SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රිකට් ලොවේ යෝකර් රජු ලෙස ප්‍රකට ලසිත් මාලිංගගේ නවතම යෝකර් පන්දුව පිළිබඳව මේ වනවිට ලෝකයේම කතාබහට ලක්ව ඇත.

ඔහුගේ නවතම යෝකර් පන්දුව එල්ලවන්නේ පිතිකරුවෙකුට නොව ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයටය.

මාලිංග විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගීත 14කින් සමන්විත ඔහුගේ නවතම ඇල්බමය එළිදැක්වීමට සියල්ල සූදානමින් පසුවන බවය.

මෙම ගීත ලසිත් මාලිංග විසින් ම රචනා කර තිබීම එහි ඇති විශේෂත්වයයි.

මාලිංගගේ බලාපොරොත්තුව වී ඇත්තේ ඔහුගේ සුපිරි යෝකර් පන්දුව මෙන්ම ඔහු විසින් රචිත මෙම ගීත ද ශ්‍රාවකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමය.

එසේම එහිදී වැඩිදුරටත් විදෙස් මාධ්‍ය ඔහුගෙන් අසා සිටින්නේ වඩා අපහසු ගීත රචනය ද නැතිනම් ක්‍රිකට් ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පවසන්නේ වඩා අපහසු ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවය.

ක්‍රිකට් ක්‍රීඩා කළ ඕනෑම අයෙකු එහි අසීරුතාවය මැනවින් හඳුනන බවද ලසිත් මාලිංග වැඩිදුරටත් සඳහන් කර තිබේ.

@adaderana

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි