SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Zoom අද වෙද්දි කාටත් නැතුවම බැරි සන්නිවේදන මාධ්‍යයක් බවට පත් වෙලා ඉවරයි.

Covid 19 වසංගතය හමුවේ ලොවපුරා ජන ජීවිතයට සීමා පැමිණෙන විට ව්‍යාපාර කටයුතු, පාසැල් වල අධ්‍යාපන කටයුතු වගෙම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල වැඩ කටියුතු පවත්වාගෙන යන්න මේ zoom App එක හුගක් ආදාර වුනා. Zoom ජනතාවට වඩාත් සමීප වුනෙත් මේ වසංගතය නිසා කියල කියන්න පුලුවන්. නමුත් ඔබ කවදහරි අහල තියෙනවද zoom නිර්මාණය කල නිර්මාණකරුවා හා ඔහුට මෙම නිර්මාණය කරන්න අදහසක් පහල වුනේ ඇයි කියල. Zoom නිර්මාණය කලේ උපතින් චීන ජාතිකයෙක් වුනු එරික් යුආන් (Eric Yuan). 

zoom1

එරික් S යුආන් (Eric S Yuan) උපන්නෙ 1970 පෙබරවාරි 20 මහජන චීනයේ ෂැන්ඩොංග් පලාතේ ටයි ආන් (Tai’an, Shangdong, China) නම් ප්‍රදේෂයේ. කුඩා කාලයේ සිටම නව නිර්මාණ බිහි කරන්න දක්ෂතාවයක් දැක් වූ ඔහු පාසලේ සිව්වන වසරේ සිටින විට ඉවතලන කම්බි වලින් මුදල් නිර්මාණය සදහා යොදාගන්නා තඹ, නිස්සාරණය කර ගන්නා ආකාරය පිලිබදව නිර්මාණයක් පවා ඉදිරිපත් කර තිබෙනවා. 1987 වර්ෂය සමයේ එරික් යුආන් Applied Mathematics සදහා තම උපාධිය ලබා ගත්තා. ඒ ෂැන්ඩොංග් විශ්ව විද්‍යාලයෙන්. මෙම වකවානුවේ ඔහු පරිඝණක විද්‍යාව සම්බන්ධවද කුඩා ඩිප්ලෝමක් හදාරා තිබුනු නමුත් අන්තර්ජාලය එවකට චීනය තුල නොතිබුනු නිසා ඔහුට එය වැඩිදුර අධ්‍යනය කිරීමට හැකි වුනේ නැහැ. අධ්‍යාපනයේ තවත් ඉදිරියට ගිය ඔහු තම මාස්ටර්ස් උපාදිය සදහා තෝරා ගත්තේ Geology Engineering නම් විෂයයි. ඒ සදහා ඔහුට බීජිං සරසවියට ඇතුලත් වීමට සිදුවුනු අතර ඔහුට තම පෙම්වතිය වූ ෂෙරී (Sherry) දැකීමට පැය 10ක පමණ ගමනක් යාමට සිදු වී තිබුනා. එවකට චීනය තුල ජංගම දුරකතන භාවිතා වුනේ නැති තරම්. තම පෙම්වතිය හමුවන්න මෙතරම් දුරක් යාමට සිදුවීම ඇත්තටම ඔහුට ලොකු ප්‍රශ්නයක් වුනා. ඔහු කල්පනා කලා ඔහුට මේ පැය 10ක් පුරා දුම්රියෙන් මෙලෙස ගමන් කරනවට වඩා ඇයව දැකගන්න යම් ක්‍රමයක් තිබුන නම් කොච්චර ලේසිද කියල. එහෙම ක්‍රමයක් නිර්මාණය කරන්න ඔහුට අවශ්‍යතාව තිබුනත් ඒකට අවස්තාවක් නැත්නම් වටපිටාවක් චීනය තුල එවකට නිර්මාණය වෙලා තිබුනෙ නැහැ. 

