SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමරිකානු ඉතිහාසය තුළ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ට ගණයේ සංගීතඥයෙක්.

සංගීතයේ අනේකවිධ මියුරුතර ස්වරයන් ලොවට දායාද කළ සප්ත ස්වර නිර්මාපකයෙක්.  ඔහු නමින් ලෙනාඩ් බර්න්ස්ටයින් ය.

 

|එමී සම්මාන හතක්, ටෝනි සම්මාන දෙකක් සහ ග්‍රැමී සම්මාන 16කට උරුමකමි කී මෙි විශිෂ්ට ගාන්ධර්වර්යාගේ පෞද්ගලික දිවිය පාදක කරගනිමින් 'මෙයාස්ට්‍රො' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ සම්මානනීය අධ්‍යක්ෂවරයකු සේම රංගධරයකු වන බ්‍රැඩිලි කූපර්ය. 'මෙයාස්⁣ට්‍රො' චිත්‍රපටයේ කතාවෙි සම රචකයා වන්නේ බ්‍රැඩ්ලි කූපර් වේ. 'ලෙනාඩ්' චරිතය සඳහා පණ පොවන්නේද 'බ්‍රැඩ්ලි' වේ.

 

 

|2023 වසරේ තිරගත කළ 'මෙයාස්ට්‍රො' චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලෝක පූජිත හොලිවුඩ් අධ්‍යක්ෂවරයන් දෙපළක් වන 'ස්ටීවන් ස්පීල්බර්ග්' සහ 'මාර්ටින් ස්කොර්සෙස්ය'. මුලින් 'මෙයාස්ට්‍රො' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට නියමිතව තිබුණේ ස්ටීවන් ස්පීල්බර්ග්ය. නමුත් බ්‍රැඩිලි විසින් අධ්‍යක්ෂණය කළ 'ස්ටාර් ඊස් බෝර්න්' සංගීත චිත්‍රපටයේ විශිෂ්ටත්වය දැක අධ්‍යක්ෂණය ඔහුටම භාර කළේය.

 

Maes 2

 

ඇමරිකානු චිත්‍රපට ආයතනය (American Film Institute) විසින් 2023 වසරේ හොඳම චිත්‍රපට 10 අතරට 'මෙයාස්ට්‍රො' ඇතුළත් කළේය. එපමණක් නොවෙි. ඉදිරියෙදී පැවැත්වෙන ගෝල්ඩන් ග්ලොබි, ඔස්කාර් සමිමාන උළෙල සඳහා නිර්දේශ නාම රැසක් මෙි වනවිටත් ලබාගෙන ඇත.

 

මේ අති විශිෂ්ට චිත්‍රපටය මෙතරම්  සුවිශේෂ චිත්‍රපටයක් වන්නේ ඇයි?

 

ලෙනාඩ් බර්න්ස්ටයින් නමැති අද්විතීය සංගීතඥයාගේ කතාන්තරය නිරූපණය කරන සිනමා ශෛලිය අපුරු ය. චිත්‍රපටය කළු - සුදු, වර්ණ යන මාධ්‍යයන් දෙකෙහිම නිරූපණයකි. දුර රූප රාමු බහුල ය. සිනමා රූප රාමු කළු - සුදු වර්ණැති පෝලන්ත සිනමාපටයන් සිහි ගන්වයි. රංගනය අති විශිෂ්ට ය. බ්‍රැඩිලි කූපර් වෙස් ගන්වා සාත්වික අභිනයෙන් යුතු පෙරළිකාර රංගනය වසරේ අත්විඳි අපුරුතම චරිතවලින් එකකි. ෆෙලීෂියාගේ චරිතය නිරූපණය කරන 'කෙරී මුලිගන්ගේ' අපුරු රංගනයට නිරායාසයෙන්ම සම්මානයට පාත්‍ර විය යුතුමය.

 

maes 3

 

සිනමාකරණය තුළ සිදු කරන හපන්කම් තුළින් පැය දෙකයි විනාඩි 11ක් පුරාවටම ප්‍රේමණීයබවින් යුතු සංගීත චිත්‍රපටයක වින්දනයෙන් මුසපත් කරයි. ද්විත්ව ලිංගික ජීවිතයක් ගත කළ ලෙනාඩ් බර්න්ස්ටයින්ගේ විවාහ දිවිය එතරමි සුන්දර එකක් වූයේ නැති බව 'මෙයාස්ට්‍රො' හරහා අපට පෙන්වයි. ගැටුම් මැද දිවි ගෙවුණකි.

 

|ලෙනාඩ්ගේ බිරිඳ වන "ෆෙලීෂියා' මැදි වියේදීම පෙනහළු පිළිකාවකින් මිය යයි. එනමුත් ලෙනාඩ් නැවත විවාහ වූයේ නැත. එකම ආදරය දෙපාරක් එන්නේ නැත. ලෙනාඩ් එතරමින්ම ෆෙලීෂියාට ආදරය කළාය. ලෙනාඩ්ගේ ආදරයේ පරිමාව කෙතරම් ද කියා හඳුනාගන්නට ෆෙලීෂියා සමත් වූයේ නැත. ප්‍රේමයේ හැටි එහෙමය. ආදරයේ පරිමාව කෙතරම් ද කියා මැන බැලීමට තවමත් යන්ත්‍රයක් බිහි වී නැහැ.

 

තම දිවියේ සිය හොඳම අඩවිය සංගීතය වෙනුවෙන් කැප කළ මේ අති විශිෂ්ට සංගීත නිර්මාපකයාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ තතු විස්තර කරන 'මෙයාස්ට්‍රො' චිත්‍රපටය රංගනයේ ඇති විශිෂ්ට බව ප්‍රකට කරන සිනමාකෘතියකි. චිත්‍රපටය තුළ ලෙනාඩිගේ සංගීත ජයග්‍රහණයන් පිළිබඳ තතු විස්තර නොකරයි. චිත්‍රපටයේ හරි එල්ලය තිබෙන්නේ ලෙනාඩිගේ ජීවිතයට පෙම්බරිය වූ ෆෙලීෂියා විසින් එල්ල කළ බලපෑම පිළිබඳවය. ලෙනාඩ්  තම ආදරිය වෙනුවෙන් විඳි දුක් වෙිදනාවන්, කඳුළු කැට පිළිබඳ 'මෙයාස්ට්‍රො' හරහා පෙන්වයි. 2023 වසරේ නැරඹු හොඳම චිත්‍රපටයක් ලෙස 'මෙයාස්ට්‍රො' චිත්‍රපටය ඔබට නරඹන්න යැයි යෝජනා කළ හැකි රොමාන්තික ශානරයේ විශිෂ්ට චිත්‍රපටයකි.

 

@මලින්ත විතානගේ

 

nalan mendis

නවතම ලිපි