SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසන්ත ඔබේසේකර ගේ තෙවැනි සිනමා වෑයම ඩී. ආර්. පීරීස් ගේ පළමු සිනමා සංගීත වෑයම වෙනවා.

නන්දා මාලිනී ගයන ‘යොවුන් වසන්තයේ‘ සහ වික්ටර් රත්නායක ගයන ‘ගිගිරි ගීත රාවේ‘ සිනමා ගී ද්විත්වය අදටත් දියමන්ති තරමින් ම දිදුලන්නේ ඩී. ආර්. පීරිස් ගේ අසිරිමත් නාද රටා සිරියාව නිසාවෙන්.

 

 

‘දියමන්ති‘ කියන්නේ ඉරණම් තුනක් ඇති වයසක් තරාතිරමක් නැති අයාලේ යන සිනමා තිර මිතුරුකමක්. ලාංකීය සිනමා ගීත එකතුවට ගිගිරි පැළඳූ විලසිත ගිගිරි ගීත රාවයක් දුන් සිනමා සිත් වශී කළ උන්මාදයක්. මතක සිනමා හැඩහුරුකමින් ඔපවත්ව ඇල්බම් තැනිය හැකි රූප රාමු සෑදූ නළු නිළි වතක්. වරෙක අතෙක වරෙක ට්‍රැකෙක දුවමින් අකීකරු කැමරාකරණ කෞශල්‍යයක් එක්ක එකට පෑහෙන සරල සිනමා රීතියක්. එදා බැලුවත් දැන් බැලුවත් හාත්පසින්ම දිස්නය දෙන බෙරලියන්තු සිනමා කැපුමක්.

 

 

 

 

@Shiranjith Nishantha Gammudhuwatta

nalan mendis

නවතම ලිපි