SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මරණය කියන්නේ මොකක්ද කියලවත් 'රේ' හරියට දැනගෙන හිටියෙ නෑ. පල්ලියේ පූජකයාට වෙඩි තියලා තුවක්කුව තේම්ස් ගඟට විසි කළා කියලා 'රේ' අපිට කියනවා.

ඒ විතරක් නෙමෙයි බර්ගර් කින්ග් එකේ බාත්රූම් එකට ගිහින් අතේ තිබුන ලේ හෝදගත්තා කියලත් 'රේ' අපිට පසුබිමින් කියනවා. කලබල වෙලා ඉන්න රේට දැන් මෙතනින් එහාට මොකක්ද කරන්නේ කියලා හරියටම අදහසක් නෑ.

මරන්න කොන්ත්‍රාත්තුව බාරදුන්න හැරී කියන පුද්ගලයාගෙන් රේට සහ රේගේ සහයකා වන කේන්ට උපදෙස් ලැබෙන්නේ බෙල්ජියමයේ 'බෘෂ්' කියන නගරයට ගිහින් සැඟවෙන්න කියලා. 'In Bruges' චිත්‍රපටය ආරම්භ වෙන්නේ රේ සහ ඔහුගේ සහායකයා වන කේන් විසින් බෙල්ජියමයේ බෘෂ් නගරයේ නවාතැන්පල වෙත පළා යන සිදුවීමි දාමයකින්.

 

කඩවසම්  පුද්ගලයෙක් වන, ප්‍රේමය සොයන යෞවනයකු වන රේ කුලියට මිනිමරන්නෙක් බව පිටත පෙනුමෙන් අප සිතන්නේ කෙසේද? ජීවත් වීමේ  අනවරත අරගලය නිසා දරුණු දුකක් විඳින රේ තමන්ගේ හෘදසාක්ෂියෙන් පළා යාගත නොහැකි අයෙකි. අහිංසක පූජකයෙක් සහ කුඩා පිරිමි ළමයෙකු වෙඩි පහර කීපයකින් මරා දමන්නට සැහැසි සිතක් ඇති රේට සියදිවි නසාගන්න විෂාද තත්ත්වයක් ඇති මොහොතවල් දනවන්නේ මරණය සහ ප්‍රාණය නැසීම පිළිබඳ බරපතළ සිතීමක් අප හමුවේ තබමින්. චිත්‍රපටය පුරාවටම මිනිසාගේ පැවැත්ම පිළිබඳ සියුම් අංශු මාත්‍ර පිළිබඳ ගැඹුරු සිතීමක් පිළිබඳ පොළඹවයි.

අප ආවේ කොයිබින්ද? අප යන්නේ කොයිබටද? මිනිසාගේ පැවැත්ම කුමක්ද? රේ, කෙන් සහ හැරී යන මේ ත්‍රිත්ව ඝාතකයන්ගේ මනෝභාවය සහ පුද්ගල අපේක්ෂා භංගත්වය විසින් ස්ව ආත්මය(Soul) නිස්කාරණයේ කිළිටි කර ගැනීම පිළිබඳ තතු විවරණය කරයි. චිත්‍රපටයේ විශිෂ්ට බව සළකුණු කරන රේ සහ කේන් චරිත ද්විත්ව වෙනුවෙන් පණ පොවන Colin Farrell සහ Brendan Gleesonගේ සියුම් රංගනය සහ මුහුණේ ප්‍රකාශිත වන මරණයේ බිය සහ තැතිගැන්ම පිළිබඳ මනා චරිත සංවර්ධනයක් දුටු චිත්‍රපටයක් විදියට 'In Bruges' හඳුන්වන්නට කැමතියි. මතකයේ රැඳෙන සම්මානනීය රංගනයන්ගෙන් මුළු චිත්‍රපටය පුරාවටම අප විශ්මයට පත් වන්නෙමු. පසුබිමින් ඇසෙන පියානෝ වාදනයක සප්ත ස්වරයෙන් දෙසවන පිනවන කන්කළු සංගීතයෙන් චිත්‍රපටය තෙවැනි අරුතක් දනවන්නට මඟ සලසා ඇත.

'In Bruges' යනු මා එතෙක් මෙතෙක් නරඹන ලද විශිෂ්ට ගණයේ චිත්‍රපටයකි. මිලියන සංඛ්‍යාත මරණවලින්වත් පාඩම් ඉගෙන නොගන්නා මේ  පැතලි සමාජයට 'In Bruges' යනු නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස බල කරන විශිෂ්ට චිත්‍රපටයකි.

@Malintha Vithanage

.

marrikkar

නවතම ලිපි