මීට මාස තුනකට කලින් ගෝල්ෆේස් භූමියේ සටන් පාඨ පුවරු අතින්ගත් වැරදි පරම්පරාවෙ මානව මානවිකාවන්
මේ දවස්වල නෙළුම් කුළුනේ ආකාසගත වෙමින් බණ්ඩාරනායකේ පොත් ප්‍රදර්ශනයෙ ඇවිදිමින් කපුටු කාක් කාක් කාක් කියන හැටි අපි නරඹමින් හිඳිමු.
අපි එදවසද කීවේ මේ අරගලයට පාදක වුනු හේතු පරිභෝජනවාදී කාරණයක් මිස පවත්නා ක්‍රමය වෙනස් කිරීමට ඔවුන්ට උවමනා නිසා නොවේය යන්නය. ඔවුන් බලාපොරොත්තු වූයේ පවත්නා ක්‍රමය වඩාත් හොඳින් නොවෙනස්ව පවත්වාගෙන යෑමය. අද දවසේ එකී අරගලය තමන්ගෙ විදිහට අවසන් කර දැමූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔවුනට සෙල්ෆියක් ගහන්නට තරම් ඔවුනට ස්ටාර් එකක් වන්නේ සිද්ධ වූ අලකලංචිය ගැන කිසිදු වගවිභාගයක් නොමැතිවය. රැවටුනේ කව්ද රවටන්නේ කව්ද යන්න තෝරා බේරා ගැනීම ජවිපෙ පෙරටුගාමී ඇතුළු තක්කඩි වමේ වැඩකි. මේවැනි අරගලවලින් කළහැකි කෙංගෙඩියක් නැත. ඒවායින් කළහැකි දේවල් ගනංබලා කිවහැක්කේ රනිල් වික්‍රමසිංහ වැන්නන්ට පමණි.
මුදිත ජයසූරිය පොත් ප්‍රදර්ශනයේ දිගහැරෙන ජීවිත ගැන ගේන්නේ මේවැනි අදහසකි.
පොත් ප්‍රදර්ශණේදී ලොක්කට හූ නොකීම බලාපොරොත්තු විය යුතු තත්වයකි.
ලෝකේ වැඩියෙන්ම පොත් ලියවෙන්නේ මේ සෙට් එක ඉලක්ක කරලා. පොඩි කාලෙට ඉනිඩ් බ්ලයිට්න්ගේ කතාවල ඉන්න හොඳ ළමයා. ඉන් පස්සේ වයසට යද්දි ගුරු ගීතය වගේ දුප්පත් කෙල්ලෙක්ට "ප්‍රගතිය" වෙත යන්න ඉගෙන ගන්න උදව් කරන දුයිෂෙන් වගේ "හොඳ මනුස්සයෙක්" ගැන තියෙන කතා ඇන්ඩ් සෝ ඔන්.
හෙන පොලිටිකල් ක්ලැසික්ස් ගත්තත් ඒවා දැන් වෙද්දි පෙටි බුර්ෂුවාලගේ සංස්කෘතික භාණ්ඩ මිසක් ආච්චිගේ වස්තරේ මාර සාහිත්‍යක් නෙවෙයි.
මේවගේ තියෙන ඉතාම වැදගත් දේ පොත් කියවන අය තමන්ට ආරෝපණය කරගෙන ඉන්න මාර ලොකු විදග්ධ බුද්ධිමත් ලොජිකල් ලයින් එක කුඩුවීම. ඒ අර්ථෙන් රනිල් බුක්ෆෙයා යාම වටිනවා. පොත් කියවන අය කියන්නෙත් දම් රැජින ෆෑන්ස්ලා බවත් ඒ ගොල්ලොත් පට්ටම ක්‍රින්ජ් සෙට් එකක් බවත් එළියට සන්නිවේදනය වෙනවා. (රනිල් නොගියත් තත්වේ එසේමය. රනිල් යාමෙන් මිත්‍යාව එළිපිට බිඳ වැටුනා පමණි)
මුන්ගේ මේ අවුල පොත් ලියලා වෙනස් කරන්න පුලුවන් තත්වයක් නෙවෙයි. තවදුරටත් පොත් කියන්නේ කන්ටෙන්ට් නෙවෙයි. දැන් ඒවා හුදෙක් කොමෝඩිටි විතරයි.
අර බුක්ෆෙයා එකේ ඇහෙන "පොත් කියවන අය අපේ" සිංදුව කියන එඩ්වඩ් ජයකොඩි කියන මනුස්සයව අරන් බලන්න. මෑන් මුලු බුක්ෆෙයා එකේම හරස් කඩක්.
@ මුදිත ජයසූරිය