SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1962 දී, ඇමරිකානු සමාජ ශාලා (Copacabana) බවුන්සර්වරයෙකු ලෙස සේවය කළ ඉතාලි-ඇමරිකානුවකු වන ෆ්‍රෑන්ක් වැලලොංගා/ටෝනි ලිප් (විගෝ මෝටෙන්සන්)

සිය සමාජ ශාලාව අලුත්වැඩියාව සඳහා මාස දෙකක් වසා දැමීම හේතුවෙන් තම බිරිඳ ඩොලරස් (ලින්ඩා කාර්ඩෙලිනි) සහ දරුවන් දෙදෙනා නඩත්තු කිරීම සඳහා වෙනත් රැකියාවක් සොයමින් සිටියි.

 

 

මේ අතර අප්‍රිකානු ඇමරිකානුවකු, සම්භාව්‍ය සංගීතඥයකු සහ පියානෝ වාදකයෙකු වන දොන් ෂර්ලි (මහර්ෂලා අලී), ඇමරිකා එක්සත් ජනපදයේ වර්ණභේදවාදය තදින් පැවතුණු බටහිර මැද සහ දකුණු අන්තයේ පිහිටි ප්‍රාන්ත හරහා සති අටක ප්‍රසංග චාරිකාවකට සූදානම්ව සිටින අතර, ඔහුව එක් එක් ප්‍රසංගයට ප්‍රවාහනය කිරීම සඳහා රියැදුරෙකු සහ ශරීරාරක්ෂකයෙකු ලෙස සුදු ජාතිකයෙකු වන ටෝනි ලිප්ව තෝරාගනියි.

 

dil 2

 

මෙම රැකියාව ටෝනිගේ විස්තෘත පවුලෙන් ඔහුව තාවකාලිකව ඈත් කළද, ඉහළ වැටුප නිසා ඔහු එම රැකියාව තෝරාගනියි. ටෝනි නත්තලට ගෙදර එන බවට පොරොන්දු වෙමින්, ආචාර්‍ය ෂර්ලි සහ ෂර්ලිගේ ත්‍රිපුද්ගල සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් දෙදෙනා සමඟ සංචාරය සඳහා පිටත්ව යයි. ඔවුන් සිය සංචාරය අතරතුර නවාතැන් ගැනීමට සුදුසු, වර්ණභේදවාදී නොවන හිතකාමී නවාතැන් සොයා ගැනීමට භාවිත කරන්නේ වික්ටර් හියුගෝ ග්‍රීන් විසින් 1936 සිට 1966 දක්වා පල කරන ලද The Negro Motorist Green Book නමැති මාර්ගෝපදේශ සංග්‍රහයයි.

 

Dr. Donald Shirley (Mahershala Ali, right) gives an impromptu performance in "Green Book," directed by Peter Farrelly.

 

ටෝනිට සහ දොන් ෂර්ලිට ඔවුන්ගේ පෞද්ගලික වෙනස්කම් මෙන්ම ඔවුන්ගේ ගමනේදී ඔවුන් මුහුණ දුන් විවිධ සමාජ අසාධාරණයන් ජය ගැනීමට ද සිදු වෙයි. ඔවුන් දෙදෙනාම බලාපොරොත්තු වූවාට වඩා ඔවුන්ගේ එකට ගත කරන කාලය වඩාත් ප්‍රතිඵලදායක වන අතර, ඔවුන්ගේ ජීවිත වඩා යහපත් ලෙස වෙනස් වෙයි. එසේම, ඉක්මනින්ම ඔවුන් අතර ඉතා හොඳ මිත්‍රත්වයක් වර්ධනය වෙයි.

 

1950/60 යුගවලදී ඇමරිකාවේ පැවති සුදුකලු වර්ණභේදවාදයේ අමානුෂිකත්වය මෙන්ම එය ජයගැනීම සඳහා දොන් ෂර්ලි වැනි කලුජාතිකයන්ගේ අවිහිංසාවාදී අරගලය මෙම චිත්‍රපටයෙන් මනාව ඉස්මතු කරයි. ජාතිය, ලිංගිකත්වය, ඇදහිල්ල කුමක් වුවත්, මනුෂ්‍යත්වයේ වැදගත්කම පිළිබඳව මෙම චිත්‍රපටය වටිනා පණිවිඩයක් ඉදිරිපත් කරයි. 'Green Book' 2018 ඔස්කාර් සම්මාන උළෙලේදී සම්මාන පහක් සඳහා නිර්දේශ වූ අතර, හොඳම චිත්‍රපටය, හොඳම මුල් තිර රචනය සහ මහර්ෂලා අලී සඳහා හොඳම සහය නළුවා සඳහා වන සම්මානය ඇතුළු සම්මාන තුනක් දිනා ගැනීමට සමත් විය.

 

dil 4

 

අප්‍රිකානු ඇමරිකානු පියානෝ වාදක දොන් ෂර්ලි සහ ෂර්ලිගේ රියදුරු සහ ආරක්ෂකයා ලෙස සේවය කළ ඉතාලි ඇමරිකානු බවුන්සර්වරයෙකු සහ පසුව සිනමා නළුවෙකු වූ ෆ්‍රෑන්ක් වැලෙලොංගා (ටෝනි ලිප්) 1962 දී ඇමරිකාවේ දකුණු අන්තයේ ප්‍රාන්තවල සැබවින්ම සිදු කළ සංගීත සංචාරයක සත්‍ය අත්දැකීම්, ලිප් සහ ෂර්ලි සමඟ කළ සම්මුඛ සාකච්ඡා මෙන්ම ලිප් ඔහුගේ බිරිඳට ලියූ ලිපි මෙම චිත්‍රපටයට පාදක වී ඇති අතර, ලිප්ගේ පුත් නික් වැලෙලොංගා සහ බ්‍රයන් හේස් කරී සමඟ පීටර් ෆැරලි විසින් මෙහි තිර රචනය සිදු කර ඇත.‍

 

dil 5

 

 

චිත්‍රපටය - Green book (2018)

අධ්‍යක්ෂණය - පීටර් ෆැරලි (Peter Farrelly)

තිර රචනය - නික් වැලලොංගා (Nick Vallelonga),බ්‍රයන් හේස් කරී (Brian Hayes Currie),පීටර් ෆැරලි (Peter Farrelly)

නිෂ්පාදනය - ජිම් බර්ක් (Jim Burke), බ්‍රයන් හේයස් කරී (Brian Hayes Currie), පීටර් ෆැරලි (Peter Farrelly), නික් වැලලොංගා (Nick Vallelonga), චාල්ස් බී වෙස්ලර් (Charles B. Wessler)

ප්‍රධාන චරිත - විගෝ මෝටෙන්සන් (Viggo Mortensen), මහර්ෂලා අලි (Mahershala Ali),

ලින්ඩා කාර්ඩෙලිනි (Linda Cardellini)

සිනමාකරණය- ෂෝන් පෝටර් (Sean Porter)

සංස්කරණය -පැට්‍රික් ජේ. දොන් වීටෝ (Patrick J. Don Vito)

සංගීතය - ක්රිස් බෝවර්ස් (Kris Bowers)

 

 

@Anuruddika Dilrangi

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි