සමහර ෆිල්ම් තියෙනවා ආයේ බලන්නෙ නෑ කියලා හිත හදාගන්න.
හේතුව කාස්ට් එකම අව්ල් නම් හෝ Cinemagraphy හෝ ස්ටොරි එක අව්ල් නම්. මම ආයේ #SitaRamam බලන්නෙ නෑ කියලා තීරණය කලා. හේතුව මම උඩ කිව්ව කරුණු කාරණා නම් නෙවෙයි.
මොකටද ආයේ ආයේ හිත රිදවගන්නෙ? මට බෑ එකම විදියේ වේදනාවක් මගේ හදවතට ආයේ දෙන්න. මනුස්සයෙක් ව හිනස්සවන්න පුලුවන් කිති කවලා හරි. ඒත් අඩවන්න පුලුවන් ද? සමහරු කියයි අය්යො ඕකත් මොකක්ද ඇහට ඇඟිල්ලෙන් ඇන්නත් අඩවන්න පුලුවන් නේ කියලා .
හැබැයි ඒකට කියන්නෙ රිදවීම කියලා .
මාව අඩවපු චිත්‍රපට අතරට කබි කුශි කබි ගම්, වීර් සාරා, කයිට් , Super 30 වගේම අද
මගේ ඇස් වලට කදුලු උනවන්න පුලුවන් සීමිත චිත්‍රපට අතරට සීතා රමම් එකතු වුනා..
මෙම චිත්‍රපටය නැරඹීමට පළවෙනි හේතුව චිත්‍රපටයේ කතා නායකයා සුපුරුදු පරිදි දුල්කර් (#DulquerSalmaan )
දෙවන හේතුව Mrunal ය. මේක මම ෆිල්ම් එක announce කරන්නත් කලින් හිතින් මවාගත්තු සංකලනයක් . ඇත්තටම මේ සංකලනය අතිශය සාර්ථකයි .
තුන හනූ රාගවා සර්.
මට නිකන්ම කියන්න බෑ දුල්කර් රාම්ගේ චරිතයට සාධාරණය කලා කියලා . එහෙම උනොත් දුල්කර්ගේ රංගනයට මම කරන අසාධාරණයක් .
දුල්කර් මේ චරිතය තව කෙනෙක්ට හිතන්නවත් දෙයක් ඉතුරු නොවෙන්න තමන්ගෙම කරගත්තා . දුල්කර් කියන්නෙ රාම් ,රාම් කියන්නෙ දුල්කර් . හරියට චාර්ලි එකෙන් පස්සෙ දුල්කර් තව නලුවෙක්ට ආයෙත් රී ප්ලේස් කරන්න තියා හිතන්නවත් බැරි චරිතයක් කලා නම් ඒ රාම්.
මෘනාල් ගැන කතා කළොත් අර සාම්ප්‍රදායික හුරතල් කෙල්ලගෙන් පටන් ගෙන සැමියා අහිමිව තනිකඩව ඒ ඉරණමට මුහුණ දෙන පරිණත ගැහණිය දක්වා ඒ රංගන පරාසය අතිවිශිෂ්ඨයි. දුල්කර් ට නිත්‍යා මෙනන් වගේ ගැලපෙන කෙල්ලක් screen එකෙ හිටියෙම නෑනේ. මම හිතන්නෙ ඒකත් දැන් රී ප්ලේස් වුනා . ඇත්තටම වුනා නෙවෙයි මෘනාල් ඒ චෙමිස්ට්‍රිය තමන්ගෙම නමට ලියාගත්තා.
රශ්මිකා අපිට වෙනදා දකින ආදරණීය කෙලිලොල් චරිතයෙන් මුණ නොගැසීමත් මුරණ්ඩූ සහ සංවේදී චරිතයකින් සීතා රමම් තුලින් හමුවීමත් විශේෂත්වක්.
අවසානයට ලියන්න ඕනේ මම පව් කාරයෙක් මට මේක තියේටර් එකේ බලන්න බැරි උනා.
හැබැයි ලියන්න මේක ලියන්න ඕන සංවේදි පුද්ගලයෙක් වෙන මම මේක තියේටර් එකේ නොබලපු එක හොදයි කියලා මගේ ඔලුවේ තාම වද දෙනවා. බැලුවා නම් මට තියේටර් එකෙන් එලියට එන්න බෑ කියලා හිතෙයි. හේතුව මගේ ශක්තිය මේ අදරණීය සලරුව උකහා ගෙන ඉවරයි .
සිතා රමම් නිසැකවම ඉන්දියානු සිනමාවේ විශිෂ්ටතම සහ නොමැකෙන චිත්‍රපටයක්. ඒ වගේමයි අනපේක්ෂිත අවසානයක්. කුතුහලය ගැබ් වූ සිනමාපටයක්. ඇත්තම කිව්වොත් හදවතට ඊයම් බාරුවක් බැස්සුවා වගේ. මේ වගේ සිනමා නිර්මාණ ඉන්දියානු සිනමාවටම තියෙන්නෙ අතලොස්සක්. ඒ අතලොස්සට සීතා රමම් අනිවාර්යයෙන් ම එකතු වෙලා අවසන්.
තව ගොඩක් දේවල් තියෙනවා ලියන්න. නමුත් හදවතට සෑහෙන්න වේදනාකාරී බවක් දැනෙනවා.
ඔබ අනිවාර්යයෙන් මේ චිත්‍රපටය නරඹන්න. නරඹලා හිතට එන හැඟීම් අකුරු කරන්න'.