SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

උදේට ඇහැරෙනකොට කකුල් දෙපැරැන්දෙන් ලේ වැක්කෙරෙනව නම් ගොඩක් ගෑණු ළමයි දන්නව තමන්ගෙ මාසික ඔසප්වීම පටන් අරන් කියල.

හැබැයි මේ කතාවේ ගෑණු ළමයි දැනගෙන හිටියා තමන්ගේ යෝනියෙන් ලේ ගලන්නේ කලින් දවසේ රෑ දූෂණයට ලක් වෙලා තියෙන නිසා කියල.

 

WOMEN TALKING (2022)Rooney Mara, Claire Foy, and Jessie Buckley CR: Michael Gibson/United Artists Releasing

 

අවුරුදු ගාණක් තිස්සේ මේ අපරාධ සිද්ධ වුණත්, ඒකට එරෙහිව නැඟී ඉන්න, වයස් භේදයකින් තොරව කොළණියේ ගෑණුන්ව දූෂණය කරන මිනිස්සුන්ව හොයාගන්න, එයාලට නිසි දඩුවම් දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැහැ.

 

නමුත් එක දවසක ඒ හැමදේම කණපිට පෙරළෙනව. කොළණියේ ගෑණියක් පිරිමියෙක්ට කැත්තක් අමෝරගෙන ඇඟට පැනපු දවසේ, මෙච්චර කාලයක් නිහඬව හිටිය ගෑණු කතා කරන්න පටන් ගන්නව. පළවෙනි වතාවට එයාල "තමන්" වෙනුවෙන් කතා කරන්න පටන් ගන්නව.

 

 

Women Talking කියන්නේ වචනයේ පරිසමාර්ථයෙන් ම ගෑණු කතා කරන දේවල් පෙන්නන වැඩක්. පැය දෙකකට ආසන්න ධාවනය කාලය පුරාම ගෑණු ආවේගෙන්, වෛරයෙන්, කණගාටුවෙන්, වේදනාවෙන්,කළකිරීමෙන්, ආදරෙන්, බලාපොරොත්තු පිරුණු හඬින් කතා කරනව. හැබැයි ඒ වෙන මිනිස්සු ගැන නෙමෙයි, තමන් ගැන, තමන්ගේ අනාගතේ ගැන.

 

 

women talking 3

 

සමහර වෙලාවට සටන් කරනව කියන්නේ පොලු මුගුරු අතට ගන්න එක නෙමෙයි, රැඳෙන්න අමාරු තැන්වලින් මිඳිලා, අමාරුවෙන් වුණත් ඈතට යන එකයි කියල ගෑණු ගොඩක් එකතුවෙලා අපිට කියල දෙන කතාවක් මේ.

 

මේක හැමෝටම සෙට් නොවෙන, හැබැයි සෙට් වෙන මිනිස්සුන්ට උපරිමයෙන් දැනෙන වැඩක්. කතාව බලලා මේ මූවි එකට පාදක කරගත්ත පොත ගැනත් කියවල බලන්න.

 

1900 බර ගණන්වල වයිබ් එකක් ආවත්, 2005-2009 කාල සීමාවේ ඇත්තටම සිද්ධවුණ සිදුවීම්වලින් තමයි පොත ලියවිලා තියෙන්නේ කියල දැනගත්ත ම මං නම් සෑහෙන්න ශොක් වුණා!

 

Women Talking | 2022 full movie

@ සිනමාවේදීන් - The Cinema People

nalan mendis

නවතම ලිපි