SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්ෂණික කෝපය කියලා දෙයක් තියෙනවා. ඒක ලංකාවේ අඩුවෙන් ම තියෙන්නෙ රනිල් මහත්තයාට.

එහෙම නැත්නම් මෙහෙම කියන්නත් පුළුවන්. රනිල් මහත්තයට එන ක්ෂණික කෝපය රනිල් මහත්තයා අවුරුදු දහයක විතර කෝපයක් බවට පත්කරගන්නවා.

එතකොට අවුරුදු දහයකට විතර පසුව තමයි රනිල් මහත්තයාට ක්ෂණික කෝපයක් ඇතිවුණා කියලා අනිත් අයට දැනගන්න ලැබෙන්නේ.

අනිත් අයට ඇති වෙන ක්ෂණික කෝපය ඒ මොහොතෙම දැනගන්න පුළුවන්. ඒකනේ ක්ෂණික කෝපය කියලා කියන්නේ.

 

ක්ෂණික කෝපය කියලා දෙයක් පවතිනවා. ඒක ඇත්තක්. ක්ෂණික කෝපය කියන්නෙ යථාර්ථයක්. ඒ යථාර්ථය රනිල් මහත්තයා සම්බන්ධයෙනුත් අදාළයි. ඒත් ක්ෂණික කෝපය අවුරුදු දහයක විතර කෝපයක් බවට පත්කරගන්න රනිල් මහත්තයාට ක්ෂණික හැකියාවක් තියෙනවා.

 

පුද්ගලයෙකුගේ සාමාන්‍ය හැසිරීමට වඩා සම්පූර්ණයෙන් ම වෙනස් හැසිරීමක් එකවරම කෙනෙකුගෙන් ප්‍රකාශ වීම තමයි ක්ෂණික කෝපය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔ්නෑම කෙනෙක් බිදෙන වීදුරු පිගන් වගේ දේවල් ඉතා ම පරිස්සමෙන් බිදෙයි කියලා පරිස්සමෙන් අරන් තියනවා. ඒත් ක්ෂණික කෝපයේ දී වෙන්නෙ අර බිදෙන වීදුරු ම පරිස්සමෙන් අරන් තියනවා වෙනුවට ක්ෂණිකව පොළවේ ගැසීම. ක්ෂණික කෝපය කියන්නෙ ඒකයි. පිහියෙන් පාන් කැපීම කියන සාමාන්‍ය හැසිරීම වෙනුවට මිනිසෙකුගෙන් වෙනත් අයෙකුගේ හෝ තමන්ගේ අත කපාගැනීම වගේ චර්යාවක් ක්ෂණික කෝපය නිසා දැකගන්න පුළුවන්. ඒක තමයි ක්ෂණික කෝපය කියන්නේ.

එහෙම දෙයක් පවතින නිසා තමයි උසාවියේ දී වුණත් ඒකට සමාවක් ලැබෙන්නේ. ඒ කියන්නේ ඒක මිනිසාගේ අයින් කිරීමට බැරි ස්වාභවායක්. යථාර්ථයක්. ඒකට සමාවක් ලැබෙනවා.

 

රුහුණේ චින්තන මැතිතුමාට ක්ෂණික කෝපය තිබුණා. රජරට පොළොන්නරුවේ මෛත්‍රී සහගත මහත්තයටත් ඒකෙන් ගැලවෙන්න කොහොමටත් බෑ. පීල්ඩ් මාෂල් වුණත් ඒකෙන් ගැලවෙන්නෙ බෑ.

 

ක්ෂණික කෝපයට උසාවියේ දී සමාවක් ලැබුණත් සමාජයේ දී නම් කිසිම සමාවක් ලැබෙන්නේ නෑ. මහින්ද මහත්තයා ඒ නිසා බොහෝ දේ නැතිකරගත්තා. ආ චන්ද්‍රිකාත් නැති කරගත්තා. මෛත්‍රී රසත් එස්බී ඔය කොයි කවුරුත් නැතිකරගත්තා. ඒකට හේතුව ක්ෂණික කෝපය ඇති දෙයක් වීම.

ඒත් ඒ යථාර්ථය රනිල්ට අදාළ නෑ. ක්ෂණික කෝපය අවුරුද්දක දෙකක කෝපයක් බවට පරිවර්තනය කරන යාන්ත්‍රණයක් රනිල් මහත්තයා ඇතුළේ තියෙනවා.

 

ක්ෂණික කෝපය ජේවීපී එකේ, නෑ නෑ ජාතික ජනබලවේගේ නායකයන්ට පමණක් නෙමෙයි සාමාජිකයන්ටත් හැමදාම තිබුණා. ඒ නිසා අපි ගාවත් ඒක ඒ කාලේ ඉදල ම තිබුණා. ඒක එහෙම වුණේ අපි රනිල් ව ගණන් ගත්තෙ නැති නිසා. රනිල්ට විරුද්ධ නිසා. රනිල් මහත්තය ගැන සැලකුමක් තිබුණා නම් අපිටත් ක්ෂණික කෝපය ටිකක් අඩුකරගන්න තිබුණා රනිල් මහත්තයගෙන් ඉගෙන ගෙන. ප්‍රේමදාස මහත්තයත් එක්කත් ලලිත්ට ගාමිණිට බැරි වුණත් රනිල්ට ඉන්න පුළුවන් වුණේ ක්ෂණික කෝපය අඩු නිසා.

 

රනිල්ට ක්ෂණික‌ කෝපය නෑ. ඒත් ඒ වගේ රගපාන්න පුළුවන්. ඒක ඉතා ම මනරම් ලස්සන රගපෑමක්. සජිත් මහත්තයත් තාම රනිල් මහත්තයාගේ ක්ෂණික කෝපය නැතිකරගැනීම ඉගෙනගෙන නෑ.

රජෙකුට ඔටුන්න වගේ අවශ්‍ය ම ලක්ෂණය තමයි ක්ෂණික කෝපයෙන් තොරවීම.

අනුරත් රනිල් මහත්තයාගේ ආශ්‍රය නිසා ක්ෂණික කෝපය ටිකක් හදාගෙන තියෙනවා. ඒත් ඒක මතුපිටින් පමණක් හදාගැනීමක් විතරයි. ඒකයි එකපාරට ම සමහරවෙලාවට ක්ෂණික කෝපය මතුවෙන්නේ. අනුරත් ඒක රනිල් මහත්තයා වගේ ම අභ්‍යන්තරයෙන් ම හදාගන්න ඔිනෑ.

 

මේ ලියපු දේවල් ගැන නම් ක්ෂණික කෝපයක් ඇති කරගත්තාට කමක් නෑ. එතකොට ඊට පස්සේ ඒක අමතක වෙනවනේ. ඒත් රනිල් මහත්තයාගෙ වගේ කෝපයක් නම් මං මේ ලියලා තියෙන දේ ගැන ඇතිකරගන්න එපා. ඒක මට අවාසියි.

@Udayasiri Wickramarathne fb

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි