SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රේම ගීත ලිවීම සඳහා හැකියාව දරන පළමු AI මෙවලම දැන් නිපදවා ඇත.  LovelaceGPT’s ලෙස හැඳින්වෙන එය සුවිශේෂී පද රචනා සහිත ආදර ගීත කිහිපයක්ම ලියා ඇත.

නවීන ලෝකයේ භාවිතාවන් සහ තාක්ෂණ වදන්ද යොදා ගැනීම නිසා  එහි නිර්මාණ එක්තරා ආකාරයක විකාර රෑපී පද රචනාවන්ට සමානය.

 

ඒ අනුව එහි මුල්ම ගීතය "ඔබ  මගේ ජෛව උපද්‍රවකාරී - biohazard  සොඳුරිය" වැනි අමුතු වදන් පේළි සහිතව පැමිණියේය. මෘදුකාංගය මගින් මෙබඳු තවත් අද්විතීය හා විචිත්‍රවත් ගීත හයක් නිෂ්පාදනය කර තිබේ. මේ ගීත ලිවීමට පෙර ලොව ඇති දහස් ගණන් ආදර කවි සහ ගීත පදවලින් ගත් උපුටා ගැනීම්වලින් AI මෙවලම පෝෂණය ලබා ඇත.

 

සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියක් සඳහා ශිෂ්‍ය අභ්‍යාසලාභී යසීන් මොහොමඩ් ඔස්මාන් විසින් සාදන ලද මේ ගීත උත්පාදක යන්ත්‍රය සමඟ නව නිර්මාණ බිහිකිරීමට සංගීතය, ඉංග්‍රීසි සහ පරිගණක විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් සහයෝගය ලබා දී ඇත. සංගීත සංයෝජනය පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය බෙන් ඔලිවර් “ගීත ලිවීමේදී ඇති දුෂ්කරම දෙය වන්නේ සංගීතයට සුදුසු වචන සොයා ගැනීම බවත් ඒ අතරම LovelaceGPT ජනනය කරන ලද වචන බොහෝ විට අපට  අමුතු ලෙස පෙනෙන නමුත් ඒවා පුදුම සහ උද්වේගකර බවින් යුතු බව කියා ඇත.

 

මෙම ගීත ලියා ඇත්තේ ප්‍රසිද්ධ ගායිකා හැනා විලියම්ස් සඳහාය. Riot Ensemble සම්භාව්‍ය සංගීත කණ්ඩායමේ පියානෝ වාදකයන් දෙදෙනෙක් සහ ඩ්‍රම්ස් වාදකයන් දෙදෙනෙක් මෙහි සංගීතය සඳහා දායක වී තිබේ.   

 

@Deshaya

marrikkar

නවතම ලිපි