 

zoom2

Eric Yuan

බීජින් සරසවියේ සිටින කාලයේ එරික්ට අවස්තාවක් ලැබෙනව ජපානයේ පුහුණු වැඩමුලුවකට සහභාගී වෙන්න. මෙම වැඩමුලුවට ඇමරිකාවේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානියා මෙන්ම එවකටත් අද මෙන්ම ලොව සුපිරි ධනවතෙක් වූ බිල් ගේට්ස් (Bill Gates) මහත්මය පැමිණ තිබෙනවා. ඔහු මෙම වැඩමුලුවේදී නව තාක්ෂණයන් සමග දියුණු වන ලෝකය පිලිබදව දේෂණයක් සිදුකරල තිබුනා. මේ දේෂණය අතර තුර එරික් යුආන්ට හිතිල තියෙනව අන්තර්ජාලය පරිහරණය කරන්න පුලුවන් රටකට සංක්‍රමණය වුනොත් ඔහුට ඔහුගේ සිහින ජයගන්න පුලුවන් කියල. එවකට චීනය තුල අන්තර්ජාලය නොතිබුනු නිසා එරික් තීරණය කරනව ඇමරිකාවට සංක්‍රමණය වන්න. නමුත් එරික්ට එතරම්ම හොදට ඉංග්‍රීසි කතා කරන්න හැකියාවක් තිබිල නැහැ. එරික් ඇමරිකාවට යන්න අයදුම් කල වීසා අයදුම්පත නම වතාවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනව. නමුත් එරික් ආයේ වතාවක් ඇමරිකාවට වීසා ඉල්ලල තියෙනව ඒ අවස්තාවෙ ඔහුට අවස්තාව ලැබෙනව එක්සත් ජනපදයට යන්න. 

 

zoom3

Eric හා Sherry

මේ විදිහට 1997දී එරික්ට අවස්තාව ලැබෙනව ඇමරිකාවෙ කැලිෆෝනියාවේ පිහිටි ලොව වඩාත් තාක්ෂණික අතින් උසස්ම ප්‍රදේෂය ලෙස සැලකෙන සිලිකන් වැලී (Silicon Valley) ප්‍රදේෂයට එන්න. ඔහු මුලින්ම සම්බන්ධ වෙන්නෙ WebEx සමාගම සමග. ඒ එහි පුහුණු ඉංජිනේරුවෙක් වශයෙන්. එරික් පරිඝණක ඉංජිනේරු තාක්ෂණයේ දක්වන ලද අති දක්ෂතා නිසා ඔහුට මෙම සමාගමේ ඉහලට ඉතා ඉක්මනින් යන්න අවස්තාව ලැබුනා. 2007 වසරේදී මෙම සමාගම ඇමරිකාවේ තවත් ප්‍රකට තාක්ෂණික සමාගමක් වුනු Cicso System සමාගම විසින් මිලදී ගනු ලැබුවා. එවකට එරික් එම සමාගමේ ඉහල පෙල ඉංජිනේරුවෙක් වශයෙන් කටයුතු කරමින් ඉදල තියෙනෙව. 2011 වර්ෂය ආසන්න වකවානුවකදී ඔහු සමාගමට යෝජනාවක් ගෙන එනව ස්මාර්ට් ජංගම දුරකතන වල භාවිතා කල හැකි ඉතාමත් පහසු Video Conferencing System නැත්නම් Platform එකක් නිර්මාණය කරන්න. ඇත්තටම ඒක තමයි ඔහුට තිබුන හීනය. ඔහුගේ පෙම්වතිය දකින්න ඔහුට පැය 10ක දුම්රිය ගමනක් යන්න සිදුවීම නිසා ඔහු අතීතයේදී මෙවැනි නිර්මාණයක් සිදුවිය යුතු බවට සිහින දැකල තිබුන. ඒ වකවානුව වන විටත් වෙබ් කැමරා හරහා සංනිවේදන කිරීමට එකිනෙකා දැකීමට ජනතාවට අවස්තාව තිබුනත් එරික්ට අවශ්‍ය වෙලා තිබුනෙ නව තාක්ෂණයට ගැලපෙන විදිහෙ ජංගම දුරකතන සදහා භාවිතා කරන්න පුලුවන් ඉතාමත් පහසු ඇප් එකක් නිර්මාණය කරන්න. ඔහු Cicso System සමාගමට එලෙස 2011 වසරේ ඉදිරිපත් කල යෝජනාව තමයි “Zoom”. නමුත් ඔබ දන්නවද ඔහුගේ මෙම යෝජනාව 2011 වසරේදී Cicso සමාගම ප්‍රතික්ෂේප කලා. එය සාර්ථක නොවන දෙයක් විදිහටයි ඔවුන් හදුන්වා දුන්නේ. Facebook, WhatsApp එවකට පැවතුන නිසා මෙම නිර්මාණයට ඒවා සමග කරට කර තරග වදින්න බෑ කියලයි ඔවුන් සදහන් කලේ. මේ නිසා cicso සමාගමේ පාලනාදිකාරිය එරික්ගේ යෝජනාව ඉවත් කරන්න කටයුතු කලා. 

