SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"සිලෝන් ෆයිටින් චැම්පියන්ෂිප්" තරගාවලිය අට වන වරටත් පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන 26 වෙනිදා, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීය.

"සිලෝන් ෆයිටින් චැම්පියන්ෂිප්" යනු මිශ්‍ර සටන් කළා තරගාවලියක් වන අතර දිවයින පුරා විවිධ පළාත් නියෝජනය කරමින් මිශ්‍ර සටන් කළා සංගම් ගණනාවක් තරගාවලිය හා එක්වේ.

මිශ්‍ර සටන් කළාව පසුගිය දශකය තුල දිවයිනේ අතිශය ජනප්‍රියත්වයක් ලඟා කරගෙන ඇති අතර, ඊට සමගාමිව බ්‍රසීලියානු ජු ජිට්සු, බොක්සිං, රෙස්ලින්, කික් බොක්සිං වැනි ක්‍රීඩා පුහුණු කරන ක්‍රීඩා සංගම් රැසක් රට පුරා බිහිව ඇත.

 

WhatsApp Image 2023 08 19 at 12.50.09

 

මිශ්‍ර සටන් කලාව ලෝකයේද අතිශය ජනප්‍රියත්වයක් උසුලන අතර , මේ සඳහා දැවැන්ත තරගාවලි ලෝකය පුරා පැවැත්වේ , UFC , One Championship වැනි තරගාවලි ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් උසුලයි.

මිශ්‍ර සටන් කලාව ලෝකය පුරා ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් බවට පත්වී ඇති අතර, යුරෝපයේ, පෙරදිග පමණක් නොව ආසියාවේද මිශ්‍ර සටන් කලාව සාර්ථක කර්මාන්තයක් බවට පත්වී ඇති අතර, අසල්වැසි ඉන්දියාව පවා අතිශය සාර්ථකව මේ කර්මාන්තයේ ලෝකයත් සමග කරට කර සටනක යෙදෙමින් සැලකියයුතු විදේශ විනිමයක් උපයයි.

ලෝකය පුරා මිශ්‍ර සටන් කලාවේ වෘතිමය වශයෙන් යෙදෙන ක්‍රීඩික ක්‍රීඩිකාවන් සිටී, සංචාරක කර්මාන්තය පවතින මිරිස්ස වැලිගම වැනි ප්‍රදේශ වල සංචාරය කරන විදේශිකයින් බොහොමයක්ද මිශ්‍ර සටන් කලාව කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන අතර , එම විදේශිකයින් ඉලක්ක කර ගනිමින් බිහිවූ මිශ්‍ර සටන් කළා සංගමයක් මිරිස්ස ප්‍රදේශය පවතී , දිවයිනේ අනිකුත් ප්‍රදේශ වල ඇති මිශ්‍ර සටන් කළා සංගම් වලටද පුහුණු වීම සඳහා විදේශ සංචාරකයින් පැමිණීම සුලබව දැකිය හැකි දර්ශනයකි.

මිශ්‍ර සටන් කලාව , ඒ හා සම්බන්ද තරගාවලි වල ප්‍රමිතිය ප්‍රවර්ධනය කිරීමෙන් මේ වන විට රටට පැමිණෙන සංචාරක කුලකයට අයත් නොවන නව සංචාරකයින් ආකර්ෂණය කර ගත හැකි අතර, ලෝකයයේ මිශ්‍ර සටන් කලාවට සමගාමිව අපේ රටේ මිශ්‍ර සටන් කලාව දියුණු කිරීමට පියවර ගතහොත්,දැවැන්ත කර්මාන්තයක් ලෙස මෙය ගොඩ නැගීමේ විභවයක් පවතී.

සිලෝන් ෆයිටින් චැම්පියන්ෂිප් සඳහා ජාත්‍යන්තර ක්‍රීඩකයින් තිදෙනෙක් සමග ,අපේ රටේ ක්‍රීඩකයින් තිදෙනෙක් සටන් කිරීමට නියමිතය, මෙය ලාංකීය මිශ්‍ර සටන් කළා ඉතිහාසයේ නව පිටුවක් පෙරලෙන සන්ධිස්ථානයකි.මිශ්‍ර සටන් කලාව ලෝකය තුල විවිධ අවස්ථා ඇති කර්මාන්තයක් වන අතර මෙහි විභවය හඳුනා ගතහොත් ,රටක් හැටියට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් අත පත් කරගත හැකි බවට නොඅනුමානය.

මෙවර සිලෝන් ෆයිටින් චැම්පියන්ෂිප් සඳහා නිල රූපවාහිනී සේවය ලෙස මාධ්‍ය අනුග්‍රහය සපයන්නේ ස්වාධීන රූපවාහිනී සේවය වේ. ලංකාව පුරා පැහැදිලි ආවරණයක් සැපයෙන් නාලිකාවක් ලෙස ස්වාධීන රූපවාහිනිය මේ සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වීම මිශ්‍ර සටන් කළාව මෙන්ම රටේ සමස්ත ක්‍රීඩාව පැත්තෙන් ගත් කල ඉදිරිගාමී පියවරකි .

නාගරික, අර්ධ නාගරික පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශ වල දිවයින පුරා විසිරී සිටින මිශ්‍ර සටන් කලාව හැදෑරීමට කැමති තරුණ තරුණියන්ට ඒ සඳහා අත දීමත් ,අවස්ථා හඳුන්වා දීමත්, සිලෝන් ෆයිටින් චැම්පියන්ෂිප් හි බලාපොරොත්තුව බව කියැවේ.

සිලෝන් ෆයිටින් චැම්පියන්ෂිප් තරගාවලිය නැරඹීම සඳහා අගෝස්තු 26 දින සවස 5 ට සුගතදාස ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙස ආරාධනය කෙරේ.

 

WhatsApp Image 2023 08 19 at 12.50.09 1WhatsApp Image 2023 08 19 at 12.50.10 1WhatsApp Image 2023 08 19 at 12.50.10WhatsApp Image 2023 08 19 at 12.50.11 1WhatsApp Image 2023 08 19 at 12.50.11WhatsApp Image 2023 08 19 at 12.50.12WhatsApp Image 2023 08 19 at 12.50.13

 

@Hasitha Eranga

nalan mendis

නවතම ලිපි