SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

1994 දී Robert Zemeckis හදපු Forest Gump නිර්මාණයට පාදක වෙන්නෙ 1986 දී Winston Groom විසින් ලියපු නවකතාව.

Eric Roth ගේ ප්‍රභල තිර පිටපත, Done Burgess ගේ අගනා කැමරාකරණය සහ Arthur Schmidt ගේ සංස්කරණය චිත්‍රපටියේ සාර්ථකත්වයට මනා පිටුබලයක් වෙලා තියෙනවා. ඒ ඔක්කොම එක්ක Tom Hanks කියන හොලිවුඩ් පුරාවෘත්තයේ රංගනය කිසිසේත්ම අමතක කරන්න බෑ. Alan Silvestri ගේ සංගීතය විශාල වර්ණයක් එකතු කරනවා චිත්‍රපටියට.

 

චිත්‍රපටිය පටන් ගන්නේ 1981 අවුරුද්දේ දී බස් හෝල්ට් එකක වාඩිවෙලා ඉන්න මනුස්සයෙක් තමන් ගේ අතීත ආවර්ජනයක් එක්ක. IQ75 ක අගයක් එක්ක FOREST GUMP ඉපදෙන්නේ 1956 දී. පිට කොන්දේ අබාධයක් එක්ක ඉපදෙන හින්දා ඒක සුවකරන්න කකුල් වලට දාපු යකඩ ආධාරකත් එක්ක ඉස්කෝලේ යන ගම්ප් නිරන්තරයෙන්ම තමන් ගේ සහෝදර සිසුන් ගේ තාඩන පීඩන වලට ලක්වෙනවා. ගම්ප් කියන්නේ අහිංසකයෙක්. ගම්ප් ගේ හොදම යාලුවා වෙන්නේ ජෙනී. ඉස්කෝලෙ කොල්ලො සෙට් එක බුලි කරන්න පස්සෙන් එනකොට ගම්ප් බේරෙන්නේ ජෙනී ගේ කමාන්ඩ් එක හින්දා.

 

"දුවන්න ෆොරස්ට්, දුවන්න"

 

එහෙම දුවන්න පටන්ගත්ත ගම්ප් මුලු ජීවිත කාලෙම අනුන් ගේ කමාන්ඩ් වලට දුවනවා. වේගවත්ම ධාවකයෙක් වෙනවා. ෆුට් බෝල් ශූරතාවය දිනාගන්නවා. හමුදාවට ගිහින් බැටෑලියන් එකේ පණ බේරගත්තු වීරයා වෙනවා. බිස්නස් එකක් පට්ටන් අරගෙන සල්ලි කාරයෙක් වෙනවා. හැබැයි මුලු ජීවිත කාලෙම දුවනවා.... එහෙයියෙක් විදියට.

 

ධනවාදී අර්ථ ක්‍රමය ඇතුලේ ගොදුරු බවට පත්වෙච්ච හැම එකෙක්ටම වෙන්නේ ඒක. එලියට පේනවා බොහොම සාර්ථක මිනිහෙක් විදියට. නමුත් ඇතුල හිස්. වින්දනයක් නැති ජීවිතයක් උරුමක්කාරයෙක්. ධනවාදී අර්ථ ක්‍රමයේ දී ආයතන ප්‍රධානියාට අවශ්‍යවෙන්නේ තමන් ගේ කමාන්ඩ් එක ප්‍රශන නොකර ක්‍රියාත්මක කරන මිනිස්සු. මේ ලිපිය කියවන ඔබ තමුන්නාසේලා ට දැන් මතක් වෙනවා ඇති තමන් ගේ රැකියා ස්ථානවල ඉහලටම ගිහින් ඉන්න බහුතරයක් මිනිස්සු ගැන. මේ සිස්ටම් එක ඇතුලේ ලෝකෙට පේන්න සාර්ථක වෙන්න පුළුවන් එහෙයියන්ට. ප්‍රශ්න නොකර තමන්ට දෙන කමාන්ඩ් එක ක්‍රියාත්මක නොකර ඉන්න මිනිස්සුන්ට. අසාධාරණකම් වලට එරෙහි නොවී ඒවා නොදැක්කා වගේ තමන් ගේ රාජකාරිය කරන මිනිස්සුන්ට.මුදල් හම්බුකිරීම අතින් ඒ මිනිස්සු ඉහළටම යනවා. හැබැයි තමන් ගේ ජීවිතය සාර්ථක වෙනවද කියන එක ප්‍රශ්නයක් .ජෙනී දන්නවා ගම්ප් අහිංසකයි කියලා. හොද මනුස්සයෙක් කියලා. ඒකනේ ජෙනී කියන්නේ,

"ඔයා මගේ හොදම යාලුවා. ඒත් ආදරේ ?"

ගම්ප් එක්ක බලනකොට ජෙනී ඉන්නේ පොලවේ පයගහපු චරිතයක් විදියට. වියට්නාම යුද්ධෙදී නිර්දෝෂී වියට්නාමේ මිනිස්සු එක්ක යුද්ධ කරන්න බෑ කියලා හිරේ ගිය බොබ් ඩිලන් ගේ ෆෑන් කෙනෙක් ජෙනී. ගම්ප් බොබ් ඩිලන් තියා පොඩි කාලේ තමන්ගෙන් ඩාන්ස් කරන්න ඉගෙන ගත්තු ප්‍රෙස්ලිව වත් ආශ්‍රය කරන්නේ නෑ. මුදල් අතින් සාර්ථක උනත් මුලු ජීවිත කාලෙම හිතින් තනි වෙච්ච මිනිහෙක් විදියට ගම්ප් ජීවත් වෙනවා. අන්තිමටම තමන්ට කමාන්ඩ් එකක් දෙන්න කෙනෙක් නැති වෙනකොට ගම්ප් තනිවෙනවා.

පනහ දශකයේ ඉදන් ඉදිරියට ඇදෙන ඉදිරියට ඇදෙන කතාවක් වුනත් Forrest GUMP සර්වකාලීන නිර්මාණයක්.ගම්ප් ගේ චරිතේ ඇතුලේ ඉන්න සංවේදී මනුෂ්‍යයා මිනිස් ජීවිතයේ තියෙන මානූෂීය ගුණාංග මොනවට පැහැදිලි කරනවා. ඔහු ජෙනීට ආදරය කරනවා. හරියට ගම්පෙරළියේ පියල් වගේ. හැබැයි ජෙනීට කවදාකවත් අවශ්‍ය වෙන්නේ නෑ ගම්ප් වගේ කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගන්න. හැබැයි අවසානයේ දී ජෙනී ගම්ප් ගේ ආදරය පිලිගන්නවා. බාගවෙලාවට තමන් ගේ ජීවිතේ හොයාගෙන ගිහින් හති වැටුනට පස්සේ දන්න යකා නොදන්න දෙවියන්ට වඩා හොදයි කියලා ජෙනීට හිතුනද දන්නේ නෑ.

කෙසේ නමුත් භාව යථාර්ථ පෙන්වන අගනා නිර්මාණයක් බිහිවෙනවා අවසානයේ. හෑන්ක්ස් ඇකඩමි සම්මාන උළෙලේ දී හොදම නලුවා වෙනවා. අපි ඔහේ ඉපදිලා මැරිලා වැඩක් නෑ. ජීවත් වෙන්නයි ඕනේ.

 

@බුද්ධික ජයවීර

සිනමාවේදීන් - The Cinema People 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි