SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි මේ ජීවත්වන පෘතුවිය කවදාහරි සුන්නද්දූලි වෙලා යන්න, විනාස වෙන බවට ඉඟි පළ කරන විදියේ ලෝක විනාශය ගැන චිත්‍රපට රැල්ලක් නව හොලිවුඩි සිනමාව(New Contemporary Hollywood Cinema) ඇතුළේ නිර්මාණය වීමට පටන් ගැනුනේ සෑහෙන්න කාලයක ඉඳන්.

මේ සිදුවන ලෝක විනාශය දරුණු වසංගතයකින්, න්‍යෂ්ටික අවිය ප්‍රහාරයකින්, ස්වභාවික ආපදාවකින් හෝ ග්‍රහකයක් හා ගැටීමෙන් සිදුවන විනාශයකින් පස්සේ පෘතුවියේ ස්වභාවය මොන ආකාරයෙන් තියේවිද කියන එකත් හොලිවුඩ් සිනමාකරුවන් පරිකල්පනය කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට Post - Apocalyptic ප්‍රබන්ධමය ලෝකයක් ගැන තේමා වුනු චිත්‍රපට හොලිවුඩය තුළ නිර්මාණය වුනේ කාලාන්තරයක් පටන්.

මුළු පෘථිවියම සුන්නද්දූලි වෙලා ගියාට පස්සේ මුළු ජනගහනයෙන් ඉතිරි වෙන මිනිස්සු ටිකට මොකද වෙන්නේ? ආහාර නොමැති ලෝකයක තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ චිත්‍රපටවල තියෙන පොදු ලක්ෂණය. "The Last Of Us" කියන්නේ අන්න ඒ විදියේ Post - Apocalyptic එහෙමත් නැත්නමි සම්පූර්ණයෙන්ම ජීවය බිඳවැටුණු සහ විනාශයට පත්වුණු පශ්චාත් පෘතුවියක් ගැන කියැවෙන ප්‍රබන්ධමය ටෙලි කතා මාලාවක්. "The Last Of Us" ටෙලි සීරිස් එකට පාදක වෙන්නේ 2013 වසරේ නිර්මාණය වුනු "The Last Of Us" කියන අතිශය ජනප්‍රිය ගණයේ වීඩියෝ ක්‍රීඩාව. වීඩියෝ ගේම්  ක්‍රීඩා කරන අය අතර නම් "The Last Of Us" කියන්නේ ඉතාමත් ප්‍රිය කරන වීඩියෝ ක්‍රීඩාවක්.

 

 

"The Last Of Us" Tv Series එකේ කතාව බවට පත්වන්නේ වසර විස්සකට පෙර සොම්බි හෙවත් ඇවිදින මළ මිනිසුන්ගේ වසංගතයකින් මුළු ලෝකයම විනාශයට පත් වුනු අවධියක් පිළිබඳවයි. සෝම්බි වසංගතයක් කියන්නේ ඉතාමත් රුදුරු ගණයේ දරුණු වසංගතයක් බව ඔබ මින් පෙර දුටු චිත්‍රපටවල සහ Tv Seriesවල දැකලා ඇති. මෙවැනි දරුණු ගණයේ තත්ත්වයක් මැද ඇමරිකාව මැදින් ගමනාන්තයක නියැළෙන "ජොඑල්" සහ "එලී" කියන දෙදෙනා මුහුණ දෙන අනතුරුදායක ආන්තරායකාරී තත්ත්වයන් සහ අභියෝගතා මැදින් යෙදෙන ත්‍රාසජනක චාරිකාවක් ගැන තමයි මෙම කතා මාලාවට කේන්ද්‍ර වෙන්නේ.

 

 

කැනේඩියානු රූපවාහිනී ඉතිහාසයේ සිදු කරනු ලැබූ විශාලතම රූපවාහිනී නිෂ්පාදනය(largest Television Production) යැයි කියනු ලබන "ද ලාස්ට් ඔෆ් අස්" 2021 ජූලි මාසයේ සිට 2022 ජූනි දක්වා කැනඩාවේ ඇල්බර්ටා හි සම්පූර්ණයෙන්ම පාහේ ඉදි කරන ලද දැවැන්ත දර්ශන තලවල රූගත කරන ලදී. වීඩියෝ ක්‍රීඩාවක් මත පදනම් කරගෙන නිර්මාණය වුනු පළමු HBO කතා මාලාව වන "The Last Of Us" හි 'Sony Pictures Television' සහ 'PlayStation Productions', 'Naughty Dog', 'the Mighty Mint' සහ 'Word Games' යන සමාගම් විසින් ඒකාබද්ධව සිදු කරන ලැබූ සමූහ නිෂ්පාදනයකි.

