SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොන්ද කෙළින් තියන් දෙපයින් හිටගන්න නම් ධෛර්ය නැතිව බෑ කියලා කියන්නේ 'Hunger' චිත්‍රපටයේ ඉන්න 'Aoy'.

මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මිනිස් ධෛර්යය ගැන. ජීවිත තරඟය ගැන. මිනිස් ජීවිතයේ තියෙන සැබෑ තෘප්තිය ගැන.

 

දැකපු ගමන් අමුතු ලස්සනක් තියෙන කෙල්ලෙක් නේද? කියලා කියන්න හිතෙන විදියේ රූපයක් තියෙන Aoy' වෘත්තියෙන් කරන්නේ තමන්ගෙම කියලා පොඩි හෝටලයක උදේ ඉඳන් රෑ වෙනකං රයිස් වගේ ක්ෂණික කෑමවර්ග හදලා මිනිස්සුන්ගේ බඩ පුරවන එක.

 

hunger movie

 

දාඩිය දාගෙන උයන වැඩේ කරන 'Aoy'ට තායිවානයේ තියෙන සුපිරිම පන්නයේ තරු පහේ හෝටලයක වැඩ කරන්න චාන්ස් එකක් ලැබෙනවා. තායිවානයේ ඉන්න ජනප්‍රියම සුපිරිම කෝකියෙක් වුනු චෙෆ් පෝල් යටතේ තමයි 'Aoy'ට වැඩ කරන්න වෙන්නේ. තාච්චියේ ප්‍රයිඩ් රයිස් දාපු 'Aoy'ට පෝල්ගේ කිචන් එක කියන්නේ හරිම සංකීර්ණ තැනක් වෙනවා. චෙෆ් පෝල් එක්ක වැඩ කරන එක ලේසි නෑ. එයාට කෑම එක තිතට ඔින. මේ  නිසා Aoy' හැමතිස්සෙම බැනුම් අහනවා.

 

hunger 2

 

හැබැයි එයා මට මේක කරන්න බෑ කියලා නවතින්නේ නෑ. කලකිරෙන්නෙත් නෑ. තමන්ට තමන් අභියෝග කරගන්නවා. අත පිච්චෙනකං කෑම හදනවා. ගින්දර එක්ක හැප්පෙනවා. දියපට්ට දාලා හම රතුවෙනකම් කෑම එක්ක ඔට්ටු වෙනවා. අන්තිමට චෙෆ් පෝල් එක්ක වැඩ කරන්න බැරිම තැන අයින් වෙලා යනවා.

කාලයක් ගිහින් වපුරපු හැටියටනේ අස්වැන්න ලැබෙන්නේ කියලා 'Aoy' චෙෆ් පෝල් තරමට තායිවානයේ හොඳම සුපවේදිනිය කියන ලේබල් එක වැදෙන මට්ටමට එනවා. චෙෆ් පෝල් නිකං ඉන්නේ නෑ. ගේම ඉල්ලනවා මේ පුංචි කෙල්ලගෙන්. කෙල්ලත් ගේම අතාරින්නේ නෑ.

 

hunger 5

 

සාමාන්‍යයෙන් හෝටල්වල රහට කෑම හදන්න පුළුවන් පිරිමි කෝකියෙක්ට කියන මතය සම්පූර්ණයෙන්ම මෙතනදි 'Aoy' බිඳ වට්ටවනවා. කිචන් එකක් ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. තියෙන්නේ ඒකාධිපතිවාදයක් කියලා චෙෆ් පෝල් , 'Aoy'ට කියනවා. හැබැයි 'Aoy'ගේ ප්‍රමෝදය, සතුට තියෙන්නේ තමන්ගේ පවුල ගාව මිසක් පිරිමි පරාණයකගේ ඒකාධිපතිවාදය රජ කරපු කිචන් එකක නෙමෙයි කියලා Aoyම තේරුම් ගන්නවා.

ඒ සතුට 'Aoyට' මිලියන ගණන්වලට ගන්න බැරි බව අන්තිමට එයාට තේරෙනවා. 'Culinary' type එකේ සිනමැටික් වැඩක් විදියට 'Hunger' කියන්නේ හොඳ චිත්‍රපටයක්. විශේෂයෙන් Motivation ride එකක් ගන්න පුළුවන් හොඳම හොඳ චිත්‍රපටයක්. බලන්න.

 

@මලින්ත විතානගේ

marrikkar

නවතම ලිපි