SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘‘ ධනවාදයයි කොමියුනිස්ට්වාදයයි සන්සන්දනය කරන එක ගැන නෙවි මම අහන්නෙ යාන්.

මම අහන්නෙ මිනිස්සුන්ට ඡිවත්වෙන්න උදවුවෙන්න අවශ්‍ය වෙන්නෙ තරගකාරීත්වයද ? සහයෝගයද ? "

 

‘‘ තරගකාරීත්වය "

‘‘ නෑ ! සහයෝගය "

‘‘ නෑ ! තරගකාරීත්වය "

 

================================

 

Hans Weingartner ගේ 303 චිත්‍රපටියෙන්

 

================================

 

‘‘ඔිකනේ කියන්නෙ යාන් ! සහයෝගීත්වය ! ඒකනේ මම ඔයාව වාහනයට නග්ගගත්තේ ! අනුකම්පාව, දුක ඒ කියන්නෙ මනුස්සකම. ඒ නිසා ඇතිවෙනවා සහයෝගීතාවය. ඒකෙන් දියුණුවට මග පෑදෙනවා.  ඒක හරි ලස්සන දෙයක් ඒකෙන් තමයි අපි නියැන්ඩතාල් මානවයගෙන් වෙන්වෙලා ශිෂ්ට මිනිස්සු වුනේ !"

 

ඒ කිව්වෙ ඡුලී ?

 

‘‘මීට අවුරුදු 25000 කට ඉස්සෙල්ල නියැන්ඩතාල් මානවයෝ ඡිවත්වුනේ දකුණු ප්‍රංශයේ ඒ අයිස් යුගයෙ අවසාන කාලය. එයාල හැම තිස්සෙම හිටියෙ 8 ක් 10 ක් වගේ කුඩා කුඩා කණ්ඩායම්වල. ඒ කන්ඩායම් දඩයම් කලේ පුංචි පුංචි සත්තු. නමුත් එයාලට ඡිවත්වෙන්න ඔන වුනා එක්කෙනෙකුට කැලරි 5000 ක විතර මස්. ඉතින් මෙි පුංචි දඩයම්, ඒක මදි වුනා ඊට පස්සෙ උන් එකිනෙකා සටන් කරා තියෙන ආහාර බෙදාගන්න. අවසානයේ ඉතිරිවුන උන් නිරාහාරව මළා. නමුත් ඒ අවධියේම හිටිය නියැන්ඩතාල්ලගේ අතුරු ප්‍රභේදයක් ක්‍රෝ මැග්නෝන්. එයාල හිටියෙ 400 ක් 500 ක් වගේ විශාල කණ්ඩායම් විදිහට. එයාල කලේ මැමත් වගේ දැවැන්ත සත්තු රංචු පිටින් කදු බෑවුම් වලට පන්නපු එක. බයවෙලා පල්ලෙහාට වැටුණු සත්තු තමයි එයාල කෑවෙ. ඉතින් මස් වලින් ඒ මානවයන්ට කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නෑ ! දන්නවද මෝඩයෝ එයාල බාබිකිව් පාටිත් දැම්මා."

 

303 a

 

‘‘අප්පට යකෝ ! එලනෙ ! ‘‘

 

‘‘කෑම ගොඩක් තියෙන නිසා එයාලට තිබුණු විවෙිකයෙන් ඒ ගොල්ලො ගුහාවල චිත්‍රත් ඇන්දා. ගොඩක් මස් කාපු නිසා එයාලගෙ දිව ශක්තිමත්ව වැඩුනා. ඒ නිසා එයාල කතාකරන්න පටන් ගත්තා. පළමු හෝමෝ සේපියන්ල බිහිවුනේ එහෙමයි. ක්‍රෝ මැග්නෝන්ලගෙන් පස්සෙ තමයි ශිෂ්ඨාචාරයකට උරුමකම් කිව්ව අපේ මුතුන් මිත්තො බිහිවුනේ."

 

 

‘‘සත්තකට ‘‘

 

‘‘සහතිකවම. ඒ ගොල්ලො බෙිරුනේ සාමුහිකව වැඩ කරපු නිසා. ඒක නිසා සාමුහික සමාඡක්‍රමය මිනිසත්බව තීරණය කිරීමෙි ප්‍රධාන සාධකය වුනා. දැන් මැට්ටෝ ධනවාදයට ඔන අපි ආපහු නියැන්ඩතාල්ල කරන්න.‘‘

 

‘‘ඒ එක පැත්තක් විතරයි ඡුලි ! ‘‘

 

303 b

 

 

‘‘නෑ යාන් ධනවාදය අමානුෂික ක්‍රමයක් ! ඒකෙ ප්‍රතිලාභ උඩින්ම ඉන්න 1% විඳිනවා. අනිත් ඔක්කොම වුන් මොන ආකාරයෙන් හරි විඳවනවා ! "

 

 

‘‘මට ඕව කියන්න එපා ඡුලී මිනිස්සු දුෂ්ටයි. උන් ළඟ නෑ සහයෝගය ! මට ඉස්සලේල ඔයාගෙ මේ වාහනයට නැගපු එකා හැදුවෙ ඔයාව දූෂණය කරන්න. හා නැද්ද ? ඌට ඔින සහයෝගීතාවයද ? "

 

"ඔයා ඕක ගැන කියවන්න එන්න එපා යාන්. ඌ කොහෙදෝ යන පොන්නයෙක් !"

 

@කර්තෘ අඥාතයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි