SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2022 අවුරුද්දේ තිරගත වුනු "The Menu" කියන්නේ වෙනස්ම විදියේ කතාවකින් සමන්විත වුනු සිනමා නිර්මාණයක්.

චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ "හෝත්‍රොන්" නමැති හුදෙකලා වූ දූපතක පිහිටා තිබෙන පුද්ගලික අවන්හලක් එහෙමත් නැත්නමි Restaurant එකක් පවත්වගෙන යන ලෝක ප්‍රසිද්ධ කෝකියකු වන "ජූලියන් ස්ලෝවික්" විසින් ධනවත් ආරාධිතයන් පිරිසකට ආහාර වටිටෝරුවක්(The Menu) රස විඳින්න ආරාධනා කිරීමක් කේන්ද්‍ර කරගෙනයි.

මේ ආරාධිතයන්ට ජූලියන්ගේ සූ⁣ප හමුදාව විසින් සකස් කර දෙන අාහාර වටිටෝරුව හරිම අමුතු විදියේ එකක්. හරිම විකාරසහගතයි. ආහාර වටිටෝරු දිහා මතුපිටින් බලනකොට ලස්සනයි.

 

The Menu” trailer

 

ආහාර රසවිඳිනවා වෙනුවට මේ ආරාධිතයෝ සමූහයම විශාල අර්බුදයකට යනවා. ජූලියන් එක්තරා විදියකට කෝකියකුගේ කාර්යභාරය මඳකට අතැරලා උන්මන්තකයකු විදියට හැසිරෙන්න පටන් ගන්නවා. උන්මන්තකයකු ලෙස හැසිරුනත් ඔහු නොනවත්වාම කෑම හදමින් මෙි ආරාධිතයන්ට ආහාර සපයනවා. මේ අභූතරූපි තත්ත්වය ජූලියන්ගේ කෑම වෙිල රසවිඳින්න ආපු ආරාධිතයන්ට පුදුමාකාර ප්‍රශ්නයක්. ඊටත් වඩා බලන් ඉන්න අපිට ව්ශාල ප්‍රශ්නයක් සහ කුතුහලයක්? මොකක්ද මේ වෙන්නේ? මොකක්ද මේකේ තේරුම? කියලා අහන්න හිතෙන තරමට චිත්‍රපටයේ කතාව සංකීර්ණ වෙනවා.

 

"The Menu" කියන්නේ Cult - Horror ටයිප් එකේ සිනමැටික් වැඩක් විදියට හඳුන්වනවට කැමති. විශේෂයෙන් "Midsommar" වගේ Cult - Horror චිත්‍රපටයක තියෙන psychological Horrific ගතිය දැනෙන්න පටන් ගන්නවා. විශිෂ්ට ගණයේ කීර්තිමත් ජූලියන් කියන මෙි කෝකියාට වැළදී තිබෙන රෝගී තත්ත්වය මොකක්ද? ඒක අවබෝධ කරගන්නේ නැතිව මෙි ජූලියන්ගේ වංකගිරියෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. ජූලියන් තමන්ට අහිමි වූ ආශාව(desire) සහ ප්‍රමෝදය මොකක්ද කියලා දැනගන්න චිත්‍රපටය නරඹන්න වෙනවා. දැඩ් ආතතිය, ලේ වැකි දර්ශන සහිත ප්‍රචණ්ඩත්වය, ආන්තරායාකාරී බව නිරායාසයෙන්ම දනවනවා.

අන්යා ටෙිලර්ගේ(මාර්ගොටි) සහ රැල්ප් ෆියෙන්නස්ගේ(ජූලියන් ස්ලෝවික්) කරට කර රංගනය සමිමානනීයයි. චිත්‍රපටය පුරාවටම ආහාර වටිටෝරුවන්හි තිබෙන සුවිශේෂි බව සහ අන්තර්ගතය නිරූපණය කරන්නේ චිත්‍රපටයට ආවෙිණික වූ අනන්‍යතාවය රැක ගනිමින්. Black - Comedy horror" ගණයේ චිත්‍රපටයක් විදියට නරඹනතුර දැඩි ආතතියට ලක් කළ චිත්‍රපටයක් සේම, මනස අවුල්වියවුල් ගොඩකට, හිස්කබල අවුල්ජාලාවක ගිල්වන විශිෂ්ට ගණයේ Horror Masterpiece එකක් විදියට "The Menu" 2022 වසරේ හොඳම හොලිවුඩි චිත්‍රපට දහයේ ලැයිස්තුවට ඇතුළත් වුයේ කිසිදු පසු නිගමනයකට ඉඩ නොතබමිනි.

 

@ මලින්ත විතානගේ-Fb පිටුවෙන්

 

Full Movie

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි