SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි (අයිපීඑල්) ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම වටිනාකමකට මිලදී ගත් ක්‍රීඩකයා බවට පත්වීමට ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් සමත් වූයේය.

ඉන්දීය රුපියල් කෝටි 24.75 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 97 ක් ඉක්මවයි.) කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිචෙල් ස්ටාර්ක් මිල දී ගන්නා ලදී.

 

අයිපීඑල් ඉතිහාසයේ ඔහු එම වැඩිම මිලට අලෙවි වීමට පෙර ඔහුගේ කණ්ඩායමේ නායකයා වන පැට් කමින්ස් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රු.කෝටි 20.50කට මිලදී ගෙන තිබුණි.

ස්ටාර්ක්ට හා කමින්ස්ට පෙර අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ එංගලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් ය.

2023 වසරේ දී සෑම් කරන් ඉන්දීය රු. කෝටි 18.50ක මුදලකට අලෙවි වී තිබුණි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය ඉන්දීය නළු ෂාරුක් ඛාන්ට අයත් සමාගමක් විසින් දරනු ලබන අතර ස්ටාර්ක් මෙවර අයිපීඑල් තරගාවලියට එක්ව තිබෙන්නේ වසර 8 කට පසුවය.

 
අයිපීඑල් වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයන්

 

මිචෙල් ස්ටාර්ක් – ඉන්දීය රුපියල් කෝටි 24.75 (කොල්කටා නයිට් රයිඩර්ස් – 2024)

පැට් කමින්ස් – ඉන්දීය රුපියල් කෝටි 20.5 (සන්රයිසස් හයිද්‍රාබාද් – 2024)

සෑම් කරන් – ඉන්දීය රුපියල් කෝටි 18.5 (පංජාබ් කිංග්ස් – 2023)

කැමරන් ග්‍රීන් – ඉන්දීය රුපියල් කෝටි 17.5 (මුම්බායි ඉන්දියන්ස් – 2023)

බෙන් ස්ටෝක්ස් – ඉන්දීය රුපියල් කෝටි 16.25 (චෙන්නායි සුපර් කිංග්ස් – 2023)

ක්‍රිස් මොරිස් – ඉන්දීය රුපියල් කෝටි 16.25 (රාජස්ථාන් රෝයල්ස් – 2021)

nalan mendis

නවතම ලිපි