 

zoom4

Cisco System ආයතනය

මේ සිදුවීමෙන් එරික් යුආන් ගොඩක් කනස්සල්ලට පත් වුනා. ඒ වගෙම ඔහු කලකිරුන. මේ නිසා එරික් තීරණය කරනව Cicso System සමාගමෙන් ඉවත් වෙන්න. මේ අනුව ඔහු 2011 වසරෙදි එම සමාගමෙන් ඉවත් වෙලා ඔහුගේම සමාගමක් ලෙස Zoom Video Communication ආරම්භ කරනවා. Zoom සමාගම ආරම්භයේදී එතරම් ජනප්‍රිය නොවුනත් ක්‍රමයෙන් තම මෙහෙයුම් කටයුතු සාර්තකව කරගෙන ගියා. යුආන්ට ඕණ වුනේ ඔහුගේ සිහිනය සමාජය ඉදිරියේ තබල ඔහු පාරජය නොවුනු පුද්ගලයෙක් බව ලොවට කියන්න. 2011 වසරේ අප්‍රේල් මාසයේදී Zoom App එක නිල වශයෙන් අන්තර්ජාලයට නිකුත් කලාට පස්සෙ ක්‍රමයෙන් මෙය සමාගම් අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තා. 2013 වසරේදී zoom ඇප් එක ඕණම කෙනෙකුට download කරගන්න පුලුවන් විදිහට ඔහු නිර්මාණය කලා. ඉතාමත් ටික කලකින් එරික් යුආන්ට zoom පරිෂීලකයන් මිලියනයේ සීමාව පසුකර යන්න හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ විදිහට ක්‍රමයෙන් මේ ඇප් එක ජනප්‍රිය වෙන්න පටන් ගත්තාම එරික් හිතුව තමන්ගෙ සමාගමේ ජනප්‍රියත්වය වැඩි කරන්න. ඔහු තවත් මහන්සි වෙලා නව සේවකයන්ට අවස්තාව ලබා දෙමින් දක්ෂ වගෙම නවක මෘදුකාංග ඉංජිනේරුවන්ගේ අදහස් වලට කන් දෙමින් මේ මෘදුකාංගය වැඩි දියුණු කලා. එරික් සතුව නායකයෙක් වශයෙන්  තිබුණු ඉහලම ගුණාංගය තමයි තම සේවකයන්ගේ අදහස් උදහස් වලට ඇහුම්කන් දෙන එක. ඒ විදිහට ඔහු තම පිරිසගේ අදහස් අනුව තමයි මේ සුවිශේෂී ඇප් එක ක්‍රමයෙන් වැඩිදියුණු කලේ. 2017 වසරේදී Zoom සමාගම අති විශාල සාර්තකත්වයක් ලබමින් තම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසු කරන්න සමත් වුනා. මේ අනුව Zoom Video Communication සමාගම ඇමරිකා එක්සත් ජනපදයේ unicorn සමාගමක් බවට ශ්‍රේණිගත වුනා. Unicorn සමාගම් යනු වටිනාකම නැත්නම් valuation එක ඇමරිකානු ඩොලර් බිලියනයේ සීමාව පසුකරන ලද සමාගම් කාණ්ඩයටයි. මේ ආකාරයට ක්‍රමයෙන් දියුණු වුනු Zoom සමාගම 2019 වසරේදී තම පලමු කොටස් නිකුතුව සිදුකරමින් Public Company එකක් බවට පත් වුනා. 

 

