කුමුදු කුමාරසිංහගේ “කොළඹ මතක” සමග හිත්මි - කුමුදු කතාබහ

අපේ කුමුදු ගේ මතක... කොළඹ මතක - උපුලි පෙරේරා
ඒ පොත ගැන මම මොනව ලියන්න ද.. කුමුදු මා අඳුරන්නේ අවුරුදු 6/7ක සිට. ඒත් මා ඇයගේ දුටුවා විශේෂ චරිතයක් ඒ වගේම ඇතුලේ ඉන්නවා සොඳුරු ගැහැණියක් එඩිතර ගැහැණියක්...
ඇය සරළ එහෙත් සරළ නොවන ගැහැණියක්..
කොටින්ම කිව්වොත් මම කොළඹ 7න් ආපු ගැහැණියක් නෙමෙයි, මම සාමාන්‍යය පවුලක ගැහැණියක් කියන එක ලෝකෙටම කියන එක ලේසි නෑ. .. ඒ වගේම ඇය ගේ පොත තුල ඇය සරල භාශාවෙන් වෙන් කියලා තියෙනවා මෙන්න ගැහැණියක් ඉන්නවා දුක සැප දෙස උපේක්ෂාවෙන් බලන් හිටපු කියලා...
බොරු කියන්න ඕනේ නෑ මම කුමුදුට ආදරෙයි... මොකද අපි දෙන්න වලි ගිහින් නෑ කවදාවත්.. මම දකිනවා කුමුදු බොහෝ දේවල් උපේක්ෂාවෙන් බලන් ඉන්නවා මේ මුහුණු පොතේ...
මට නම් ඇත්තටම ඒක අපහසු දෙයක්. හැබැයි එතනදී ඇය දිණුම්... මොකද ගැහැණියකට තිබිය යුත්තේම උපේක්ෂාව...
කාගේවත් හිත නොරිදවා, හැම දේම දරාගෙන ඉන්න ගැහැණියක් වීම ලේසි නැහැ..
ඒත් කුමුදු එහෙම කරලා තියෙනවා... මේ පොතේ යට කථාව ඒකයි... මෙන්න මගේ මතක ඒ මතක ඇතුලේ තව නොකියපු දේවල් ගොඩක් තියෙනවා.. හැබැයි ඒවා කියන්න බෑ. ඒක මට තේරුම් ගන්න පුළුවන් මොකද අපි කොච්චර ගැහැණුන්ට open වෙන්න දෙනවා කීවත් ඒක මේ රටේ කරන්න බෑ.. ඒක ඔයාටයි මටයි දෙන්නටම පොදුයි....
ඒත් කුමුදු කවුරු හරි ඒක ලියන්න ඕනේ.. මම හිතනවා ඔයාගේ දෙවැනි පොත ඒක වෙයි කියලා.....
කුමුදු ඔයාගේ පොත ලස්සනයි.. ඔයා වගේම ලස්සනයි...
මගේ ආදරය!
@ Upulee Perera ගේ fb පිටුවෙන්.