කතාංග(Episodes) නවයකින් සමන්විත "The Last Of s" කතා මාලාව ජනවාරි 15 ​වැනිදා සිට HBO නාලිකාව හරහා විකාශනය කිරීම ආරම්භ කළා. ඔබට මතක ඇති නම් "ද මැන්ඩලෝරියන්" කතා මාලාවේ ප්‍රධාන චරිතය වන මැන්ඩෝ හෙවත්, මැන්ඩලෝරියන් ලෙස ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇමරිකානු විශිෂ්ට ගණයේ සිනමා හා රූපවාහිනී නළු "පෙඩ්‍රෝ පැස්කල්" විසිනුයි "ජොඑල්" ලෙස ප්‍රධාන චරිතය සඳහා පණ පොවනු ලබන්නේ. විචාරකයන් සඳහන් කළේ "පෙඩ්‍රෝ පැස්කල්" විසින් එතෙක් මෙතෙක් සිදු කළ චිත්‍රපට හා රූපවාහිනී රංගනයන් අතර විශිෂ්ටතම රංගනය "The Last Of us" තුළින් දුටු බවයි. අතිශය ජනප්‍රිය සහ සම්මාන පිට සම්මාන ලැබු විශිෂ්ටතම කතා මාලාවක් වන "චර්නෝබිල්" ටෙලි කතා මාලාව රචනා කළ "ක්‍රේග් මැසින්" විසිනුයි "The Last Of Us" කතා මාලාව රචනා කරන්නට සම දායකත්වය ලබා දෙන්නේ.

 

 

IMDB සිනමා දර්ශකයට අනුව 9.6/10 වැනි අති ඉහළ අගයක්ද, Rotten Tomatoes හෙවත් කුණු තක්කාලි දර්ශකයේ 98% ක් වැනි ඉහළ විචාරක අගයක් ලබා ගන්නට පුලුවන් වුනා කියන්නේ "The Last Of Us" කතා මාලාව විශිෂ්ට ගණයේ කතා මාලාවක් බවට මේ වනවිටත් පත් වී අවසන්. විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලබාගන්නට හැකි වුනු "The Last Of Us" කතා මාලාව එතෙක් මෙතෙක් වීඩියෝ ක්‍රීඩාවක් පාදක කරගෙන නිර්මාණය වුනු විශිෂ්ටතම කතා මාලාව ලෙස විචාරකයන් හැඳින්වූවා. කතාා මාලාව පුරාවටම කුතුහලය සමඟ මුසුවන සංත්‍රාසය සහ ක්‍රියාදාමවලින් පිරී වෙනස්ම වූ, විනෝදාස්වාදයක් ලබාදෙන්නට "The Last Of Us" සමත් වෙනවා. "The Last Of Us" කියන්නේ 2023 නව වසරේ නිර්මාණය වුනු වෙනස්ම විදියේ දැවැන්ත ටෙලිකතා මාලාවක්. ටී.වී සීරිස් නරඹන ඔබ මඟ නොහැර අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම කතා මාලාවක් විදියට ඉහළින්ම නිර්දේශ කරන්න පුළුවන් නොපැකිලවම. විනාශ වුනු සෝම්බි මළ මිනිසුන් ගැවසෙන ඇමරිකාවක් මැදින් යන ගමනක බිහිසුණු අත්දැකීම කොහොම වේවිද? ඒ ඇට මිදුලු කකියවන ත්‍රාසජනක අත්දැකීම සහිත වෙනමම මොහොතක හුදෙකලා වීම නම් ඔබටත් නරඹනවිට නිරායාසයෙන්ම දැනෙන්නට පටන් ගනීවි.

@ මලින්ත විතානගේ

 

Movie

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි