SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(මුලින් ම ලියුවේ මහාචාර්ය  එම්. ඒ. නුහ්මාන් විසිනි. පසුව එස් පත්මනාදන් විසින් ඉංග‍්‍රීසියට පරිවර්තනය කල කවියකි.)

මිනී මැරුමක්,

පහුගිය රාත‍්‍රියේ දී

මං හීනෙන් දැක්කා

බුදු හාන්දුරුවන්ට

පොලීසියෙන් වෙඩි තියලා,

නීතියේ ආරක්ෂකයෝ

බුදුන්ට වෙඩි තියලා.

උන්වහන්සේගේ සිරුර

යාපනේ  පුස්තකාලේ

පඩිපෙල උඩ

ලේ වලින් පෙඟිලා තියෙද්දී,

අන්ධකාරයට වැහිලා

ආවේ ඇමතිවරු.

”මෙයා අපේ ලැයිස්තුවේ නෑනේ,

ඇයි තමුසෙලා මෙයා මැරුවේ”

ඇමතිවරු තරහින් ඇසු විට,

”නෑ සර් මේක අත්වැරැද්දක් නෙවේ,

මෙයාව මරන්නැතුව

මැස්සෙක්වත් මරනව බොරු,

ඒ හින්ද ඉතිං ....”

කියමින් ඇඹරුණාලූ පොලිසිය.

”හොඳයි

එහෙනං

මිනිය හංගහල්ලා”

කියලා

ඇමතිවරු ආපහු ආවා.

සිවිල් ඇඳගත් පිරිසක්

මිනිය පුස්තකාලෙට ඇද්දා.

සිකාලෝවාද සූත‍්‍රය ද සමගින්

අනුදාහක් පොත්

මිනිය උඩ ගොඩ ගසා

උන් ගිනි තිබ්බා.

මේ විදිහට

මහාකාරුනිකයන්ව

භෂ්මාවශේෂ කෙරුණේ

ධම්ම පදයත් එක්කම යි.

 

පරිවර්තනය - අරවින්ද හෙට්ටිආරච්චි

 

Originally written by Prof. M. A. Nuhman, the translation is by S. Pathmanathan

Murder

Last night

I dreamt

Buddha was shot dead

by the Police,

guardians of the law.

His body drenched in blood

on the steps

of the Jaffna Library

Under cover of darkness

came the ministers.

“His name is not on our list,

why did you kill him?”

they ask angrily,

“No sirs, no,

there was no mistake.

Without killing him

it was impossible

to harm a fly –

Therefore… ,” they stammered.

“Alright, then

hide the corpse.”

The ministers return.

The men in civvies

dragged the corpse

into the library.

They heaped the books

ninety thousand in all,

and lit the pyre

With the Cikalokavadda Sutta.

Thus the remains

of the Compassionate One

were burned to ashes

along with the Dhammapada

 

@Nandana Weerarathne fb

marrikkar

නවතම ලිපි