SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2023 වසරට අදාළව සිනමාශාලාවක නරඹපු 13 වැනි චිත්‍රපටය විදියට 'මිෂන් ඉම්පොසිබල් 8' ගැන කියන්න තියෙන්නේ ටොමි කෘෘස් නැවතත් ප්‍රේක්ෂකාගාරය විශ්මයට පත් කළා කියලා.

ක්‍රිස්ටෝපර් මැක්කූරි මීට පෙර අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට දෙකට සාපේක්ෂව Dead Reckoning චිත්‍රපටයේ style එක සහ rhythm එක අතිශයින්ම වෙනස් ස්වරූපයක් ගන්නවා.

 

ෆිල්ම් එක පටන් ගන්න පලවෙනි shot එකේ ඉඳන් slow burn ගතිය සෑහෙන්න දකින්න පුළුවන් වුන දෙයක්. Slow burn ගතියක් එක්ක චිත්‍රපටය පුරාවටම තිබුනේ Non-stop action line එකක් නෙමෙයි.

 

MI 3

ක්‍රිස්ටෝපර් මැක්කූරිගේ 'Rouge Nation' සහ 'fallout' චිත්‍රපට දෙකට සාපේක්ෂව 'dead Rocking part 1" කියන්නේ හොඳ Action sequence තිබුනේ නැති වුනත් not bad කියන තැනට එනකම් චිත්‍රපටය හොඳට කරලා තිබුනා. ෆිල්ම් එකේ තිබුන හුස්ම පොද නතර කරවන climax එක නමි ඇත්තටම පර්ෆෙක්ට්. මගේ අදහසට අනුව නම් ක්‍රිස්ටෝපර් මැක්කූරිගේ මිෂන් ඉම්පොසිබල් ෆිල්ම් තුනේ දැකපු හොඳම ඇක්ෂන් සීන්ස් තිබුනේ 'Fallout' movie එකේ.

 

පැය දෙකයි විනාඩි 43 වැනි දිගු ධාවන කාලයකින් සමන්විත 'Mission: Impossible – Dead Reckoning Part One' චිත්‍රපටය මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ දීර්ඝතම ධාවන කාලයක් සහිත චිත්‍රපටය ද වනවා. හොලිවුඩයේ සිටින විශිෂ්ටතම ක්‍රියාදාම නළුවා තමන් බව නැවත වරක් තහවුරු කරන්නට ටොම් කෲස් විසින් සමත් වෙනවා.

 

MI 5

 

''Mission: Impossible – Dead Reckoning Part One' චිත්‍රපටය කොටස් දෙකක් යටතේ නිර්මාණය වන අතර 'Mission: Impossible – Dead Reckoning Part Two එන වසරේ ජූනි 28 වැනි දා තිරගත කිරීමට සුදානමින් සිටින බව අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් මැක්කූරි මාධ්‍ය වෙත පවසා තිබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 290ක්(ලංකා මුදලින් රුපියල් බිලියන 89) වැනි අති විශාල පිරිවැයක් දරමින් නිර්මාණය කරපු, ඇඩ්‍රිනලීන් නෑවෙන, ලොමුදැහැ ගැන්වෙන ක්‍රියාදාම දර්ශනවලින් ඇඟ උණුසුමි කරගන්න 'Mission: Impossible – Dead Reckoning Part Two' කියන්නේ සිනමාශාලාවකට ගිහින් අසුනක් වෙන් කරගෙන නරඹන්න කියාපුම චිත්‍රපටයක් විදියට ඉහළින්ම නිර්දේශ කරනවා.

@මලින්ත විතානගේ-

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි