SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"සුනඛයාගේ ආධිපත්‍යයෙන් මා නිදහස් කරනු මැනවි."

මේ 1920 දශකයේ මුල් භාගයයි. ඇමරිකානු සාම්ප්‍රදායික පිටිසර සාමකාමී ගමකි. ගම නිසල ය. බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් කිසිදු තර්ජනයක් නොමැත.

දූවිලිවලින් ගහණ හකුරු පැහැති කඳු වළල්ලකින් වසාගත් මේ කුඩා ගමේ පවත්වාගෙන ගොවිපළකි. මෙම ගොවිපළ අයිතිකාරයන් දෙපළ වන්නේ ෆිල් සහ ජෝර්ජ් යන සහෝදරයන් ය.

 

එකිනෙකට වෙනස් වුනු ගතිපැවතුම් සහ හැසිරීම්වලින් ගහණ මේ  සහෝදරයන් දෙපළ අතර බාලයා වූ 'ජෝර්ජ්' උගත් සහ ශිෂ්ටසම්පන්න ලෙස හැසිරෙන මහත්මා චරිතයක් ප්‍රකට කරන චරිතයකි. පිළිවෙලකට හඳින පළඳින සමාජශීලි පුද්ගලයෙකි. අනෙකා වන වැඩිමහල් සහෝදරයා වන 'ෆිල්' යනු ජෝර්ජ්ට හාත්පසින් වෙනස් වූ ඉතාමත් අපිරිසිදු ආකාරයෙන් ජීවත් වන ගුප්ත රළු චරිතයකි. ෆිල් වහා කිපෙනසුළු ය. මේ  කඳුකරයේ රජ කරන්නේ ෆිල්ගේ ආධිපත්‍යයයි. ෆිල්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අපිළිවෙලට සැදුණ එකකි. ෆිල්ගේ ජීවිතය සැඟව ඇත්තේ නැසී ගිය ඔහුගේ මිතුරා ද, ජීවිත සඟයා වූ ද 'බ්‍රොන්කෝ හෙන්රි' සහ ඔහුගේ අශ්ව සෑදලය තුළ පමණී. ෆිල් විසින් එම සැදලය ශුද්ධ වස්තුවක් ලෙස සළකා එය සමඟ ගනුදෙනු කරයි.

 

power of 3

 

ගම්මානයට යාබදව වෙසෙන වැන්දඹු කාන්තාවක් වන 'රෝස්' නගරයේ කුඩා අවන්හලක් පවත්වාගෙන යන අතර ඇයට වයස අවුරුදු 18ක පමණ පීටර් නම්  පුතෙකු සිටී. රෝස් සමඟ ජෝර්ජ් විවාහ වන අතර ඊට තම සහෝදරයා වන ෆිල් කැමති වන්නේ නැත. ෆිල් විසින් සැමවිටම රෝස්ට චෝදනා කරන්නේ දේපළ, මුදල්වලට කෑදරකමින් ජෝර්ජ් රවටා විවාහ කරගත් බවයි. මෙතැන් පටන් නිහඬ ජීවිතයක් ගත කළ ෆිල්ගේ ජීවිතය විශාල ප්‍රවාහයකට හසු වෙයි. මෙතෙක් ෆිල් සහ ජෝර්ජ් පමණක් ගත කළ සාමකාමී ජීවිතය සඳහා රෝස්ගේ ආගමනයත් සමඟ විශාල ගැටුමකට මුල පුරයි.

 

power of 2

 

මේ 2021 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ දී සම්මාන පිට සම්මාන ලැබූ "The Power Of the dog" හොලිවුඩ් චිත්‍රපටයේ කතා සාරංශයයි.

 

 

පවුල නමැති සාධකය සැමවිටම ගැටුම්වලින් පිරී පවතින ආයතනයකි. මානුෂ සබඳතා අති සංකීර්ණ ය. අනෙකා තේරුම් ගැනීම ඉතා අපහසු ය. ෆිල් සහ පීටර් යනු එවැනි චරිතයෝ ය. ෆිල් සිතන්නේ තම ආධිපත්‍යය මුලිනුපුටා දමන්නට පැමිණි බලවේගය රෝස් බවයි. ෆිල්ගේ බැල්ම(Gaze) සැමවිටම රෝස් දෙස පවති. නමුත් රෝස් ෆිල්ගේ සෙවණැල්ලට පවා බියෙන් ජීවත් වන්නියකි. ඇය ෆිල්ගේ ඉදිරියටවත් පැමිණෙන්නට අකැමැති වේ. නමුත් රෝස්ගේ පුත් 'පීටර්' ෆිල්ට බිය නැත. පීටර් බුද්ධිමත් ය. ඔහු ෆිල්ගේ ආශාවන් සහ ගතිපැවතුම් මොනවාද? යන්න හොඳාකාරවම දනී. ආධිපත්‍යය දැරූ ෆිල්ගේ ආත්මය පීටර් නමැති තීක්ෂණ බුද්ධියෙන් හෙබි කෙසඟ සිරුරක් ඇති තරුණයා ඉදිරියේ දිය වී යයි. පීටර් විසින් ෆිල්ගේ ආත්මය මරාදමන්නේ තම මව වෙනුවෙනි. ෆිල් නමැති සුනඛයාගේ ආධිපත්‍යයෙන් තම මව වු රෝස් බේරාගන්නා පීටර් බලය තහවුරු කර ගනී. එතෙකින් කඳුකරයේ බල අරගලය නිමාවට පත් වේ.

 

power of 4

බුද්ධිමය කලම්බනයකට හසු කරමින්ද, භාවමය ප්‍රකම්පනයට හසු කළ "The Power Of the dog" ගණයේ චිත්‍රපටයක් නරඹන්නට මනා සංයමයක් තිබිය යුතු ය. චිත්‍රපටය බෙහෙවින් මන්දගාමී ය. නමුත් රිද්මය අලංකාර ය. මනහර වූ සිනමාත්මක රූප සමුදායකින් සමන්විත චිත්‍රපටය තුළ රූපමය වංකගිරියක අප අතරමං වෙයි. ආශාව(Desire) වෙනුවෙන් අනෙකා මර්දනය කිරීමේ  මනෝමූලික ක්‍රියාදාමය නිරූපණය කිරීම සිනමාත්මකව විශිෂ්ට වේ. චිත්‍රපටය විසින් අතිශය සංකීර්ණ හා ගැඹුරු සමාජ දේශපාලන තතු පිරික්සීමටත්, විනිවිද දකින්නටත් උනන්දු වෙති. නොඑසේනම් මිනිස් ජීවිතයේ අඳුරු හා ගූඪ ප්‍රදේශ සිනමාරූපිව ප්‍රකාශ කරනු පිණිස වෙහෙසෙනු ඇත. "The Power Of the dog" නරඹන්නට මා ඔබට බලකරන්නේ වෙන කිසිවක් නිසා නොව මනුෂ්‍ය ආත්මය අවබෝධ කර ගැනීමට එක් මෙවලමක් ලෙස භාවිතා කරන ලෙස නිර්දේශයත්, විධානයත් සපයමිනි.

@මලින්ත විතානගේ

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි