SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඩුබායිහිදී අද (18 වැනිදා)

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ගේ නම් ඉදිරිපත් වී තිබේ.

 

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 333 ක් ඇතුළත් කොට තිබෙන අතර මේ අතුරින් විදෙස් ක්‍රීඩකයන් 30කට සහ ඉන්දියානු ක්‍රීඩකයන් 43කට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට සහභාගී වීමේ අවස්ථාව හිමි වනු ඇත.

 

IPL 3

 

අද පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වශයෙන් වනිදු හසරංග, කුසල් මෙන්ඩිස්, දිල්ෂාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර සහ නුවන් තුෂාර නම් වී ඇත.

මේ අතරින් වැඩිම ආරම්භක මිලකට නම් කර සිටින ක්‍රීඩකයා වනිදු හසරංග වන තර ඔහු ඉන්දීය රුපියල් කෝටි 1.5කටත් අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත්දෙනා ඉන්දීය රුපියල් ලක්ෂ 50ක් ලෙසත් වෙන්දේසිය සඳහා නම් කර ඇත.

 

IPL 2

 

 

මේ අතර ඊයේ (18 වැනිදා) පැවැති පෙරහුරු ක්‍රීඩක වෙන්දේසියකදී 'කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම' ශ්‍රී ලංකා වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුසංඛ පිළිබඳව උනන්දුවක් දක්වන අයුරු පෙනෙන්නට තිබුණු අතර, එක් පුහුණු වෙන්දේසියකදී දිල්ශාන් මධුසංඛ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 10.5ක ලංසුවක් නම් කිරීමට පවා කොල්කටා කණ්ඩායම තීරණය කර තිබිණි.

 

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් සුරේශ් රයිනා සහභාගී වූ පෙරහුරු ක්‍රීඩක වෙන්දේසියේදී වනිඳු හසරංග පිළිබඳව උනන්දුවක් දැක් වූ ආකාරයක් පෙනෙන්නට තිබූ අතර වනිඳු වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 8.5ක ලංසුවක් තැබීමටද රයිනා කටයුතු කළේය.

 

IPL 4

 

@aruna.lk

nalan mendis

නවතම ලිපි