SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විසිවන සියවසේ ඉංග්‍රීසි වේදිකාවෙන් බිහිවූ ශ්‍රෙෂ්ඨතම නලුවෙකු වූ සර් ලෝරන්ස් ඔලිවිය, ඔහුගේ සූප්‍රකට ඔතැලෝ වේදිකා රංගනයෙ යෙදුනෙ 1964 දීය.

එවිට ඔහුගෙ වයස 57 විය. හැම්ලට්, මැක්බත්, ලියර් රජ චරිත රගපෑමෙන් අද්විතීය නමක් දිනා සිටි ඔලිවියර් ඔතැලෝ චරිතය කිරීමට මුල සිටම බියක් දැක්වූහ.

 

OTHELO 3

 

පසුකාලිනව ඔතැලෝ චරිතය රගපෑමට ඔලිවියර් පෙලබෙන්නෙ සුප්‍රකට නාට්‍යය විචාරකයෙකු වූ කෙනත් ටයිටන් මිතුරාගෙ ඉමහත් ඇවටිල්ලක ප්‍රතිපලයක් ලෙසය.

 

"අයිසෙ ලැරී තමුසෙ මෙච්චර චරිත රගපාල ..ඇයි ඔතැලෝ විතරක් රගපාන්න ඔච්චරට මග අරින්නෙ..?

මේකයි කෙනත්, මම මේ චරිතයට ගැලපෙන්නෙ නෑ.

ඇයි තමුසෙ එහෙම කියන්නෙ..?

ඔතැලෝට තියෙන්න ඕන ගැබුරු බේස් හඩක්..මට එහෙම හඩක් නෑ..මට තියෙන්නේ උස් හඩක්.. අනික මේ සියවසේ කිසිම නලුවෙක් ඔතැලෝ චරිතය වේදිකාව උඩ සාර්ථකව කරලා නෑ...

 

ඇමරිකානු කීර්තිමත් නලුවෙකු අධ්‍යක්ෂක වරයෙකු වූ ඔරසන් වේල්ස්ට දිනක් කෙනත් ටයිටන් මේ ගැන පැවසීය .

ලැරීට ( ඔලිවියර්) තියෙන්නේ උස් හඩක්. ඔතලෝට තියෙන්න ඕන ගැබුරු කට හඩක්..

ඔරසන් වේල්ස් පැවසීය.

 OTHELO 4

 

කෙසේ හෝ ඔරසන් වේල්ස් පැවසූ දේ ඔලිවියර්ගෙ කන වැකුනි. වසර හතලිහක් රගපෑමේ යෙදුන ඔලිවියර් එංගලන්තයේ ලන්ඩන් රාජකීය නාට්‍යය පුහුනු ආයතනයෙන්, කටහඩ පුහුනු කරන්නෙක් ගෙන්වාගෙන මාස හයක් සිය කටහඩ ඔතැලෝට ගැලපෙන සේ පුහුනු කර ගන්නා ලදී. වැල්ලෙ දුවමින් අභ්‍යාස වල යෙදෙමින් සිය සිරුර චරිතයට ගැලපෙන සේ සකස් කර ගන්නට විය.

පෙර පුහුණුවීම් වලදී ඔලිවියර්ගෙ රගපෑම දැක නලු නිලියො පුදුමයට පත්වී ඇත. කවදත් ප්‍රේක්ෂකයන් විශ්මයට පත් කිරිමට කැමති වූ, ඔලිවියර් කලුම කලු පැහැයකින් මුලු සිරුරම ආලේපකර ගත්ත. මෙම වේෂ නිරූපනයට පැය දෙකක් ගතවී ඇති අතර ඉවත් කිරීමට පැයක් ගතවී ඇත. ඔලිවියර්ගෙ ඔතැලෝ රංගනය මතභේදයට මෙන්ම වේදිකාවෙ සජීවීවම දුටුවෝ විශ්මයට පත්වූහ.

සුප්‍රකට ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වූ ෆ්රැන්කො සෙෆ්රෙල්ලි ඔතැලෝ වේදිකාවෙ දුටුවේ පලමු දර්ශනයට මාසෙකට පසුවය..

"බොහෝ දෙනෙක් මට පැවසුවෙ මෙය රෝමාන්තික රගපෑමක අවසානයක් හැටියටය.එහෙත් එය ඇත්තක් නෙමේ..

මෙයනම් පසුගිය සියවස් තුනක් මුලුල්ලේ ඉංග්‍රීසි වේදිකාවෙ රගපෑමේ උපරිමය සනිටුහන් කරන විශ්මිතම රංගනයක් වන්නේය.

 

@B.D. Paranagamage

marrikkar

නවතම ලිපි