zoom5

වර්තමානයේ Zoom video communication ආයතනය

2019 වසරේ නොවැම්බරයේ චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් 19 වෛරසය පැතිරීම ඇරඹුනේ මේ කාලයෙයි. නමුත් එවකට එය ගෝලීය වසංගතයක් බවට පත්වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ. Zoom සමාගමට උනත් ඒ පිලිබදව කිසිදු වැටහීමක් හෝ සැලැස්මක් තිබ්බේ නැහැ. මේ අතර ක්‍රමයෙන් චීනයෙන් අසල්වැසි රටවලටත් ඉතාලිය හරහා යුරෝපයත් අවසාන වශයෙන් එක්සත් ජනපදය හරහා මුලු ලෝකයටත් පැතිර ගිය කොරෝනා වෛරසය නිසා සමස්ත වශයෙන් මුලු ලෝකයේම සාමාන්‍ය ජනජීවිතය, කර්මාන්ත හා ව්‍යාපාරික කටයුතු සියල්ලක්ම කඩාගෙන වැටුනා. රටවල් සති ගණන් මාස ගණන් වසා තැබීමට සිදුවෙද්දී සමාගම් කලමානාකරුවන් හා සේවකයන් එකිනෙකා සම්බන්ධ වීමටත් ව්‍යාපාර තුල සිදුකිරීමට අවශ්‍ය වෙනස්කම් සදහා උපදෙස් ලබා දීමටත් යොදාගත හැකි හොදම මෘදුකාංගයක් නැත්නම් ඇප් එකක් පිලිබදව ලෝකයේම අවදානය යොමු වුනා. සැබැවින්ම කිව්වොත් කොවිඩ් 19 ව්‍යසනය සමයේ ඒ සදහා ලොවපුරා සෑම රටකම වාගේ ජනප්‍රියම ඇප් එක බවට පත් වුනේ zoom ඇප් එකයි. Zoom, online meetings, conference පවත්වන්න විතරක් නෙමෙයි දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නත් රටවල් ගණනාවක නිර්දේෂ වුනු හොදම ඇප් එක බවට මේ වකවානුවෙදි පත් වුනා. Zoom සමාගමේ ආදායම අහස් වෙඩිල්ලක් මෙන් එක පාරටම ඉහල යන්න පටන් ගත්තෙ මේ කාලයෙදි. 2021 වසරේ ජනවාරිය වන විට Zoom සමාගමේ ආදායම ඊට පෙර පැවති මට්ටමට හා සසදන කල 169% ක වර්ධනයක් පෙන්නුම් කරල තියෙනව. මේ හරහා එරික් යුවාන් බිලියන පතියෙක් වුනු අතර ඔහුගේ සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 16.4ක් පමණ වන බවයි වාර්තා වන්නේ. තමන් හා තම සමාගම ලද අති දැවැන්ත සාර්ථකත්වය සමග ජනතාවට හිතකර අයුරින් සේවය සැපයීමට Zoom සමාගම පියවර ගත්තා. ලොවපුරා රටවල් රැසක පාසැල් සදහා නොමිලේ Zoom පහසුකම් සැපයීමට ඔවුන් කටයුතු කලේ මේ අනුවයි.  

 

zoom6

 

ඔබත් Zoom භාවිතා කරන අයෙක් නම් ඔබේ ව්‍යාපාරික හෝ සේවා කරයුතු කරගෙන යන්න නැත්නම් ඔබේ අධ්‍යාපනික කටයුතු කරගෙන යන්න මේ ඇප් එක කෙතරම් පහසුවක් වුනාද කියල ඔබට යම් වැටහීමක් ඇති. නමුත් වඩාත් වැදගත්ම කාරණය නම් එරික් යුආන් නම් මේ සාමාන්‍ය චීන ජාතිකයා තම සිහිනය තම අධිෂ්ඨානය හබාගොස් එය ජයගත් ආකාරයයි. තම පෙම්වතිය බැලීමට පැය 10 ගමනක් එදා ගමන් කල ඔහුට අවශ්‍ය වූයේ තවත් පෙම්වතෙක්ට එම අපහසුතාවය ඇති නොවන ආකාරයේ සාර්තක විසදුමක් නිර්මාණය කිරීමටයි. ඔහුට පෙර වෙනත් පුද්ගලයන් ඔහුගේ ගැටලුව සදහා විසදුම් ලබාදුන්නත් එරික්ට අවශ්‍ය වුනේ ඔහුට තිබූ ගැටලුව ඔහුට අවශ්‍ය ආකාරයෙන් ලිහා ගැනීමටයි. ඒ නිසා තමයි ඔහු Facebook, WhatsApp තිබෙද්දී zoom නිර්මාණය කරන්නේ. ඔහුගේ සමාගම එය සාර්තක නොවන බව පවසද්දී ඔහු තමන්ගෙ සියලු දේ හකුලා ගෙන ඉන් ඉවත් වන්නේ විශාල අභියෝගයක් බාර ගනිමින්. නමුත් අද එරික් යුආන් යනු මුලු ලෝකයේම ආදරයට ගෞරවයට ලක්වන චරිතයක්. ඔහු වීරයෙක් ලෙසයි ලොවපුරා ප්‍රකටව ඇත්තේ. අද වන විට එරික් එදා තමන්ට මේ විශේෂ නිර්මාණය සිදුකරන්න මාර්ගය විවර කර පෙම්වතිය වුනු ශෙරී හා විවාහ වෙලා දරුවන් තිදෙනෙක්ද සිටිනව. 

@https://www.manthrana.com/