසේම ඔහු නැග යන්නේ රතු කාර් ඒකකය.

 

ranja 2

 

ඒ අනුව පැහැදිලි ලෙසම පෙනීයන්නේ රන්ජන් ජවිපෙ සහාය දීම සඳහා මෙම ගීතය නිර්මාණය කොට ඇති බවකි. ගීතය පැය 24ක් යෑමට ද මත්තෙන් ලක්ෂ 5 ඉක්මවා නරඹා ඇත. ඉදිරියේදී තවත් ජනප්‍රිය වනු ඇත.

 

ඒ කෙසේ වෙතත් ජවිපෙ ප්‍රධාන පොරොන්දුව වන්නේ හොරු අල්ලන බවය. එබැවින් මාලිමාව බලයට පැමිණි පසු ගීතයේ කියවෙන දියවන්නා ප්‍රභූන් සිටිය යුත්තේ බන්ධනාගාර තුලය. එසේ නොවීමට නම් මාලිමාව බලයට පත්වීමට පෙර ඔවුන් රටින් පැනගොස් තිබිය යුතුය. එසේම එම ප්‍රභූන් උපයාගෙන ඇති දේපල සහ වත්කම් හෙළිදරව් කල යුතුව ඇත. නමුත් ඒවා පවතින්නේ වෙන අයගේ නම් වලිනි. මාලිමා ආණ්ඩුවක් යටතේ ජවිපෙ විසින් කිසිවක් නොකළ ද ප්‍රභූ තන්ත්‍රයට බලය අහිමි වීම දරාගත නොහැකි ප්‍රධාන හේතුව එයයි. එනම් බලය අහිමි වන තත්වයක් යටතේ ඔවුනගේ දේපල සහ වත්කම් ද අහිමි වනු ඇත (මේ පිළිබඳව අවබෝධ කර ගැනීම සඳහා Ozark Netflix කතා මාලාව නරඹන්න).

 

ranja 3

 

එපමණක් නොව, ඔවුනගේ දූ දරුවන්ගේ අනාගතය (මොවුනට ඇත්තේ දූ දරුවන් පිළිබඳව අසීමිත බලාපොරෝත්තූන්ය), අන්තක්පුර, විනෝද ක්‍රියා, විදේශ සංචාර, සුවිශේෂී ආහාරපාන, ඇතුළු මිදියත විඳිය හැකි සියලු අර්චනයන් අහිමි වනු ඇත. හොරු නාල්ලන ජවිපෙට පැමිණෙන අනෙක් ප්‍රධාන ප්‍රශ්නය වන්නේ තමන්ගේ ආණ්ඩුව තුල සොරකම්, වංචා, දූෂණ, ආදිය නවත්වන්නේ කෙසේද යන්නයි. ජවිපෙ විසින් එය ජයගැනීමට සමත් වුව ද පළාත් පාලන ආයතන වල සිට පාර්ලිමේන්තුව දක්වා හිටපු ප්‍රභූ තන්ත්‍රය සිරගෙවල් තුල ගාල් නොකළහොත් හෝ ඊට පෙර රටින් පැන නොගියහොත් එම චෝදනාවම ("උන් ඔක්කොම යාළුවො මල්ලි") ජවිපෙට එල්ල වීම වැළකිය නොහැකි වනු ඇත.

 

ආර්ථිකය පිලිබඳ කාරණය කෙසේ වෙතත් ජවිපෙ භාරගෙන ඇති මෙම කාර්ය ඉටුකිරීම හෝ නොකිරීම හෝ ඉටුකල හැකි ප්‍රමාණය මත ඔවුන්ගේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත.